වැලිකඩ බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වසන්ත කුමාර නැමැත්තාගේ මත්කුඩු ජාවාරම මෙහෙයවමින් එහි මූල්‍ය කටයුතු පරිපාලනය කළ ප්‍රධානියා අද (26) ගම්පහ ඉඳිගොල්ලේ ප්‍රදේශයේ දි මත්කුඩුත් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලඇණිය මගින් අත් අඩංගුවට පත් වි තිබේ. (Sri Lanka Latest News)
ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින් ගම්පහ ඉදිගොල්ලේ සුඛෝපභෝගී නිවසක් මාසිකව රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන ඔහු ජීවත් වෙමින් සිට ඇත.
මෙම පුද්ගලයා පිළිබඳ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබෙන්නේ පසුගිය 17දා කෝටි තුන හමාරකට වඩා වටිනා හොරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන කළ ප්‍රශ්න කිරිම්වලදීය.
ඒ ඔස්සේ කළ ආවේශන රාජකාරිවලදී බුද්ධි නිලධාරින් විසින් ලබාගත් තොරතුරු ප්‍රකාරව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරු සතුව තිබූ නවින පන්නයේ ටොයොටා ඇක්සියෝ මෝටර් රථයක්. ජාවාරම සඳහා යොදා ගත් දුරකථන 08ක්. සිම්පත් 10ක්. බැංකු කාර්ඩ්පත් 07ක්. බැංකු පොත් 03ක් සමග සන්තයේ තිබු හොරොයින් මිලි ග්‍රෑම් 6430ක් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම අපරාධකරු මින් පෙර විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කිරිම පිළිබඳ නඩු 187ක් සඳහා අධිකරණයෙන් වරදකරු වි ලබා දුන් වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවා දමා පැමිණි අයෙකි.
ඔහු බන්ධනාගාරයේ දි හඳුනා ගත් වසන්ත කුමාර නැමැත්තා සමග ඔහුගේ මත්කුඩු ජාලයේ මුදල් පරිපාලනය සඳහා එක් වි තිබේ.
මෙම තැනැත්තා ගම්පහ ඉදිගොල්ල නිවසට පැමිණ ඇත්තේ මිට මාස 07කට පෙරය.
lankasara