අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සතු දේපොළ හඳුනා ගැනීම සහ ලැයිස්තුගත කිරීම ආරම්භ කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවස ඊයේ (18) පරික්ෂාවට ලක් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම නිවසේ තිබූ ප්‍රශ්න සහගත භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
එම පරීක්ෂාවේ දී එම නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත විස්කි බෝතල් 120ක්ද හමු වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර වැඩබලන පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක කරමින් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලිසිය පැවසුවේ එම මෙහෙයුමට බුද්ධි අංශ සහයෝගයද ලබාගෙන ඇති බවය.
දේශබන්දු තෙන්නකෝන්ට සැඟව සිටීමට ආධාර අනුබලන දෙන පුද්ගලයින්ද මෙහෙයුමේදී අත් අඩංගුවට ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.











