සිසුන් පිරිසක් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ සිසුවෙකුට ශාරීරික අපහසුතා රැසක් මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිදුවූ ඛේදනීය පුවතක් වාර්තා වුයේ ගාල්ල ඉමදූව ප්‍රදේශයෙනි.Sri Lanka Latest News
ගාල්ලේ ඉමදූවේ ලෙසඳු සෙන්හිරු ශාරීරික අපහසුතා දරාගනිමින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටියි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පාසලක ඉගෙනුම ලබන ලෙසඳු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ඇද දමන්නේ පසුගිය 06 වනදා සිය පාසල ඉදිරිපිටදී සිදුවූ ගැටුමකි.
සුළු ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස ලෙසඳුට ඔහුගේම වයසේ සිසුන් 8 දෙනෙක් පමණ පහරදෙන්නේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පැවැත්වෙන අතරවාරයෙදීය.
පහර කෑමෙන් හිසට ඇතිවූ බරපතළ තුවාල සහිතව ලෙසඳු ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.
දින හයක් එහි ප්‍රතිකාර ලැබීමෙන් පසුව ලෙසඳු යළි නිවසට පැමිණෙන්නේ කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදිමේ අටියෙනි.
ඊට ඔහුගේ මව්පියන්ගෙන් වගේම පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙනුත් ලැබෙන්නේ නොමද ශක්තියකි.
කෙසේවෙතත් සිය අරමුණ වෙනුවෙන් අපහසුතා අමතක කර විභාගයට මුහුණ දෙන්නට තරම් ලෙසඳුගෙ සිත සවිමත් වේ.
ලෙසඳුට පහරදුන් පිරිස අතරින් බහුතරයක් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි.
නමුත්, දරුවන් අතර හටගන්නා සුළු සුළු ගැටුම් ඛේදවාවචකයන්ගෙන් අවසන්වීම, අවාසනාවට කරුණකි.










