ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සඳහා වියදම් සෙවීමට වර්තමාන පාලන ක්රමයේ ප්‍රබල වෙනසක් අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. (Sri Lanka Latest News)
එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වසර 5ක් ගතව ඇතත් මෙතෙක් යුක්තිය ඉටුව නොමැති බවයි.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මෙවර පාස්කු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවර පාස්කු මංගල්‍ය සමරන්නේ සමාජීය ආර්ථික සහ දේශපාලන වශයෙන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවක බවයි.
ජනතාව මුහුණ දෙමින් සිටින දැඩි දුෂ්කරතා සඳහා තිරසර විසඳුම් සෙවීමට නම් අපගේ පාලන ක්රමයේ ප්‍රභල වෙනසක් අවශ්‍ය බව පෙන්වා දෙන රදගුරු සමුළුව ඒ සඳහා ක්‍රියා කිරීම සෑම පුරවැසියකුගේම වගකීමක් බව ද පෙන්වා දෙයි.
dasathalankanews