ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට මන්ත්‍රීවරුන් පිරිසක් කර ඇති ඉල්ලීම එම කාරක සභාව පිළිගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේය.Sri Lanka Latest News
රාජ්‍ය සේවයේ විවිධ කාණ්ඩවල විධායක ශ්‍රේණි නිලධාරීන්ට ලබා දී ඇති පහසුකම් වලට සමාන අයුරින් තමන්ටද වාහන බලපත්‍රයක් ලබා දෙන ලෙස එම මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ධනාත්මක අයුරින් සලකා බැලූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 100 දෙනෙකු පමණ ඔවුන්ගේ පාවිච්චිය සඳහා තීරු බදු රහිතව වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් මෙලෙස ඉල්ලීමක් කළ බව ආරංචි මාර්ග පැවැසුවේය.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය එම ඉල්ලීමට ලැබීමත් සමග එය ක්‍රියාත්මක කළ හැකි මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලිපියක් මගින් දැනුම් දෙනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. -ලංකාදීප










