ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට වූවද ඇතැම්විට කොරෝනා ආසාදනය වී ඉන් සුළුතරයකට බරපතල රෝගබාධ ඇති වීමේ සම්භාවිතාවක් ඇති බව වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනවලින් හෙලි වී ඇති බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ බහරේන්හි කළ පර්යේෂණයකට අනුව වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබාදුන් විට එන්නත් නොකළ අයට සාපේක්ෂව මරණ සහ දරුණු රෝග ඇති වීම අවම වූ නමුත්, ෆයිසර්, මොඩර්නා, ස්පුට්නික් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලට සාපේක්ෂව මරණ අනුපාතය හා රෝහල් ගත වීම තරමක් ඉහළ බවයි.
එබැවින් සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන මාත්‍රාවක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කරනවා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පස්වරැවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ සාකච්ඡාවක නිරත වුණා.
එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ වයස අවුරුදු 12ත් – 18ත් අතර වයස් කාණ්ඩයට ෆයිසර් එන්නත ලබා දෙන ලෙසයි.