තෙවැනි වතාවටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම උත්සවයේ අත්භූත සතෙකු සිටින වීඩියෝවක් අද (10) සමාජ මාධ්‍ය කැළඹුවේය.Sri Lanka Latest News
භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් දිවුරුම්දීමෙන් අනතුරුව ඔහු ජනාධිපති ද්‍රෞපදී මුර්මු ආචාර කරන අවස්ථාවේදී සමාජ මාධ්‍ය කැළඹු එම වීඩියෝව පටිගතකර තිබිණි.
සමාජ මාධ්‍ය පරිශීලකයෝ බොහෝ පිරිසක් එම සත්වයා දිවියෙක් විය හැකි බවට මත පළකළ අතර ඇතැම් පරිශීලකයන් එම සත්වයා ආරක්ෂක සුනඛයෙකු හෝ වෙනත් සුරතලෙකු විය හැකි බවට මතපළ කළහ.









