සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරු 20ක්.. 40ක් එකතු වන බව කියමින් යම් කණ්ඩායමක් අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා කීය.
ඒ මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ කිසිවකුත් ආණ්ඩුවට එක්නොවන බවත්, වික්‍රමසිංහ මහතාගේ දිග පළල පොහොට්ටුව නොදන්නවා වුණාට සජබය දන්නා බවත්ය.










