එජාප ප්‍රබලයෝ ජනාධිපතිවරණයක් එපා කියයි!
හදිසි මහමැතිවරණයකට සූදානම් වෙයි!
රාජිතට සුජීවගෙන් ප්‍රහාරයක්!
සජිත්-රොෂාන් ඊළග පිම්මට සූදානම්!
දහතුන අසුබද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිය දෙවැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉකුත් 13 වැනි සඳුදා දිනය. සාමාන්‍ය ජනවහරේ සැලකෙන්නේ 13 යනු අසුබ ඉලක්කමක් ලෙසටය. ඒ නිසාද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැතත්, ජනාධිපතිවරයා 13 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමත් සමග එක පිට එක ආන්දෝලනාත්මක දේශපාලන පෙරළි රැසක් පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් දිගහැරෙනු දැකගැනීමට හැකි විය. මෙම දේශපාලන පෙරළි කොයි තරම් ආන්දෝලනාත්මකදැයි කියනවා නම් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැයටත් වඩා රටේ ජනතාවගේ අවධානය යොමුව තිබුණේ මෙම දේශපාලන පෙරළි වෙතය. ඉන් එක් පෙරළියක් වූයේ ක්‍රිකට් මුල්කරගෙන සිදුවූ දේශපාලන පෙරළියය. දෙවැන්න වූයේ දේශපාලනය හා බැඳුණු ආන්දෝලනාත්මක අධිකරණ තීන්දු කිහිපයක්ම එකපිට නිකුත් වීමය.
ජනප්‍රියත්වය පහත වැටිලා!
ජනාධිපතිවරයා ඉකුත් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම අයවැය සමග කවුරුත් නොදත් ප්‍රබල දේශපාලන මෙහෙයුමක්ද ගැටගැසී තිබිණි. ජනාධිපතිවරයා මීට මාස දෙකකට පමණ පෙරාතුව සිටම අයවැය සකස් කිරීම කළේ මෙම දේශපාලන මෙහෙයුම ඔළුවේ තියාගෙනය. ඒ සඳහා හේතුවී තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිතව තිබූ ණය මුදලේ දෙවැනි වාරිකය නොලැබී යෑමත් සමග කිසිවකුත් නොසිතූ පරිදි ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් ප්‍රතිරූපය දිගින් දිගටම කඩාවැටීමට පටන් ගෙන තිබීමය. වරෙක ප්‍රකට සමීක්ෂණ ආයතනයක් වූ වෙරිටේ රිසර්ච් ආයතනය මගින් කරනු ලැබ තිබූ මත විමසුමකට අනුව ආණ්ඩුවේ ජනප්‍රියතාව 9% දක්වා පහත වැටී තිබිණි. ඒ නිසාම බිඳවැටෙමින් පැවැති ඒ ජනප්‍රියතාව සහ ආණ්ඩුවේත්, ජනාධිපතිවරයාගේත් ප්‍රතිරූපය නැවත ඉහළ නංවාගත හැකි එකම තුරුම්පුව සහ විකල්පය ලෙස ආණ්ඩුවට ඉතිරිව තිබුණේ මෙම අයවැයය.
ප්‍රතිරූපය වැටිලා
ඒ අනුව ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සැලසුම් කර තිබුණේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිකිරීම, විශ්‍රාමිකයන්ගේ දීමනා වැඩිකිරීම ආදී ජනප්‍රිය අයවැය යෝජනා කිහිපයක් හරහා රට ඇතුළේ විශාල ප්රචාරක ව්‍යාපෘතියක් දියත් කොට බිඳවැටෙමින් පැවැති ජනප්‍රියතාව නැවත ඉහළ නංවා ගැනීමය. නමුත් කිසිවකුත් නොසිතූ පරිදි එම මෙහෙයුමට පරමාණු බෝම්බයක් වැනි ප්‍රහාරයක් එල්ල වූයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් වංචා දූෂණ රටට අනාවරණ කිරීමත් සමගය. එමෙන්ම රොෂාන් සිදුකළ අනාවරණයන් තවදුරටත් සාක්ෂි සාධක සහිතව තහවුරු කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීමත් සමග රටේම ඇස් යොමුව තිබුණේ අයවැයට නොව, රොෂාන් රණසිංහ දෙසත්, ක්‍රිකට් ආයතනය දෙසත්, සජිත් ප්‍රේමදාස දෙසත්ය. එමෙන්ම මේ හරහා ආණ්ඩුවේම යම් බෙදීමක් මතුව තිබූ ආකාරයකුත්, ආණ්ඩුවේ ප්‍රධානීන් නිරුත්තරව සිටි ආකාරයකුත් දැකගත හැකි විය.
රොෂාන් පන්නන්න
මේ හරහා සිදුවූයේ ආණ්ඩුව සකස් කර තිබූ දේශපාලන මෙහෙයුම සම්පූර්ණයෙන්ම කඩාවැටීමය. ඒ අනුව ජනාධිපතිවරයාත්, ජනාධිපතිවරයා වටා සිටින එජාපයට සම්බන්ධ ඉතා හිතවත්ම පුද්ගලයන් කිහිප දෙනකුත් පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වීමට පියවර ගත්හ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවූයේ ආණ්ඩුව මහත් අපහසුතාවකට පත්කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳවය. මෙහිදී දැනට පාර්ලිමේන්තුවේ නොමැති කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ප්‍රබලයකු ඉතා දැඩිව මේ සාකච්ඡාවේදී අවධාරණය කර සිටියේ වහාම රොෂාන් ඇමැති ධුරයෙන් පන්නා දැමිය යුතු යැයි කියාය.
එජාප ප්රබලයාගේ කතා
‘මෙයාව අයින් කරන්න. පන්නන්න. ඉවරයක් කරන්න….’ යනාදී වශයෙන් මෙම කොළඹ එජාප ප්‍රබලයා දැඩිව කියා සිටියත් එහි සිටි තවත් කිහිප දෙනකුම කියා සිටියේ එම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු නැති බවත්, මේ අවස්ථාවේදී රොෂාන් ඉවත් කිරීමට කටයුතු කළහොත් ආණ්ඩුවට එය තවත් අවාසිදායක වනු ඇති බවත්ය. ඒ නිසා ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ මතුව ඇති තත්ත්වය තරමක් සංසිඳෙන තෙක් රොෂාන් ඉලක්ක කරගෙන කිසිදු බරපතළ ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවය.
නත්තල් පප්පා නෑ
මීට අමතරව ජනාධිපතිවරයා තමන්ට හිතවත් තවත් කිහිප දෙනකු සමගද මෙම අර්බුදයෙන් ගොඩ එන ආකාරය පිළිබඳ තවත් විශේෂ සාකච්ඡාවක්ද පසුගිය සතියේ පවත්වා තිබිණ. එහිදී ජනාධිපතිවරයාගේ අදහස වී තිබුණේ අයවැය ඉදිරිපත් කිරීමත් සමග ක්‍රිකට් අර්බුදය වෙත යොමුව ඇති ජනතා අවධානය අවම වී අයවැය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙනු ඇතැයි කියාය. ඉන් අනතුරුව ජනතාව අයවැය ගැන කතාබහ කරනු ඇතැයි කියාය. නමුත් එයද කනපිට පෙරළී ගිය ආකාරයක් දැකගන්නට ලැබුණේ අයවැය ඉදිරිපත් කළද ඊට වැඩි ජනතා අවධානයක් යොමුවන ආකාරයක් දැකගන්නට නොලැබීම නිසාය.
ඡන්දෙට කලින් දාන අන්තිම එක!
ජනාධිපතිවරයා හා ආණ්ඩුව මේ ආකාරයට මෙවර අයවැය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට බලපෑ තවත් හේතු කිහිපයක්ද තිබිණි. ඉන් ප්‍රධානම එකක් වූයේ ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට පෙරාතුව ඉදිරිපත් කරන අවසන් අයවැය මෙය වන නිසාය. ආණ්ඩුවට ලබන වසරේදී ජනාධිපතිවරණයකට සහ මහ මැතිවරණයකට මුහුණ දීමට සිදුවන්නේ මෙම අයවැයෙන් ගන්නා දේශපාලන හයිය මතය. ඒ අනුව මෙවර හැකිතාක් ජනතාවට සහන දෙන ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කළ යුතු බව සියලු දෙනාගේම අදහස වී තිබිණ. නමුත් නත්තල් සීයා තෑගි බෙදන්නාක් මෙන් මෙවර අයවැයෙන් සහන ලබාදීමට නොහැකි ලෙස ආණ්ඩුවේ අතපය බැඳ දමා තිබූ තාක්ෂණික කරුණක්ද තිබිණි. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවා තිබූ කොන්දේසියකි. ආණ්ඩුව මූල්‍ය අරමුදලේ නිර්දේශ මත මහබැංකු පනත සම්මත කර තිබීම හේතුවෙන් දැන් හිතූ මනාපයට මුදල් අච්චු ගැසීම ආණ්ඩුවට සිදුකළ නොහැකිය. ඉකුත් කාලයේදී හිටපු මුදල් අමාත්‍යවරුන් වශයෙන් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ජනතාවට අත දිගහැර සහන දුන්නේ මේ ආකාරයට මහ බැංකුව හරහා මුදල් අච්චු ගැසීමෙනි. දිගින් දිගටම සිදුවූ මෙම ක්‍රියාවලිය හේතුවෙන් රට බංකොලොත් වීම දක්වාම ඇදගෙන යෑමට තරම් එය බරපතළ එකක් වී තිබිණි. නමුත් මේ වන විට මුදල් අච්චු ගැසීම කළ නොහැකි නිසා බදු බර වැඩිකිරීම හරහා රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජනාධිපතිවරයා මෙවර අයවැය මගින් යෝජනා කොට තිබිණි.
තවත් සාකච්ඡාවක්
නමුත් ඒ හරහා ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට සැලසුම් කර තිබුණද එය හතරගාතේ දා ඇදවැටීම නිසා වහාම පසුගිය සතියේදී ජනාධිපතිවරයා සහ ඔහුට සමීප හිතවතුන් අතර යළිත් වතාවක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. අතිශය තීරණාත්මක වූ මෙම සාකච්ඡාවට සහභාගි වී තිබුණේ එජාපයේ දැනට ඉහළ තනතුරු දරන කිහිප දෙනකු සහ ජනාධිපතිවරයාට ඉතා හිතවත්ම කිහිප දෙනකු පමණි. මෙම සියලු දෙනාම පාහේ පසුගිය කාලයේ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වීම ආණ්ඩුවට ඉතා වාසිදායක බවත්, ඒ හරහා නැවත වතාවක් ජනාධිපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාගත හැකි බවත්ය. නමුත් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව මතුවූ හදිසි අර්බුදය හමුවේ පැවැති මෙම සාකච්ඡාවේදී මුලින් ජනාධිපතිවරණයක් ඉල්ලූ මේ සියලු දෙනාම සිය ස්ථාවරය වෙනස් කරමින් ඊට හාත්පසින්ම වෙනස් ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම විශේෂ සිදුවීමක් විය.
මහඡන්දයක් තියන්න!
මෙහිදී සියලු දෙනාම ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ මතුව ඇති තත්ත්වය යටතේ දැන් නම් ජනාධිපතිවරණයක් පවත්වා කිසිසේත්ම ජය ගැනීමට නොහැකි යැයි කියාය. එසේ ජනාධිපතිවරණයක් පවත්වා පරාජයට පත්වුවහොත් ආණ්ඩුව පමණක් නොව සියලු දෙනාගේත්, එජාපයේත් දේශපාලනය අවසන් වනු ඇති බව ජනාධිපතිවරයාට පෙන්වා දුන් එම පිරිස, ඒ නිසා හොඳම විකල්පය වන්නේ හැකි ඉක්මනින්ම මහ මැතිවරණයකට යෑම බව අවධාරණය කළහ. එසේ වුවහොත් මහමැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළත් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටින බවත්, එජාපයෙන්ද මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ඒ හරහා උදාවනු ඇති බවත් ඔවුහු ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ.
ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියවෙන්නේ මුලින් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහසේ සිටි ජනාධිපතිවරයාද මෙම පැහැදිලි කිරීම හමුවේ මහ මැතිවරණයක් පැවැත්වීම දක්වා සිය අදහස වෙනස් කොට ගෙන ඇති බවය. එමෙන්ම එහිදී දැකගන්නට තිබූ පුදුම උපදවන කරුණ වූයේ මෙතෙක් මුලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට උදේ හවස කියමින් සිටි එජාප ප්‍රබලයන් සියලු දෙනාම පාහේ මේ වන විට මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට පල්ලම් බැස තිබීමය.
ජනපතිත් කැමැත්ත දෙයි!
අනෙක් අතට ඉදිරියේදී ආර්ථික අර්බුදයද ඉහළ යන ලකුණු පහළකොට තිබීම හේතුවෙන් ආණ්ඩුවට ඇති හොඳම විකල්පය වන්නේද ජනාධිපතිවරණයක් පවත්වනවා වෙනුවට මහ මැතිවරණයක් පැවැත්වීම බව ජනාධිපතිවරයාට හිතවත් පිරිසේ අදහස වී තිබේ. ඒ අනුව මෙතෙක් ජනාධිපතිවරණයකට යාමට හිතහදාගෙන සිටි ආණ්ඩුවේ ප්‍රධානීන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මහ මැතිවරණයක් පැවැත්වීමට හිත හදාගැනීමට ආණ්ඩුවට සිදුව ඇති බව පැහැදිලිය.
පොහොට්ටුවත් ලෑස්තියි
මේ ආකාරයට මතුවෙමින් පවතින දේශපාලන පෙරළියත් සමග ආණ්ඩුව හදිසි මහ මැතිවරණයකට යෑමට සැලසුම් සකස් කරමින් සිටින බවට වූ පණිවුඩය පොහොට්ටුවේ නායකකාරකාදීන්ටද ලැබිණි. ඒ අනුව විවිධ තැන්වලින් එම පණිවුඩය පරීක්ෂා කොට බැලීමේදී එම පුවත සත්‍යයක් බව ඔවුන්ටද දැනගන්නට ලැබිණි. ඒ අනුව වහාම පොහොට්ටුවේ මහමොළකරුවා වන බැසිල් රාජපක්ෂ තීන්දු කළේ හදිසි මහ මැතිවරණයක් සඳහා පොහොට්ටුව සූදානම් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමය. ඒ අනුව ගත් මුල්ම තීන්දුව වූයේ ලබන මාසයේදී මාසයේදී පොහොට්ටුවේ දෙවැනි සම්මේලනය පැවැත්වීමට තීන්දු කිරීමය. එසේ මහ සමුළුව පවත්වා පක්ෂය ප්රතිසංවිධාන කොට මාර්තු මාසය පමණ වන විට මහ මැතිවරණයක් සඳහා පක්ෂය සූදානම් කිරීම බැසිල්ගේ අරමුණ විය.
එමෙන්ම පසුගිය සතියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ඡාවක් කැඳවීමටද බැසිල් පියවර ගත්තේය. එහිදී බොහෝ දෙනා පෙන්වා දී තිබුණේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ජනවාරි මාසයේ සිට සිදුකරන බව ජනාධිපතිවරයා කියා සිටියත්, එම ගෙවීම් ආරම්භ වන්නේ අප්‍රේල් මාසයේ සිට වන බැවින් මාර්තු මාසයේදී පමණ මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවට උපකල්පනය කළ හැකැයි කියාය.
රොෂාන්ගේ පරමාණුව
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්තු කළ ක්‍රිකට් බෝම්බය මේ වන විට ආණ්ඩුව ඇතුළේත්, පාර්ලිමේන්තුව ඇතුළේත්, කෝප් කමිටුව ඇතුළේත් මහා ගිනි ජාලාවක් ඇතිකොට අවසානය. ආණ්ඩුව ඇතුළේ බෝම්බය පත්තු වුණේ ඇමැති රොෂාන් සිදුකළ අනාවරණය හේතුවෙන් කටඋත්තර නැතිව හතර ගාතේ දා ඇදවැටී තිබීම නිසාත්, සිතා සිටි ආකාරයට සහ සැලසුම් කළ ආකාරයට අයවැය මාකට් කරගැනීමට නොහැකි වීමත් නිසාය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීම සඳහා රොෂාන් රණසිංහ නොමැතිව විදේශ ඇමැති අලි සබි්‍රගේ නායකත්වයෙන් ඇමැති අනුකමිටුවක් පත්කරනු ලැබීය. එමෙන්ම මින් මත්තට කැබිනට් අනුමැතිය නොමැතිව ක්‍රිකට් අතුරු කමිටු පත්කළ නොහැකි බවට කැබිනට් තීන්දුවක් ගත් බවටද ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශ විය. නමුත් හැරෙන තැපෑලෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නිකුත් වූ මෙම නිවේදනය පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළ රොෂාන් කියා සිටියේ එවැනි කිසිදු කැබිනට් තීන්දුවක් නොගත් බවය.
රහස් පොලිසියට යයි!
මීට අමතරව පසුගිය සතියේ රොෂාන් තවත් බරපතළ හෙළිදරව් කිරීම් රැසක් මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග රැසක්ද ගෙන තිබිණි. ඉන් එක් හෙළිදරව්වක් වූයේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් මතුව ඇති බවත්, තමන්ට නිර්නාමික ඇමතුම් ලැබෙමින් පවතින බවත් පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටීමය. එතැනින් නොනැවතුණු රොෂාන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමටද පියවර ගත්තේය.
එමෙන්ම ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පැවරූ නඩුවේදී සභාපති විනිසුරුට පාර්ලිමේන්තුවේදී එල්ලවූ චෝදනා හේතුවෙන් ඒ මහතා නඩු විභාගයෙන් ඉවත් වූ අතර පසුගිය සතිය වන විට තවත් විනිසුරුවරුන් තිදෙනකු එම නඩු විභාගයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව සභාපති විනිසුරු විසින් අලුත් විනිසුරු මඬුල්ලක් ඒ වෙනුවෙන් පත්කිරීමට කටයුතු කළ අතර, ලබන සඳුදා වන තෙක් අතුරු කමිටුව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදී තිබූ ප්‍රතිඥාවක් හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට දමා තිබූ අතුරු තහනම දීර්ඝ නොකිරීමටද අභියාචනාධිකරණය පියවර ගෙන තිබිණි.
ප්‍රමෝද්‍යගේ ‘කුමන්ත්‍රණය’
මීට අමතරව පසුගිය සතියෙදී ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝi වික්‍රමසිංහ මහතාද නිවේදනයක් නිකුත් කරමින් තරග පාවාදීම් පිළිබඳවත්, තැරැව්කරුවන් පිළිබඳවත්, ක්‍රිකට් වැට්වීමේ කුමන්ත්‍රණයක් සහ කුමන්ත්රණකරුවන් පිළිබඳවත් මහා හෙළිදරව්වක් කර තිබිණි. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රමෝi නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙත දැනුම් දීමටද පියවර ගෙන තිබිණි. ඒ අනුව ලබන 21 වැනිදා විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට දැනටමත් ප්‍රමෝද්‍ය වෙත දැනුම් දීමක් කොට ඇති බවක් දැනගන්නට ඇත.
කෝප් එක පුපුරයි
කෙසේ වෙතත් පසුගිය සතියේ ක්‍රිකට් අර්බුදය තවදුරටත් පුපුරා ගියේ කෝප් කමිටුවේ සිදුවූ සිදුවීම් කිහිපයක් මුල්කරගෙනය. ඉකුත් අඟහරුවාදා දිනයේදී ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අතර ඒ අනුව සභාපති ෂම්මි සිල්වා ඇතුළු පිරිසක් ඊට එක්වීමට පියවර ගෙන තිබිණි. පැය 2ක කාලයක් පුරා තිබූ සාකච්ඡාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද එක්ව සිටි අතර එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකද කලකට පසු කෝප් කමිටුව හමුවට එක්ව සිටීමය. නමුත් එහිදී අනුර කුමාර ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙන් දැඩිව ප්‍රශ්න කර සිටින ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
රංජිත්ට චෝදනා!
කෙසේ වෙතත් මෙම කෝප් කමිටු රැස්වීම කරුණු 2ක් මුල්කරගෙන මහත් ආන්දෝලනයකට ලක්විය. ඉන් පළමු සිදුවීම වූයේ කෝප් කමිටුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වෙද්දී කෝප් සභාපති රංජිත් බණ්ඩාර විසින් බාධා කරනු ලැබූ බවට චෝදනා එල්ල වීමය. මෙහිදී බරපතළම චෝදනාව එල්ල කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. සජිත් පාර්ලිමේන්තුවේදී බරපතළ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ රංජිත් බණ්ඩාර කමිටුව උණුසුම් වෙද්දී දෙතොලට ඇඟිල්ල තබා කතා නොකරන ලෙසට යම් යම් පිරිස් වෙත සංඥා කරන ආකාරය දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍යවලට නිකුත් වී ඇති බවත්, ඒ හේතුවෙන් රංජිත් බණ්ඩාරගේ ක්‍රියාකලාපය පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බවත්ය.
පුතාත් කෝප් එකේ
සජිත් කළ එම හෙළිදරව්වෙන් පසු එදින සවස සිට සජිත්ගේ දුරකතනයට ඉස්පාසුවක් නොවීය. ඒ, විවිධ පුද්ගලයන් විසින් රංජිත් බණ්ඩාර හා ක්‍රිකට් ආයතනය අතර ඉකුත් කාලයේදී ඇතිකරගෙන තිබූ එකඟතාවන් සහ ක්‍රිකට් ආයතනය සමග තිබූ සබඳතා පිළිබඳ විවිධ තොරතුරු සජිත්ට දැනුම් දෙන්නට පටන්ගෙන තිබීම නිසාය. එහිදී ඇතැමුන් ඒ මොහොතේම ඊට අදාළ ලිපිගොනු හා ඡායාරූප සජිත්ට වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකිරීමටද පියවර ගෙන තිබිණි.
මෙම ඇමතුම්වලදී කිසිවකුත් නොදත් තවත් කරුණක්ද එක්තරා විශේෂ පුද්ගලයකු විසින් සජිත්ට දැනුම් දෙනු ලැබිණි. ඒ, රංජිත් බණ්ඩාරගේ පුතා වන කනිෂ්ක බණ්ඩාර නමැත්තකුද කෝප් කමිටු රැස්වීමට සහභාගි වී ඇති බවකි. මේ තොරතුර වාර්තා වීමත් සමග සජිත්ට යක්ෂාරූඪ විය. ඊට හේතු වූයේ විපක්ෂ නායක ලෙස තමන්ට මුදල් කමිටුවේ පවා අසුන් ගෙන කතා කිරීම තහනම් කර තිබියදී රංජිත් බණ්ඩාරගේ පුතා කෝප් කමිටුවේ අසුන් ගන්නේ කුමන පදනමක් මතද යනුවෙන් ප්‍රශ්නයක් මතුවීම නිසාය. එමෙන්ම ක්‍රිකට් කෝප් කමිටු රැස්වීමේදී පමණක් නොව ඊට පෙර පැවති විවිධ කෝප් කමිටු රැස්වීම් කිහිපයකදීම රංජිත් බණ්ඩාරගේ පුතා කෝප් කමිටුවේ අසුන් ගෙන ඇති බවටද සජිත් වෙත තොරතුරු වාර්තා විය.
ඒ අනුව සජිත් වහාම විවිධ පුද්ගලයන්ට කතාකරමින් මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට පියවර ගත්තේය. එදින රාත්‍රිය වනවිට ඒ සියලු තොරතුරු සත්‍ය බව තහවුරු කරගත් සජිත් ඊට අදාළ ඡායාරූප සියල්ලත් ගෙන්වා ගැනීමට පියවර ගත්තේය. ඒ, බ්‍රහස්පතින්දා දිනයේදී මෙම සියලු තොරතුරු පාර්ලිමේන්තුවේ හෙළිදරව් කිරීම සඳහාය.
පාර්ලිමේන්තුව ඇවිස්සෙයි
ඒ අනුව බ්‍රහස්පතින්දා දිනයේදී සජිත් පාර්ලිමේන්තුවේදී මෙම තොරතුරු දෙකම හෙළිදරව් කළේය. එහිදී රංජිත් බණ්ඩාර ක්‍රිකට් ආයතනය සමග ඇතිකරගෙන තිබූ එකඟතා සඳහන් ලියකියවිලිද සජිත් සභාගත කිරීමට පියවර ගත්තේය. අනතුරුව රංජිත් බණ්ඩාරගේ පුතා වූ කනිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවේ අසුන් ගැනීම පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ සජිත්, ඊට අවසරයක් තිබේද යන්න කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටීමටද පියවර ගත්තේය. එහිදී කතානායකවරයා කියා සිටියේ විපක්ෂ නායකවරයාට මුදල් කමිටුවේ අසුන් ගෙන කතා කිරීමට ඉඩ නොදීම වැරැදි ක්‍රියාවක් බවත්, පිටස්තර පුද්ගලයන්ට කෝප් කමිටුවේ අසුන් ගැනීම කළ නොහැකි බවත්ය. තමන් ඒ පිළිබඳ සොයා බලන බවද කතානායකවරයා එහිදී සජිත්ට කියා සිටියේය.
ලියුම එළියට
කෙසේ වෙතත් මේ පිළිබඳ තවදුරටත් සොයාබලද්දී අපටද දැනගන්නට ලැබුණේ රංජිත් බණ්ඩාරගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් කනිෂ්ක බණ්ඩාරට එම අවසරය ලබාදී ඇති බවකි. ඊට අදාළ ලිපිය නරේන්ද්‍ර නිකුත් කොට තිබුණේ 2022.10.13 වැනි දිනය. එහි මෙසේද සඳහන්ය.
‘යොමුගත ලිපිය මගින් අපේක්ෂිත පරිදි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ සභාපතිවරයා වශයෙන් ඔබතුමන් කටයුතු කරන බැවින් ඔබතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, අංක 199970420789 දරන ජාතික හැඳුනුම්පත හිමි, ආර්.ඩබ්.ටී.එම්.ඩී.කේ. බණ්ඩාර මහතා හට ඔබතුමන් පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවලදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ අනුමත ආරක්ෂක අවශ්‍යතාවන්ට යටත්ව, පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ රාජකාරි ස්ථානය වෙත ප්‍රවේශ වීම සඳහා මෙයින් අවසර දෙමි…’ යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබිණි.
වෙන කෙනෙක් දාන්න!
ඒ අනුව සජිත් ඇතුළු විපක්ෂයේ ඉල්ලීම වූයේ බරපතළ චෝදනා එල්ල වී ඇති කෝප් සභාපති රංජිත් බණ්ඩාර මහතා වහාම එම ධුරයෙන් ඉවත් කොට වෙනත් මන්ත්‍රීවරයකු කෝප් කමිටු සභාපතිවරයා වශයෙන් පත්කළ යුතු යැයි කියාය. විශේෂයෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත නැවත වතාවක් ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බැවින් කිසිසේත්ම රංජිත් බණ්ඩාර එහි සභාපතිවරයා වශයෙන් අසුන් නොගත යුතු බවද විපක්ෂයේ ස්ථාවරය විය.
විශ්වාසභංගය ලෑස්තියි
යම් හෙයකින් කතානායකවරයා එම ඉල්ලීමට අහුම්කන් නොදෙන්නේ නම් සමගි ජන බලවේගය රංජිත් බණ්ඩාරට එරෙහිව මේ වන විට තවත් විශේෂ තීන්දුවක් ගෙන තිබේ. ඒ, කෝප් කමිටුව තුළ රංජිත් බණ්ඩාරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඡන්දයක් විමසා ඒ හරහා රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධුරයෙන් ඉවත් කිරීමටය. ඒ අනුව කෝප් කමිටුවට විශ්වාසභංග යෝජනාව ගෙන ඒමටත්, ඒ සඳහා සති අන්තයේදී මන්ත්‍රීවරුන්ගේ අස්සන් ගැනීමටත් සජබය මේ වන විට සැලසුම් සකස් කොට ඇති බව ආරංචිය.
ඩබල් ගේම්කාරයෝ
මේ අතර පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ක්‍රිකට් සම්බන්ධ ප්රශ්නය පැනනැගුණු අවස්ථාවේදී විපක්ෂයේ ස්වාධීනව අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන්ගෙන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ සජබ මන්ත්‍රීවරුන් මුණගැසී ක්‍රිකට් ප්රශ්නය යටගසා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කොට තිබූ බවකි. මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේදී මෙම මෙහෙයුමේ යෙදී සිටියාට අමතරව ඇතැම් මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම් පවා ලබාදෙමින් මෙම ඉල්ලීම කළ ආකාරයක් අපි එහිදී වාර්තා කළෙමු.
කෙසේ වෙතත් පසුගිය සතියේදී සජබ මන්ත්‍රීවරු මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පිළිබඳ සජිත්ට පැමිණිලි කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් සජිත්ගෙන් ඉල්ලා සිටියේ මේ ආකාරයට විපක්ෂයේ සිට ඩබල් ගේම් ගසන මෙවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් රටට හෙළිදරව් කළ යුතු බවකි. එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන කිසිදු මැතිවරණයකදී මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා හට සමගි ජන බලවේගයෙන් හෝ සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා ලබා නොදීමට පියවර ගත යුතු බවද ඔවුන්ගේ ස්ථාවරය විය. මන්ත්‍රීවරුන්ගේ චෝදනාව අසා සිටි සජිත්ද කියා සිටියේ මෙවැනි දෙපිටකාට්ටු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත්, ඔවුන්ට කිසිසේත්ම සජබයෙන් නාමයෝජනා ලබා නොදෙන බවත්ය.
ජනපති මාධ්‍ය හමුව
ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා දිනයේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කර්තෘවරුන් හමුවූයේ මෙවැනි වාතාවරණයක් මැද්දේය. සාකච්ඡාව ආරම්භ වී මොහොතක් යද්දී ජංගම දුරකතනවලට ලැබුණු කෙටි පණිවුඩවලින් කියැවුණේ අයි.සී.සී. ක්‍රිකට් තහනම ඉවත් කරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් විදේශ ඇමැති අලි සබි්ර මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීමට තීන්දු කර ඇති බවත්, මින් මත්තට කැබිනට් අනුමැතියකින් තොරව අතුරු කමිටු පත්කළ නොහැකි බවට කැබිනට්ටුවේදී තීන්දුවක් ගෙන ඇති බවත්ය. ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ විශේෂ නිවේදනයක් මගින් මෙම දැනුම්දීම කර ඇති බවත් එම කෙටි පණිවුඩයේ දක්වා තිබිණි. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙම කෙටි පණිවුඩය නිකුත් කොට විනාඩි කිහිපයක් යෑමට මත්තෙන් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මෙම පුවත ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් සිදුකිරීමය. එහිදී රොෂාන් කියා සිටියේ කැබිනට්ටුවේදී එවැනි කිසිදු තීන්දුවක් නොගත් බවකි. එම පණිවුඩය ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුව පැවැත්වෙන මොහොතේදීම ජංගම දුරකතනවලට ලැබුණු ආකාරයක්ද දැකගන්නට හැකි විය. ඒ අනුව හමුවේ සිටි එක් කාර්තෘවරයෙක් ජනාධිපතිවරයාගෙන් මේ බව විමසද්දී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් වැටුණු රට ගොඩගත් ආකාරයටම වැටුණු ක්‍රිකට්ද ගොඩගැනීමට කටයුතු කරනවා යැයි කියාය.
නන්දලාල් සිරිවර්ධන නෑ
කෙසේ වෙතත් අයවැය ඉදිරිපත් කොට තිබියදී මෙම මාධ්‍ය හමුව කැඳවීමේ ප්‍රධාන අරමුණක් වී තිබුණේ අයවැය සම්බන්ධ කරුණු මෙන්ම ආර්ථිකය සම්බන්ධ කරුණු පැහැදිලි කර දීමය. නමුත් එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආර්ථික ක්ෂේත්රය සම්බන්ධයෙන් කතා කළ හැකි ප්‍රධානම පුද්ගලයන් දෙදෙනා වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේත්, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේත් මුහුණු එම හමුවේ දැකගන්නට නොලැබීමය. වෙනදා නම් ආර්ථිකය සම්බන්ධ ආණ්ඩුවේ සාකච්ඡාවලදී මේ දෙදෙනා නිත්‍ය සාමාජිකයන් වුවද, ඔවුන් දෙදෙනාම එහි නොසිටීම මාධ්‍ය ප්රධානීන්ටද ප්‍රශ්නයක් වී තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාට අමතරව ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක එච්. සමරතුංග යන මහත්වරුන්ය.
මහින්ද එයි!
කෙසේ වෙතත් සාකච්ඡාව ආරම්භ වී සැලකිය යුතු කාලයක් ගෙවී යන විට එක්වරම සභාවේ තිබූ දොර විවෘත වී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සාකච්ඡා මේසයට පැමිණි ආකාරයක් දැකගන්නට ලැබිණි. මහින්ද සිරිවර්ධන එසේ පැමිණියේම ලොකු හිනාවක් මුහුණේ තබාගෙනය. ඊට හේතුවී තිබුණේ වෙන කිසිවක් නොව, පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා නොදීම හේතුකොට ගෙන මහින්ද සිරිවර්ධනට එරෙහිව පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබීමය. ඒ වන විටත් අදාළ නඩු තීන්දුව පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයා වෙතද වාර්තා වී තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ මුහුණේද ප්‍රසන්න සිනාවක් තිබෙනු කාටත් දැකගත හැකි විය.
ඊළඟ තීන්දුවත් එයි
ඒ අතරවාරයේ කිසිවකු නොදන්නා තවත් විශේෂ නඩුවක්ද අධිකරණය හමුවේ දිගහැරෙමින් තිබිණි. ඒ, සමගි ජන බලවේගය ප්රමුඛ කණ්ඩායම් කිහිපයක් විසින් රට බංකොලොත් කළ බවට රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායමකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීමය. එම තීන්දුවෙන් රට බංකොලොත් වීමට රාජපක්ෂවරුන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබිණ. ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා පැමිණ ජංගම දුරකතනය ජනාධිපතිවරයාට ලබාදුන් ආකාරයක් සියල්ලන්ටම දැකගත හැකි විය. එම ඇමතුමට පිළිතුරු දෙද්දී එතෙක් ප්‍රසන්නව තිබූ ජනාධිපතිවරයාගේ මුහුණ අඳුරු වී යන ආකාරයක් සියලු දෙනාටම දැකගන්නට ලැබිණි. එමෙන්ම ජනාධිපතිවරයාද තමන්ට ඇමතුම ලබාදුන් තැනැත්තාගෙන් යම් යම් කරුණු කාරණා විමසන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව බොහෝ දෙනාට වැටහී ගිය කාරණාවක් වූයේ රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කිසියම් අයකු විසින් ඒ මොහොතේ දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බවය. ඇතැම් විට එම ඇමතුම ලබාදුන්නේ නීති ක්ෂේත්රයට සම්බන්ධ ප්‍රබලයකුද එසේත් නැත්නම් රාජපක්ෂ පවුලේ කිසිවකුද යන්න නොදන්නා නමුත් බොහෝ දෙනා අනුමාන කොට සිටියේ එම තැන් දෙකෙන් එකකින් මෙම ඇමතුම ජනාධිපතිවරයාට ලැබී ඇති බවකි.
ගමන 2025දී
මෙහිදී ප්‍රශ්න ඇසීමේ වටයේදී තවත් හොඳ හොඳ කරුණු ගණනාවක් ජනාධිපතිවරයා විසින් හෙළිදරව් කළ ආකාරයක්ද දැකගත හැකි විය. වරක් කර්තෘවරයෙක් ප්‍රශ්න කර සිටියේ මෙවර අයවැයෙන් ලබාදී ඇති වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක වීම මාස ගණනකින් ප්‍රමාද කොට ඇත්තේ මන්ද යැයි කියාය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් යෝජනා ක්‍රියාත්මක වීම මාස 6කින් පමණ පසු සිදුවන බවකි. මෙය ඇරඹුමක් පමණක් බවත්, රට සංවර්ධනය කරන ගමනට ප්රවිශ්ට වන්නේ 2025 සිට බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එවිට තවත් මාධ්‍ය ප්‍රධානියෙක් රාජ්‍ය සේවකයන් සහ වෘත්තීය සමිති රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට ජනාධිපතිවරයා සිනාසෙමින් ලබාදුන් උත්තරයෙන් මෙතෙක් අයවැය සකස් කිරීමේදී මුදල් අමාත්‍යවරුන් විසින් ආරක්ෂා කරගත් රහස්‍යභාවයේ මූලධර්මය බිඳවැටීමකට ලක්ව ඇති බව තහවුරු විය.
‘අපි මේ ගැන මාස ගානක් සාකච්ඡා කළා. අපේ සැලසුම වුණේ රුපියල් 10,000ක පඩි වැඩිවීමක් කරන්න. හැබැයි ඒක ලීක් වුණා. ඒ පාර තමයි වෘත්තීය සමිති රුපියල් 20,000ක් ඉල්ලලා පාරට බහින්න පටන් ගත්තේ…’ යන්න එහිදී ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුර විය.
අනතුරුව අයවැයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හෝ යම් පණිවුඩයක් හෝ ලැබුණාද යනුවෙන් තවත් ප්‍රශ්නයක් ජනාධිපතිවරයාට යොමුවිය. ඊටද සිනාසෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට මූල්‍ය අරමුදලෙන් තවමත් පණිවුඩයක් නොලැබුණු බවත්, මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට එහි උපදෙස්වලට අනුව මෙම අයවැය සකස් කළ බවත්ය. එහිදී නැවත වතාවක් ජනාධිපතිවරයා සුපුරුදු කතාව සිහිපත් කරමින් මැයි මාසය දක්වා අසීරු ගමනක් යෑමට ඇති බවද සඳහන් කර සිටියේය.
අපේ කතාව තහවුරුයි
ඊළඟ ප්‍රශ්නයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන්ම ඉදිරිපත් වූවක් විය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සිදුකරනු ලැබූ සුවිශේෂ අනාවරණයක් මුල්කරගෙන මෙම ප්රශ්නය යොමු වීමය. අප පසුගිය සතියේදී මෙම තීරය ඔස්සේ කියා සිටියේ මේ වන විට මූල්‍ය අරමුදල මගින් පමාකොට ඇති දෙවැනි වාරිකය ලබාදීම සඳහා අලුත් කොන්දේසි 3ක් ඉදිරිපත් වී ඇති බවය. අප එය අනාවරණ කළේ මේ ආකාරයට.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආණ්ඩුකරණය මුල්කරගෙන විශේෂ වාර්තාවක් පසුගිය කාලයේ ආණ්ඩුව වෙත භාරදීමට පියවර ගෙන තිබිණි. එම වාර්තාව හරහා විශේෂ යෝජනා 3ක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට තිබූ අතර, වහාම මෙම යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද එම වාර්තාවෙන් දක්වා තිබිණි.
ඉන් පළමුවැනි යෝජනාව වී තිබුණේ ජනාධිපති, මැති ඇමැතිවරුන් මෙන්ම ආණ්ඩුවේ නිලධාරීන්ද වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කළ යුතු බවය. දෙවැනි යෝජනාව වී තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් ආයතනයක් බවට පත්කිරීමය. මේ යෝජනා දෙකම ඉටුකළ හැකි මට්ටමේ යෝජනා වුවත් තුන්වැනි යෝජනාව තරමක් බරපතළ එකක් වී තිබිණි. එම තුන්වැනි යෝජනාවෙන් කියැවුණේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන ආයතනයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඉහළ නිලධාරීන් පත්කිරීම එම ව්‍යවස්ථාදායක සභාව හරහා සිදු කරන බැවින් එම පත්කිරීම් නැවත සමාලෝචනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන කමිටුවක් පත්කළ යුතු බවත්ය.
අපි කරපු හෙළිදරව්ව!
‘මූල්‍ය අරමුදල මෙම යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුව සමග පමණක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගත් කතා කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඔවුන් අවධාරණය කොට තිබුණේ මෙම යෝජනා ඉටුකළහොත් පමණක් දැනට අස්සන් කොට ඇති දෙවැනි වාරිකය ලබාදීමේ කාර්ය මණ්ඩල ගිවිසුම විධායක සභාවට ඉදිරිපත් කොට සම්මත කළ හැකි බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් දැනට කොළ එළියක් පත්තු වී ඇත්තේ තුන්වැනි යෝජනාව වූ ව්‍යවස්ථාදායක සභාවට ඉහළින් තවත් ස්වාධීන කමිටුවක් පත්කිරීමේ යෝජනාවට පමණි. අනෙක් යෝජනා දෙකටම තවමත් ආණ්ඩුව පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව මූල්‍ය අරමුදල මගින් දෙවැනි වාරිකය ලබාදීමේ කටයුතුද මේ වන විට ඇත්තේ බරපතළ අවිනිශ්චිත තත්ත්වයකය. නියමිත කාල රාමුව අනුව කටයුතු කළේ නම් මේ වන විට ලංකාව සිටින්නේ මූල්‍ය අරමුදලෙන් තුන්වැනි වාරිකයද ලබාගැනීමේ වටපිටාවකය. නමුත් කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් සහ තවත් අලූත් කොන්දේසි ඉදිරිපත් වීම හේතුවෙන් මේ වන විට ආණ්ඩුව පත්ව ඇත්තේ මූල්‍ය අරමුදලෙන් දෙවැනි වාරිකයද නොලැබෙන වටපිටාවකය.’
ජනපති තහවුරු කළා
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අප කළ මෙම අතිවිශේෂ අනාවරණය ජනාධිපතිවරයා ඊට ලබා දුන් පිළිතුරෙන් තහවුරු කොට සිටීමය.
‘ඉල්ලීම් කිහිපයක් එවලා තියෙනවා. ඒ ඉල්ලීම්වලින් එකකට අපි එකඟ වෙලා තියෙනවා. ඒ අය ඉල්ලලා තියෙනවා ඉහළ පත්කිරීම් සිදුකිරීමේදී ව්‍යවස්ථාදායක සභාවෙන් කරන නිර්දේශ නිවැරැදිද කියලා බලන්න තවත් ඉහළ සහ අතිශය ස්වාධීන ආයතනයක් පත්කරන්න කියලා. ඒක ගැන අපිට එකඟතාවකට එන්න පුළුවන්’ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය සතියේ අප කළ අනාවරණය 100%ක්ම නිවැරැදි බව තහවුරු කරමිනි.
ඉන් අනතුරුව තවත් මාධ්‍ය ප්‍රධානියකු විසින් අයවැයට විපක්ෂයෙන් සහ ආණ්ඩුව ඇතුළෙන්ම එල්ල වන ප්‍රහාර පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර, හෙතෙම පෙන්වා දුන්නේ 2023 අයවැය මගින් ඉදිරිපත් කළ අයවැය යෝජනාවලින් 70%ක් පමණ ඉටුකොට නොමැති බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇති බවය. ජනාධිපතිවරයා ඊටද සිනාසෙමින්, ‘ආණ්ඩුවේ කිසි කෙනෙක් එහෙම කියලා නෑ. අයවැය ඉදිරිපත් කළාට පස්සේ විපක්ෂයත් මට සුබපැතුවා. හැබැයි තැන් තැන්වල කියනවද මම දන්නෙ නෑ’ යනුවෙන් කියා සිටියේය.
නාමල් ගැහුවා
නමුත් ප්රශ්නය වී තිබුණේ ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන විටත් ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීවරයකු වූ නාමල් රාජපක්ෂ සහ විපක්ෂයේ ආර්ථික විෂය දන්නා ප්‍රධානියකු වූ ඉරාන් වික්රමරත්නත් ජනාධිපතිවරයාගේ අයවැයට ප්‍රබල විරෝධයක් එල්ල කොට ඇති බවක් ජනාධිපතිවරයා නොදන සිටීමය. නාමල් වරක් නොව දෙවතාවක්ම මාධ්‍ය හමුවේ කියා සිටියේ ඉකුත් වතාවේ ඉදිරිපත් කොට තිබූ අයවැය යෝජනා මෙවර අයවැයෙන්ද ඉදිරිපත් කොට ඇති බවත්, රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය යෝජනා කිසිවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කොට නැති බවත්ය.
එමෙන්ම සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ආරම්භ කළ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරුන් ඩිස්නිලන්තයේ චාරිකාවක් ගෙනගොස් ඇති බවය. අයවැය ‘ෆේල්’ බව කියා සිටි ඉරාන් මෙම අයවැයෙන් රට ගොඩනැගිය නොහැකි බවත්, මෙය සම්පූර්ණයෙන්ම විහිළුවක් බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් මේ ප්‍රශ්නයෙන් අනතුරුව ජනාධිපතිවරයා තවත් මාධ්‍ය ප්‍රධානීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගියේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා කළේ තවදුරටත් කතා නොකොට අයවැය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට මුදල් අමාත්‍යාංශයේ උපදේශක එච්. සමරතුංග මහතාට අවස්ථාව ලබාදීමය.
රාජිත අයෙත් මාරුවෙයි
අයවැය යෝජනාවලිය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් පසු එදිනම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී අයවැයේ දුර්වලතා පිළිබඳවත්, අයවැය විවාදයේදී සජබය විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්, අයවැයට විවේචන ඉදිරිපත් කිරීමේදී සාධක සාක්ෂි සහිතව එය ඉටුකළ යුතු ආකාරය පිළිබඳවත් දීර්ඝව කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ අනුව සාකච්ඡාව අවසාන වී එළියට පැමිණි කබීර් හෂීම්, සරත් ෆොන්සේකා, නලින් බණ්ඩාර, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් අයවැය දැඩිව විවේචනය කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂ සිදුවීම වූයේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පමණක් අයවැයට හොඳ කියමින් ප්‍රකාශයක් ලබාදීමය. රාජිත එහිදී කියා සිටියේ අයවැයෙන් සාධනීය යෝජනා රැසක් ඉදිරිපත් කොට ඇති බවත්, මේ අයවැය යූ.ඇන්.පී. අයවැයක් බවත්, ඊට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුකාරයන්ට පමණක් බවත්ය.
හතරවටෙන්ම විරෝධය!
මේ ආකාරයට රාජිත, ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් හොඳ කිව්වේ වරක් දෙවරක් නොවේ. පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා වර්ණනා කරමින් අදහස් දැක්වූ රාජිත ප්‍රසිද්ධියේම කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් තමන් ආණ්ඩුවට එක්වී සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු විසඳා දීමට සූදානම් බවය. මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගෙන් දැඩි විවේචන එල්ල වීමත් සමග සජිත් වතාවක් රාජිතගෙන් නිදහසට කරුණු විමසීමටද පියවර ගෙන තිබිණි. එමෙන්ම කාලයක් පක්ෂයේ කටයුතුවලින් රාජිත ඉවත් කොට තැබීමටද කටයුතු කෙරිණි. නමුත් පසුව රාජිත ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් නොමැති බවත්, එවැනි ආණ්ඩුවකට තමන් කිසිසේත්ම එකතු නොවන බවත් කියමින් නැවත වතාවක් සජබය සමග එක්ව කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් මෙවර රාජිත අයවැය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මුල්කරගෙන නැවත වරක් මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම ආසන සංවිධායකවරුන්ගෙන් දැඩි විරෝධයක් රාජිතට එල්ල වන්නට පටන්ගෙන තිබිණි. සජබ ප්‍රධානීන්ට කතා කළ සියලු දෙනාම පාහේ පෙන්වා දී තිබුණේ රාජිත සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත්, මෙවැනි දෙබිඩි පිළිවෙතක් ඇති පුද්ගලයන් පක්ෂය ඇතුළේ තවදුරටත් තබාගත යුතු නැති බවත්ය.
සුජීවගෙන් ප්‍රහාරයක්
මෙවැනි පසුබිමක් මතුව තිබියදී පසුගිය ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සජබ මන්ත්‍රී පී. දිගම්බරම් විසින් දීපවාලි උත්සවය නිමිත්තෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණි. ඊට සජබ නියෝජිතයන්ට ආරාධනා කර තිබූ අතර රාජිතද ඊට සහභාගි වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රංජිත් මද්දුමබණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් අයවැය විවේචනය කරමින් අදහස් දක්වමින් සිටියදී රාජිතද එතැනට පැමිණීමෙන් පසු උණුසුම් වචන හුවමාරුවක් සුජීව හා රාජිත අතර සිදුවීමය. අයවැය හොඳ බවට රාජිත කර තිබූ ප්‍රකාශයට විරෝධය පළකරමින් සුජීව කියා සිටියේ මෙවැනි ප්‍රකාශ සිදුකළ පසු විපක්ෂය දේශපාලනය කරන්නේ කෙසේදැයි කියාය. රංජිත් මද්දුමබණ්ඩාරද එහිදී කියා සිටියේ රාජිත කළ ප්‍රකාශය සාධාරණ නැතැයි කියාය.
මෙහිදී රාජිතද තම කතාව සාධාරණීකරණය කරමින් අදහස් දැක්වීමට පටන් ගැනීමත් සමග සුජීවට යකා නැග්ග ආකාරයක් දැකගන්නට ලැබිණි.
‘මොනවද ඇමැතිතුමා මේ කියන කතා? ඔබතුමා ඔහොම කතා කළාම කොහොමද විපක්ෂය රෙද්දක් ඇඳගෙන දේශපාලනය කරන්නේ? මොකද්ද මේ අයවැයේ තියෙන හොඳ? ඔබතුමා වගේ අයත් එක්ක වැඩ කරනවට අපිට මඩුවලිගෙන් ගහන්න ඕනෙ…’ යැයි කියමින් සුජීව, රාජිතගේ මුහුණටම බැණවදිද්දී රාජිතද ඊට පිළිතුරු දෙන්න යෑමෙන් උණුසුම් වචන හුවමාරුවක් දෙදෙනා අතර සිදුවූ ආකාරයක් දැකගත හැකි විය.