• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

June 14, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට ඉදිරිපත්ව තිබූ යෝජනාවය. මාධ්‍ය මගින් මෙය අනාවරණ කිරීමත් සමග ඊට එරෙහිව මුලින්ම විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කොට තිබුණේ ලංකාවේ සියලු නීතිඥවරුන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයය. නීතිඥ සංගමය ඊට විරෝධය පළකිරීමෙන් අනතුරුව මහාධිකරණ නීතිඥ සංගමය මගිනුත්, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය මගිනුත් ඊට විරෝධය පළකරමින් නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. නීතිඥවරුන්ගෙන් ඊට එල්ල වූ විරෝධයට අමතරව දේශපාලන පක්ෂයක් වශයෙන් සමගි ජන බලවේගයද ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව වහාම නිල නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් ආකාරයක් දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රටට තොරතුරු අනාවරණ කිරීම සඳහා සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර සහ ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත්කළ බවකි. ඒ අනුව, නීතිඥ සංගම්ද එකතු කරගනිමින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැවැන්ත විරෝධයකට යෑමට මේ වනවිටත් සජබය සාකච්ඡා පවත්වමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.Sri Lanka Latest News

මේ අතරවාරයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පසුගිය සතියේ නීතිඥවරුන් කණ්ඩායමක් සමග පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් යම් අදහස් හුවමාරුවක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපතිවරයා විසින් මෙම මාතෘකාව මතුකිරීමත් සමග එහි සිටි නීතිඥවරුන් ඊට විරෝධය පළකළ බවත්, ඇමැත් අවස්ථාවලදී යම් යම් වාද විවාද හේතුවෙන් සාකච්ඡාව උණුසුම් එකක් බවට පත්වූ බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහිදී සාකච්ඡාවේ සිටි නීතිඥවරුන් ජනාධිපතිවරයාට දිගින් දිගටම පෙන්වා දී තිබුණේ මේ ආකාරයට අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම වැරැදි පූර්වාදර්ශයක් බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි එකක් බවත්ය. නමුත් ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලිවම නීතිඥවරුන්ට දැනුම් දී ඇත්තේ තමන් එය සිදුකිරීමට තීරණය කර ඇත්තේ අනිසි දේශපාලන වාසි ගැනීමේ අරමුණින් නොවන බවත්, මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතිශය සංවේදී අධිකරණ කටයුතු අතරමග ඇන නොසිට තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අරමුණෙන් බවත්ය. යම් හෙයකින් අගවිනිසුරුවරයා සහ අතිසංවේදී නඩු කටයුතු මෙහෙයවන උපරිමාධිකරණ විනිසුරුවරුන්ට විශ්‍රාම යෑමට සිදුවුවහොත් ඉකුත් කාලයේ සිදුවූ යම් යම් අක්‍රමිකතා, දූෂණ සම්බන්ධ නඩුකරයන් කඩාකප්පල් වීමේ අවදානමක් ඇති බවද එහිදී ජනාධිපතිවරයා පැමිණ සිටි නීතිඥවරුන්ට පෙන්වා දුන්නේය.

නමුත් ජනාධිපතිවරයාගේ ස්ථාවරයට එකඟතාව පළකිරීමට සාකච්ඡාවට එක්ව සිටි නීතිඥවරුන් සූදානම් වූයේ නැත. ඔවුන් දිගින් දිගටම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බවකි. ඒ අනුව, මෙම නීතිඥවරුන්ගේ විරෝධය උත්සන්න වීමත් සමග ජනාධිපතිවරයා සාකච්ඡාව අවසන් කිරීමට පියවර ගත්තේ ‘හොඳයි අපි එහෙනම් මේක ගැන තව ටිකක් බලමු…’ යැයි කියමිනි.

කෙසේවෙතත් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාත් ආණ්ඩුව විසින් තවමත් අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ තීන්දුවකට එළඹ නොමැති බව කියා සිටියේ ජනාධිපතිවරයා හා නීතිඥ කණ්ඩායම සමග පැවැති සාකච්ඡාව අවසන් වී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුවය.

එසේ වුවද අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ දැඩි වගකීමෙන් යුක්තව සහතික කොටම කියා සිටින්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන් එවැනි තීන්දුවක් ගෙන නොමැති බව කීවද, ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස තවත් අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ තීන්දුව ගෙන අවසන් බවය. ජනාධිපතිවරයා කලින් ගෙන තිබූ එම තීන්දුවේ කිසිදු වෙනසක් මේ දක්වා සිදුකොට නොමැති බවද වගකීමෙන් යුතුව රටට අනාවරණ කිරීමට අප සූදානම්ය.

මීට අමතරව මේ වනවිට උපරිමාධිකරණ විනිසුරු ධුර 8ක් මාස ගණනාවක් තිස්සේ පුරප්පාඩු වී ඇති තොරතුරක්ද පසුගිය සතියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් පසුගිය සතියේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ අනුව සාකච්ඡාවට ආරම්භය ලබාදී යෙදී තිබුණු වෙනත් නිල වැඩකටයුත්තක් හේතුකොට ගෙන සජිත් එම රැස්වීමෙන් නික්ම ගියද අනෙකුත් පක්ෂ නායකයන් මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. අවසානයේදී ඔවුන් තීන්දු කොට තිබුණේ මෙම උපරිමාධිකරණ විනිසුරුවරුන් 8 දෙනා මේ දක්වා පත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විරෝධය පළකොට ලිපියක් යොමුකරන ලෙසට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දීමටය. ඊට අදාළ ලිපිය ඒ මොහොතේම කෙටුම්පත් කිරීමටද විපක්ෂයේ පක්ෂ නායකයෝ පියවර ගත්හ. එමෙන්ම අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට ඒකාබද්ධව විරෝධය පළකිරීමටද මෙහිදී විපක්ෂයේ පක්ෂ නායකයන් තීන්දු කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව ඉදිරියේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ නීතිඥ සංගම් ඒකාබද්ධව ජනාධිපතිවරයාගේ තීන්දුවට විශාල විරෝධයක් දියත් කිරීමට සැලසුම් කොට ඇති බවක් ආරංචිය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

Next Post

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.