මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරමින් මහජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් ඇත්නම් ආණ්ඩුව කළ යුත්තේ මන්ත්‍රීවරු පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව ,ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බව විපක්ෂනායකවරයා කීය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සියලු වරදාන වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව කටයුතු කළත් ජනතාව වෙනුවෙන් කිසිවක් ලබා දීමට ආණ්ඩුව සූදානම් නැති බව පැවසූ ඒ මහතා මේ සියලු දේ සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලින් බව ආණ්ඩුව තේරුම් ගත යුතු යැයි ද පැවසීය .