ලීඩර් කියපු කතාව!

නෙත් කියපු කතාව!

මව්බිම දාපු ප්‍රවෘත්තිය!

සීනිව්ස් දාපු කතාව!

අද (4) දිනයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට පසුගිය සතියේදී බොහො මාධ්‍ය පුවත් පළ කිරීමට පියවර ගෙන තිබිණ.
පූවත්පත්වල පමණක් නොව සමාජ මාධ්‍ය ජාලාවලද මෙම ප්‍රවෘත්තිය විශාල වශයෙන් පළවී තිබෙනු දැකගත හැති විය.
කෙසේවෙතත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මාධ්‍ය හමුවලදී සදහන් කර සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන්නේ නම් ලක්ෂ 2000ක් දෙන බවට විවිධ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.
රට බංකොලොත් වී ජනතාවට කන්න නැතිව රස්සා නැතිව සිටින මොහොතක මෙසේ ලක්ෂ 2000ක් ගෙන ආණ්ඩුවට එකතු වන මන්ත්‍රීවරුන් කව්රුන්ද යන්න පිළිබදව ජනතාව තුළද ඇත්තේ විශාල පිළිකුලකි.
පසුගිය කාලයේදී ජනතාව පාරට බැස කළ අරගලයේ එක් ඉල්ලීමක් වී තිබුණේ මෙම පක්ෂ මාරු දේශපාලනය සහ මුදල්වලට පක්ෂ මාරුකරන දේශපාලන සංස්කෘතිය නවතාදැමිය යුතු යැයි කියාය.
ඒ අනුව දේශපාලනය පිළිබද උනන්දුවක් දක්වන බොහෝ දෙනා බලා සිටින්නේ අද දවසේ සිදුකරන පිල් මාරුව පිළිබදවය.
අපිද බලා සිටින්නේ එසේ පිල් මාරු කරන්නේ කව්රුන්ද යන්න පිළිබදවය.










