දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව විදුලි බලවේග ධාවනාගාරයේ රියදුරන් පිරිසක් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.
මේ හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින මගීන් පවසන්නේ මෙය ඉතා අසාධාරණ වර්ජනයක් බවකි.
දේශපාලඥයන් මේ රට විනාශ කළ බවත්,එළඹෙන මැතිවරණයකදී ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවටත් ඔවුහු චෝදනා කර සිටිති.