• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිළිසෙන ඇස්වලින් පැණි බේරෙන හිනාවකින් මුළු චීනයම වසඟයට ගත්තු කන්ද උඩ මල් කොල්ලා! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද මම ඔබට මේ කියන කතාව හීනයක් වගෙයි. නමුත් හීනයක් තරම්ම සුන්දරයි. අපි පුංචි කාලේ ඉතා ආසාවෙන් කියවපු සුරංගනා කතා අතරත් මේ වගේ කතාවක් තිබුණා මතකයි. ජීවිතේ ගැටගහගන්න අනන්ත දුක් විඳපු, පුංචි පැල් කොටේක ජීවත් වුණු ආදරණීය කොලු පැටියෙක්ට හිතාගන්න බැරි වෙලාවක කොහේදෝ ඉඳලා ආපු සුරංගනාවක් හිතූ පැතූ සම්පත් ඇති දිව්‍ය විමානයක් මවලා දෙනවා. එදා ඉඳන් ඒ දුප්පත් කොලු පැටියා රජ කුමරෙක් වගේ සතුටින් ජීවත් වෙනවා. මේ වගේ කතා අපි කොයි තරම් නම් අහලා තියෙනවද? ඒ සුරංගනා කතාවල අපි කොයි තරම් ජීවත් වෙලා ඇද්ද? ඒත් ඒ කතා සුරංගනා කතා පොත්වලටම සීමා වුණා නේද? නමුත් මේ කතාවෙන් ඔබට කියන්නේ කොයි තරම් දුක් වින්දත් නොසිතූ යම් දවසක තමන්ගේ වාසනාව උදාවෙනවා කියන එකයි. කටුක ඉඩෝර කාලය නිමා කරලා සුන්දර වසන්තය උදාවෙනවා කියන එකයි.(Sri Lanka Latest News)

කෙනෙකුගේ හොඳ කාලය වාසනාව පෑදෙන්න ගත්තාම ඔහු කෙහේ හිටියත් මොන සක්කරයාටවත් ඒක නවත්වන්න බැහැ කියන කතාව අපි අහලා තියෙනවා. ඒ කතාව සත්‍යයක් බව මේ දිනවල සමාජ මාධ්‍ය සියල්ලේම සහ විද්‍යුත් – මුද්‍රිත මාධ්‍ය සියල්ලේම අතොරක් නැතිව පළවන පුවතකින් සනාථ වුණා.
අද මේ කතාවේ කතානායකයා 17 හැවිරිදි දිලිප් මධුශංක. නුවරඑළියට යන අතරමඟ ගම්පොල පාරේ ලබුකැලේ කම්හල සහ දම්රෝ කම්හල අතර තියෙන රම්බොඩ කම්හල ආසන්නයේ පිහිටි කොණ්ඩගල කියන ප්‍රදේශය තමයි ඔහුගේ ගම.

දිලිප් නුවරඑළිය දෙසට යන වාහනවල ඉන්න සංචාරකයන්ට මල් අලෙවි කරලා ලැබෙන මුදලින් ජීවත් වෙන තරුණයෙක්. අහිංසක අව්‍යාජ හිනාවකින් මුව සරසාගෙන කිලෝමීටර් තුන හතරක් දුර දුවමින් සංචාරක බස් රථවලට ඔහු මල් අලෙවි කරනවා. කාගෙවත් දෙයක් කඩාවඩා ගන්නේ නැතුව, දෑතේ දෙපයේ හයියෙන් ජීවිතේ ගැටගහගන්න මේ තරුණයාගේ වාසනාව පෑදුණේ ඔහුවත් නොසිතූ වෙලාවක. නුවරඑළියේ සුන්දරත්වය විඳගන්න යමින් සිටි චීන ජාතිකයන් පිරිසක් රැගත් බස් රථයක් දිලිප් අසල නවත්වනවා. අහිංසක හිනාවෙන් මුව සරසාගත් දිලිප් ඒ බස් රථයට නැගලා චීන ජාතිකයන් හැමෝටම ඔහු අතේ තිබුණු මල් පොකුරෙන් මල බැගින් දෙන්න පටන්ගත්තා. ඒ චීන ජාතිකයන්ට තේරුණා දිලිප් කියන්නේ ජීවිතේ දිනන්න අප්‍රමාණ දුකක් විඳින ධෛර්යවත් තරුණයෙක් වග. ඔවුන් බස් රථයෙන් බැහැලා ඇවිත් දිලිප් සමග කතා කළා. ඔහු සමග සෙල්ෆි ඡායාරූප ගත්තා. ඔහුට අත පිරෙන්න මුදල් දුන්නා. හිත සතුටින් ඔවුන්ගෙන් සමුගෙන ගිය දිලිප් පසුදාත් ඒ විදියටම මල් අලෙවි කරන්නට කටයුතු කළා.

නමුත් මේ කතාවේ හොඳම සිදුවීම පටන්ගන්නේ ඊට දින කිහිපයකට පසුවයි. දිලිප් මල් විකුණන ආකාරය ඒ චීන ජාතිකයන් පියවරෙන් පියවර ඉතා අලංකාරවත් ලෙස වීඩියෝගත කර තිබුණා. ඔවුන් ඒ වීඩියෝව සිය සමාජ ජාල ගිණුම් හරහා බෙදාහැරියා. දිලිප්ගේ වාසනාව උදාවුණේ එතැනින්. හිතාගන්න බැරි විදියට ඒ වීඩියෝව චීනය ඇතුළු ලොව රටවල් ගණනාවක නැරඹුම් වාර කෝටි 13 ඉක්මවූ පිරිසක් නරඹා තිබුණා. මේ ලියන මොහොතෙත් එම වීඩියෝව ලක්ෂ ගණනක් දෙනා නරඹමින් සිටින බව නොරහසක්.

ලොව වැඩිම ජනගහනයක් සහිත රටවලින් එකක් වන චීනයේ සිහින කුමාරයා බවට පත්වෙන්න අපේ රටේ දිලිප්ට දැන් හැකියාව ලැබිලා. දිලිප්ගේ අව්‍යාජ හිනාව, අහිංසක පෙනුම චීන ජනතාවගේ හදවත් සංවේදී කරලා. චීන දරුවන් දිලිප් මල් පොකුරක් අත තබාගෙන සිටින ආකාරය ඉතා අලංකාර ලෙස සිතුවමට නඟා තිබුණා. ‘දිලිසෙන ඇස් තියෙන ලංකාවේ මල් කොල්ලා’ නමිනුයි චීන ජාතිකයන් අපේ දිලිප්ව හඳුන්වන්නේ. ඒ තරමටම චීනය තුළ ප්‍රසිද්ධ වුණු මේ තරුණයා සොයාගෙන චීන සංචාරකයන් ලංකාවට එන්නත් පටන් අරගෙන. ඒ අතරින් එක් චීන ජාතික තරුණයෙක් ඔහු සොයාගෙන ඔහුගේ නිවෙසටම පැමිණියා. ඒ, අත පිරෙන්න තෑගි බෝගත් අරගෙනයි. කොයි තරම් තෑගි බෝග ලැබුණත්, කොයි තරම් ජනප්‍රියත්වයක් ලැබුණත් දිලිප්ට ඇත්තේ ඉතා සුන්දර අහිංසක බලාපොරොත්තුවක් විතරයි. ඒ තමයි ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය ජීවත් වන අබලන් නිවෙස අලුත්වැඩියා කරගැනීමේ අපේක්ෂාව. තමන්ට චීනයට යන්න අවස්ථාවක් ලැබුණත් අම්මා, තාත්තා, ආච්චි, සීයා තනිකරලා යන්න ඔහුට හිතක් නැහැ.

නුවරඑළිය පැත්තට යන බස් රථ පස්සෙන් දුවලා මල් විකුණන මේ තරුණයා ගැන පුවත චීනය පුරා පැතිර යන්නට ගතවුණේ හෝරා කිහිපයක් පමණයි. චීන ජාතිකයන් ඔහුව හඳුන්වන්නේ ‘මල් කුමාරයා’ නමින්. ඒ තරම්ම ඔහු ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙලා. ඒ ප්‍රසිද්ධිය නිසාම චීන ජාතිකයන් මේ මල් කුමාරයා ගැන සිය සමාජ මාධ්‍ය පුරා ඔහුගේ ඡායාරූප, සිතුවම් සහ විවිධ කමෙන්ට්ස් පළකරන්නටත් අමතක කරලා නැහැ. එලෙස පළකළ කමෙන්ට්ස් දහස් ගණනක් අතරින් තෝරා ගත් කිහිපයක් තමයි පහත දැක්වෙන්නේ.

‘එයා හරිම කෙට්ටුයි. නමුත් ජීවිතයට ආදරය කරන ගොඩාක් වෙහෙස මහන්සි වෙන ඔහු ඇත්තටම කඩවසම්. මම දවසක ලංකාවට ගියොත් මමයි මගේ යාළුවොයි එයාගේ මල්වලට කැමැති වේවි. එයාව හඳුනාගන්න ආසයි…’

‘එයා වෙනුවෙන් ශ්‍රී ලංකාවට යන්න ආස හිතුණා. වෙන දෙයක් නිසා නෙවෙයි එයාගේ දිලිසෙන ඇස් නිසා…’

‘ශ්‍රී ලංකාව දුරද? ඔව් දුරයි. මම අවුරුදු 7කට කලින් එහෙ යන්න වාසනාවන්ත වුණා. මුළු ජීවිතේටම ඒ ගමන අමතක වෙන්නේ නැහැ’

‘දැන් මගේ වයස 36ක්. මගේ මුළු ජීවිත කාලයටම මට ලංකාවට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙයි. ඒ නිසා මම මේ වීඩියෝව තුන් සැරයක්ම බැලුවා. ඒ වීඩියෝවේදී එයා මට 15 සැරයක් මල් දුන්නා. ඒ මල් ඇත්තටම මගේ අතට ආවේ නෑ. නමුත් ඒ මල් මගේ හදවතේ පිපිලා….’

දිලිප්ගේ ඒ අහිංසක පෙනුමට අහිංසක කතාවට අව්‍යාජ සිනාවට චීන ජාතිකයන් පමණක් නොවෙයි, මුළු ලෝකයක්ම ආදරය කළා. ඔහු දන්නවා අද වන විට තමන්ට කොයිතරම් පිරිසක් ආදරේ කරනවාද කියලා. මෙලෙස ලෝකයක ආදරයට පාත්‍රවුණු දිලිප් තමන්ගේ දවසේ කටයුතු ගැන විස්තර කළේ මේ විදියටයි.
‘මගේ ගෙවල් තියෙන්නේ කන්දෙන් පල්ලෙහා. එහෙන් මල් කඩන් එනවා. ඇවිත් කැලේ ගිහින් කොළ කඩන් ඇවිත් මිටි බඳිනවා. බන්ච් එකක් වගේ හදලා තමයි මල් විකුණන්නේ. මුල්ම දවසේ චීන සංචාරක කණ්ඩායමක් ඇවිත් මගෙන් හත්දාස් ගානක මල් ගත්තා. මාත් එක්ක ෆොටෝ ගත්තා. ඒ වීඩියෝව තමයි වයිරල් වෙලා තියෙන්නේ. මම පාරේ යන වාහනවලට කතා කරලා මේ කඳු ඉහළ පහළ කිලෝමීටර 4ක් විතර දුවමින් තමයි මල් විකුණන්නේ. සමහර වාහන නවත්වන්නෙත් නැහැ. එහෙම ගත්තේ නැති වුණාම තමයි මම ඒ වාහන පස්සෙන් දුවන්නේ. එහෙම වුණාම සමහරු මල් ගන්නවා. නමුත් තවත් සමහරු ඒ දුවලත් ගන්නේ නැහැ.’

‘මම ඉස්කෝලේ ගියේ 8 වසරට විතරයි. ඉස්කෝලේ යන කාලේ ඉඳලා උදේ ඉස්කෝලේ ගිහින් හවස මල් විකුණනවා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් විවාහ වෙලා. අනෙක් අක්කා ගෙදර ඉන්නවා. අම්මයි තාත්තයි එළවළු වෙළෙඳාම කරන්නේ. මම දැන් අවුරුදු 8ක විතර ඉඳන් මල් වික්කා. විදේශිකයන්ට රුපියල් 300ක් වගේ මිලකට මල් විකුණනවා. ඩේලියා මල්වලින් තමයි බන්ච් එක හදන්නේ. ගෙදර පොඩි ප්‍රශ්න වගයක් ආවා. ඒ නිසා ඉගෙනීම නතර කරන්න වුණා. මල් විකුණලා ලැබෙන මුදලින් ගෙදරටත් දීලා රුපියල් 1000ක් 1500ක් ඉතුරු කරගන්න තමයි බලන්නේ. මම හැමදාම උත්සාහ කළේ ඒ සල්ලිවලින් ගේ හදාගන්නයි…..’

දිලිප් තමන්ගෙත් මවුපියන්ගෙත් කුසගිනි නිවන්න කොයි තරම් නම් වෙහෙසක් ගන්නවද? ජීවිත ජීවත් කරවන්න මිනිස්සු අනන්තවත් දුක් විඳිනවා. දුප්පත්කමේ පතුලටම වැටුණු මේ වගේ තරුණයෙක් තම ධෛර්යය ලෝකයට පෙන්වීම හරහා ලබාදුන්නේ ගැඹුරු පණිවුඩයක්. අතපය හොඳට තිබිලත්, උගත්කම් තිබිලත් රැකියාවක් නොකරන තරුණ තරුණියන් දහස් ගානක් ඉන්න අපේ රටේ දිලිප් වගේ තරුණයෙක් කරන මේ සුවිශාල කැපකිරීම අපි අගය කළ යුතුයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශ කරගන්නවා වෙනුවට ඔහු තම මවුපියන්ට සහෝදරියන්ට සලකමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න තම දහදිය ශ්‍රමය කැපකරනවා. ඔහුගේ ඒ කැපකිරීමට අද ලැබුණු වටිනාකම රුපියල් කෝටි ගණනකින්වත් මනින්න බැහැ. ඔහුට ඒ හරහා යම් ප්‍රතිලාභයක් ලැබේවි. ඇතැම් විට ඔහුට අලුත් ගෙයක් තෑගි විදියට ලැබේවි. තවත් විවිධ වරප්‍රසාද ඔහු කරා ගලාගෙන ඒවි. ඒ කිසිවක් අසාධාරණ නැහැ. ඔහු කාගෙවත් දෙයක් කඩාවඩා ගන්නේ නැතුව, දුක් මහන්සියෙන් කරන රස්සාව නිසා වගේම සොබාදහමට ආදරේ කරන, ශ්‍රී ලංකාවට ආදරේ කරන චීන ජාතිකයන් පිරිසක් නිසයි ඔහු අද මේ තත්ත්වයට පත්වෙලා ඉන්නේ.

ඔබත් නුවරඑළියේ සංචාරයකට යනවා නම්, මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච ලෝකයක් ආදරය කරන දිලිප්ගේ අහිංසක සිනාව ළඟ මොහොතක් නතර වෙලා කතා කරලා යන්න අමතක කරන්න එපා. ඔහුගෙන් මලක් මිලදී ගෙන උපකාර කරන්නත් අමතක කරන්න එපා. තමන් කරන දෙයක් අවංකව සතුටින් කළොත් ඊට නිසි ඇගයීමක් නිසැකවම ලැබෙනවා. ඒක සොබාදහමේ නියතයක්. ඉතින් දිලිප්ට ලස්සන ජීවිතයක් ලස්සන අනාගතයක් උදාවේවා කියලා ‘මව්රට’ අපිත් හදවතින්ම සුබ පතනවා.

‘ඉඩෝරයක් පසුකළොත් වසන්තයක් එනවාමයි’. දිලිප් අපි හැමෝටම කියාදුන් වාසනාවේ අපූර්ව පණිවුඩය එයයි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

යුද්ධ කරන්න 100කට වඩා රුසියාවට ගිහින්! Sri Lanka Latest News

Next Post

මැයි 01 වැනිදා! රටම දුක් වුණු දවස! Sri Lanka Latest News

MORE NEWS

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

Load More
ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

හොඳ පොලියක් දෙනවා කියලා - මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කන වංචාවක් සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට පැමිණිල්ලක් Sri Lanka Latest News

Read more
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.