• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

June 14, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ හැමදේම වැරදි විදියටයි සාමාන්‍යයෙන් සලකන්නේ. එවැනි අල්ලස් ගැනීමට උත්සාහ කරන ලද රාජ්‍ය නිලධාරියෙකුට හෝ වෙනත් ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව ලංකාවේ තියෙනවා. Sri Lanka Latest News

මෙවැනි නීතිරීති සියල්ලම ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තියෙද්දි, පහුගිය දවසක අල්ලස් සම්බන්ධ සිදුවීමක් ගැන අපිට අහන්න ලැබුණා. ලංකාවේ දූෂණ විරෝධී පනත 2023 අංක 09 දරන යාවත්කාලීන පනත ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අල්ලස් පනත 1954 අංක 11 දරන පනත විදියටයි අපිට හඳුනාගන්න පුළුවන් වෙන්නේ. මේ සියලු අණ පනත් හරහා ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ පවත්වනවා, වැටලීම් සිද්ධ කරනවා.

ලිංගික අල්ලස්, පුද්ගලික අංශයේ දූෂණ, වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම, දේපළ රාජසන්තක කිරීම මෙවැනි නීතිමය පියවරවල් අරගන්න සහ මෙවැනි ප්‍රශ්න මේවත් එක්ක බැඳිලා තියෙනවා. රාජ්‍ය සේවකයෙකු, අධිකරණ නිලධාරියෙකු, මන්ත්‍රීවරයෙකු තමන්ගේ නිල තත්ත්වය අයථා ලෙස භාවිත කර මුදල් හෝ වෙනත් වරප්‍රසාද ලබාගැනීම අල්ලස් ගැනීමක් විදියට සලකනවා 1954 අංක 11 දරන අල්ලස් පනත යටතේ. ඉතින් මේවා ගැන මම හිතන්නේ ලංකාවේ ජීවත්වෙන බොහෝ දෙනෙක් දන්නවා.

නමුත් ප්‍රශ්නය තියෙන්නේ අල්ලස් දීම හෝ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක්ට හෝ සාමාන්‍ය පුද්ගලයෙක්ට ක්‍රියාත්මක වෙන නීතියම ඇතැම් අයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දන්නවා අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගත්තු, රක්ෂිත බන්ධනාගාර ගතකර සිට, පසුව ඇප මත නිදහස් කරපු, මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති අසරුදීන් මොහිනුන් මහතා සම්බන්ධ කතාව. එම කටයුත්තේදී ඔහුට විරුද්ධව පරීක්ෂණයක් මේ වෙනකොට පැවැත්වෙනවා. ඔහුව අත්අඩංගුවට අරගෙන නිදහස් කරලා ගෙදර යවන්නේ ඇප මත. ඒ කියන්නේ ඇප පිට ගෙදර යැව්වා කියන්නේ ඔහු නිදොස් කර නිදහස් වුණා කියන එක නෙවෙයි.
දැන් ප්‍රශ්නය තියෙන්නේ ඔහුව පිළිඅරගෙන ඔහුට උත්සව පවත්වලා, ඔහු පිළිගැනීමේ කතන්දර කරලා, අත්පුඩි ගහලා ඔහුව ආයෙත් ගෙනැල්ලා නියෝජ්‍ය නගරාධිපති පුටුවේ වාඩි කරවනවා. එහෙම කරන්න පුළුවන්ද? ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ. ඔහු අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගත්තු පුද්ගලයෙක්. ඔහුගේ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් ඉතාම ඉහළ මට්ටමේ පරීක්ෂණ තාමත් පැවැත්වෙනවා. මෙවැනි පරීක්ෂණයක් තාම අවසන් වෙලා නැහැ. අඩුම තරමේ පරීක්ෂණය අවසන් වනතුරු, ඔහු සම්බන්ධයෙන් නීතිමය තීරණයක් ලැබෙනතුරු, නැත්නම් ඔහු නිදොස් කියලා දැනුම් දෙනතුරුවත් අඩුම තරමේ ඉවසන්න බැරි මොකක්ද මේ ප්‍රශ්නය? ඊළඟ කාරණාව තමයි නීතිය සැමට සාධාරණයි කියලා තමයි මේ අය ආවේ. එතකොට ඒක බොරුවක්ද?

ඇත්තටම අපි දකිනවා බොහෝ තැන්වලදී මෙවැනි ක්‍රියාකාරකම් මේ ආණ්ඩුව සිද්ධ කරනවා. දැන් ඒකෙදි මෙන්න මෙහෙම තර්කයක් තියෙනවා. මොකද හේතුව රටේ මෙවැනි සිදුවීම් මීට කලින් වෙලා නැහැ නෙවෙයි. දැන් ඔහුගේ චෝදනාව බැලුවොත්, කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ පිරිසිදු කිරීම සහ ඒ පොදු වැසිකිළි පද්ධතිය නඩත්තු කිරීමේ ටෙන්ඩරය ව්‍යාපාරිකයෙකුට ප්‍රදානය කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලලා තියෙනවා කියලා තමයි කියන්නේ. අදාළ ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් මූලික ගෙවීමක් ලෙස රුපියල් ලක්ෂ 30ක් සහ ඊට අමතරව මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් අල්ලස් මුදලක් ඔහු විසින් ඉල්ලා ඇති බව විමර්ශන වලදී හෙළිවෙලා තියෙනවා කියලා ඇතැම් තැන්වල සඳහන් වෙලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඔහු අත්අඩංගුවට ගන්නේ ව්‍යාපාරිකයෙක් කළ පැමිණිල්ලකට අනුව. බත්තරමුල්ල ප්‍රදේශයේදී අදාළ ලක්ෂ 30ක මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගත්ත බව තමයි අපිට දැනගන්න ලැබුණේ. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකළා. නමුත් පසුව ඔහුට ඇප ලැබුණා. දැන් මේ පුද්ගලයා ගැන කතා කළොත් ඔහු ඇත්තටම මාලිමාව නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. ඔහු රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සභාවට තේරී පත්වූවකු බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂය විසින් තීරණයක් ගත්තා කියලා පහුගිය දිනවල ප්‍රවෘත්ති වාර්තා වෙලා තිබුණා. නමුත් දැන් ප්‍රශ්නය තියෙන්නේ ඔහුට රිෂාඩ් බදියුදීන්ලා එහෙම නැත්නම් මහජන කොංග්‍රසය විසින් ගන්න ඕනෙ තීන්දු තීරණ අරගෙන තියෙනවා. නමුත් නගරාධිපතිතුමාගේ පාලනය යටතේ ඔහුට නිසි පියවර ගත්තද කියන එකයි ප්‍රශ්නය.

මේකේ වැදගත්ම දේ තමයි මේ එක එක්කෙනාට එක එක හැන්දෙන් බෙදන්න නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒක හරියන වැඩක් නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක් අල්ලස් හෝ දූෂණ වරදක් කළාම, ඔහුට ආයෙත් තනතුර දීලා, තාන්න මාන්න දීලා, අත්පුඩි ගහලා, විසිල් ගහලා, බල්ටි ගහලා, පෙරහැරවල් තියලා පිළිගන්නේ නැහැ. මොකද වරදක් ඔප්පු වනතුරු මනුස්සයෙක් සැකකරුවෙක් විතරයි, ඒක ඇත්ත. හැබැයි සැකකරුවෙක් යළි රාජ්‍ය නිලධාරියෙක් වෙනවා නම් ඔහුගේ සැකය පහ කරගන්න ඕනේ. ඔහු සැකය දුරු කරලා අධිකරණය මගින් නිදොස් කර නිදහස් කළා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මීට වඩා ලොකු පෙරහැරක් කරලා අලි ඇත්තු පිට අරගෙන ආවත්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ ඇප දීලා ගෙදර ඇවිල්ලා තියෙන්නේ. ඇප දීලා ගෙදර එනවා කියලා කියන්නේ ඔහු නිදොස් කළා නෙවෙයි. ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකරන්නේ නැතුව ඔහුට ඇප දීලා ගෙදර යවනවා. ඒකට හේතුව ලංකාවේ අධිකරණ පද්ධතිය ඇතුළේ අපි දන්නවා මේ වෙනකොට නිතරම යම් වැරදිවලට ඇප ලබාදීම සිද්ධ කරනවා. ඒකට හේතුව තමයි බන්ධනාගාරවල ඉඩකඩ ප්‍රශ්නය තියෙනවා, රඳවා ගැනීම් සම්බන්ධ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. බන්ධනාගාර පද්ධතියේ දැඩි තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේවත් එක්ක බොහෝ වෙලාවට පුද්ගලයන්ව යළි යළි අධිකරණයට කැඳවාගත හැකි නම්, ඔහු පැනලා යයි කියලා අවදානමක් නැත්නම්, ඔහුට රට යෑම තහනම් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්, ඔහු අධිකරණයට ඉදිරිපත් වේවි යැයි විශ්වාස කරන්න පුළුවන් නම් ඔහුට ඇප මත ගෙදර යන්න අවස්ථාව ලැබෙනවා.

හැබැයි ඉතින් ඒ ගෙදර යන්නේ සමහර විට අනාගතයේ දවසක හිරගෙදර යන්න පාර කපාගෙන ඉන්න ගමනක්. ඒ නිසා මතක තියාගන්න මෙවැනි දේවල් මේ අත්පුඩි ගහන්න, විසිල් ගහන්න, බල්ටි ගහන්න, ඔල්වරසන් දෙන්න දේවල් නම් නෙමෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Next Post

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.