• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

බුද්ධි අංශ 50,000ක් වටකරගෙන.. -‌සතියේ CID වාර්තාව ‌මෙන්න

April 14, 2020
in CID, Exclusive
Reading Time: 4 mins read
A A
බුද්ධි අංශ 50,000ක් වටකරගෙන.. -‌සතියේ CID වාර්තාව ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට තවත් ගම්මාන කිහිපයක්ම ගෙවී ගිය සතිය තුළ හුදෙකලා කිරීමට ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. ඒ අතර රත්නපුර සහ පැල්මඩුල්ල යන ගම්මාන මෙන්ම මන්නාරමේ තාරපුරම් සහ අක්කරෙයිපත්තුව ගම්මානයද වෙයි. මෙම ගම්මාන හුදෙකලා පමණක් නොව, රත්නපුර සහ පැල්මඩුල්ල යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතියද පනවනු ලැබීය. මෙතෙක් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු පනවනු ලැබුවේ සමස්ත දිස්ත්‍රිකයන්ටය. ඒ කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 ටය. එහෙත් නැවත දැනුම්දෙන තුරු ගම්මානවලට ඇඳිරි නීතිය පැනවීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ නැත. එහෙත් පැල්මඩුල්ල සහ රත්නපුරයට එසේ නොවීය. එම පොලිස් වසම් දෙක පසුකරමින් වාහන ගමනාගමනයද තහනම් කරනු ලැබීය. ඒ ඇයිදැයි බොහෝ දෙනෙකුට ඇත්තේ ගැටලුවකි.
ඒ කතාව කොවිඞ් 19 වෛරසය වැලඳුණු මෙරට මුල් පුද්ගලයින් කිහිප දෙනා දක්වාම දිව යන්නේය. චීන සංචාරක කාන්තාවගෙන් පසු අපේ රටේ මුල්ම කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයාව හමුවන්නේ මාර්තු 11 වෙනිදාය. සංචාරක මග පෙන්වන්නෙක් වූ ඉතාලි ජාතික සංචාරකයින් පිරිසකට අවසන් වරට සහය වූ ඔහුට වෙරසය ආසාදනය වී තිබුණේ යැයි අනුමාන කෙරෙන්නේ එම සංචාරකයන්ගෙනි. අනතුරුව එක දිගට වෛරසය ආසාදිත වූවන් අපේ රටින් හමුවීමට ගත්තේ බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. ඒ අය අතර ජර්මනියේ සංචාරයක නිරතව පැමිණි ගල්කිස්සේ පදිංචිව සිටි ප්‍රකෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක්ද සිටියේය. එම මැණික් ව්‍යාපාරිකයා වෛරසය ආසාදනය වූ විට ඇතිවන සංකූලතා සහ රෝග ලක්ෂණ සඟවා විවිධ වෙද්‍යවරුන් හමුවෙමින් ප්‍රතිකාර ගන්නේ වෛරසය ව්‍යාප්ත කරමිනි. ඔහු බොරැල්ලේ සහ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික රෝහල් දෙකකටද ගොස් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ද පවා ප්‍රතිකාර ගත්තේය. ඒ එක් විශේෂඥ වෛද්‍යවරයෙකු පවා වෛරස් ආසාදිතයෙක් බවට පත්කරවමිනි. මෙසේ මොහු රෝගය ව්‍යාප්ත කරමින් හතර වටේ කරක් ගසන්නේ ඔහු සමග ජර්මන් සංචාරයට එක්වූ මිතුරෙකුටද වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය. ඔහු රත්නපුරයේ සිය මිතුරු මැණික් ව්‍යාපාරිකයාව හමුවන්නට යන්නේ මාර්තු 12 වෙනිදාය. ඒ වෛරසය ව්‍යාප්ත කරමිනි. දින දෙක තුනක් යන්නට මත්තෙන් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයාට වෛරසයේ රෝග ලක්ෂණ මතු වූ බැවින් ගල්කිස්සේ ව්‍යාපාරිකයාට පෙර රෝහල් ගතවන්නේ ඔහුය. ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා වෛරසය ආසාදිත රෝගියෙක් බව හඳුනාගනු ලබන්නේ කළුබෝවිල රෝහලට ඇතුළත්ව ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඔහු කොවිඞ් 19 වෛරස් ආසාදිතයෙක් බව දැන ගන්නා විටත් දින කිහිපයක්ම ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයම අවදානමකට ලක්කරමිනි. එහෙත් වාසනාවකට මෙතෙක් කළුබෝවිල රෝහලේ ඔහුට මුහුවුණු කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වන්නේ නැත.

මෙම රෝගියා වෛරසය ආසාදිතයෙක් බව අනාවරණය වීමත් සමග ප්‍රතිකාර සඳහා යොමු කෙරන්නේ අයි.ඩී.එච්. රෝහලටය. ඒත් එක්කම බුද්ධි අංශ මෙම මැණික් ව්‍යාපාරිකයා ආගිය තැන් මෙන්ම ඇසුරු කළ පුද්ගලයින්ගේ ලැයිස්තුවක්ද සකස් කළේය. ඒ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්ය. එම ජාලයට දහසකට වැඩි පිරිසක් හසුවී තිබුණි. ඒ සියලුදෙනාම ස්වයං නිරෝධායනයට පවා යොමු කිරීමට මහජන සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම මැණීක් ව්‍යාපාරිකයාට කොවිඞ් 19 වෛරසය සමග සටන්කර ජයගන්නට හැකියාවක් නොවීය. ඔහුගේ නාමය ඉකුත් 08 වෙනිදා මෙරට ඉතිහාසයේ ලියැවෙන්නේ කොවිඞ් 19 වෛරසයට මෙරටදී බිලිවුණු හත්වැන්නා ලෙසිනි.
ඒ වන විට ඔහුගේ මිතුරු මැණීක් ව්‍යාපාරිකයෙක්ද සිටියේ අයි.ඩී.එච්. රෝහලේය. ඒ ඔහුගේ බිරිඳ සහ දියණියද සමගිණි. ඒ අය රත්තනපුරයේය. රත්නපුරයෙන් හමුවන මුල්ම කොවිඞ් 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයා වන්නේ එම මැණික් ව්‍යාපාරිකයාය. නිරෝධායනයේදී මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවින් රෝහල්ගතකර කළ පරීක්ෂාවේදී තහවුරු වන්නේ ඒ දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බවටය. රටේ තැනින් තැන කොවිඞ් වෛරසයට ගොදුරුවූවන් පසුගිය කාලය පුරාවට හමුවන විට රත්තපුරයෙන්ම හමුවන කොවිඞ් 19 වෛරසය ආසාදිත වූවන් වන්නේ ඒ තිදෙනා පමණි. දිස්ත්‍රික්ක හයකට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවන විට රත්තපුරය අධි අවදානම් කලාපයක් බවට පත්නොවන්නේ වෛරසය එම තිදෙනාගෙන් පිට කිසිවෙකුටත් ආසාදනය වී වූ බවක් අනාවරණය නොවූ බැවිනි. ඒ වන විට එම පවුලේ සාමාජිකයන්ද සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් සහ පවුල් කිහිපයක්ම නිරෝධායනයට යොමුකරන්නට මහජන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණේ ආරක්ෂක උපක්‍රමයක් ලෙසිණි. ඒ අය අතර මැණික් ව්‍යාපාරිකයාගේ පහළොස් හැවිරිදි පුතාත් හැත්තෑ දෙහැවිරිදි නැන්දනියත් වූහ. ඒ දෛනා ස්වයං නිරෝධායනය වූයේ මැණික් ව්‍යාපාරිකයාගේ රත්නපුර නිවසේදීය. මේ වන විට ඔවුන් දින 14කට වැඩි කාලයක් නිරෝධායනය වී තිබුණත් ඒ කිසිවෙකුටත් රෝග ලක්ෂණයක් නම් පෙන්නුම් කළේ නැත. ඒ යැයි කියා ඒ අයට නිරෝධායන සහතිකය ලබාදෙමින් සිවිල් සමාජයට මුදා හැරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේද නැත. ඒ කොවිඞ් 19 වෛරසයේ අලුත්ම මුහුණුවර දැන් ක්‍රීයාත්මක වන්නේ මෙරට තුළ වීම නිසාය. ඒ රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කිරීමකින් තොරව වෛරසය දින 14කට වැඩි කාලයක් ශරීරය තුළ තිබෙන බව අනාවරණය වී තිබීමය. මේ තත්ත්වය මත දින 14ක් නිරෝධායනය වූ පමණින් වෛරසය ශරීරයේ නැතැයි දැන් කියන්නට බැරිය. ශරීරයේ වෛරසය නැතැයි කිව හැකිවන්නේ කොවිඞ් 19 පරීක්ෂණයකින් පමණි. ඒ අනුව විදෙස්ගතව පැමිනි නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක් නිරෝධායනය වී නිවෙස් වෙත ගිය පිරිස්ද දැන් කොවිඞ් 19 පරීක්ෂාවට ලක්කිරීමට බලධාරීන් පියවර ගෙන හමාරය. ඒ අනුව නිරෝධායනය වූ අය අතරින්ද වෛරසය ආසාදනය වූවන් මතුවීමට පටන්ගෙන හමාරය. රත්නපුර මැණික් ව්‍යාපාරිකයාගේ නිවසේ ස්වයං නිරෝධායනය වූ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සිටි නැන්දණියත් පහළොස් වියැති පුතාවත් කොවිඞ් 19 පරීක්ෂාවකට ලක්කරන්නේ ඒ අනුවය. ඒ ඉකුත් 07 වෙනිදාය. ප්‍රතිඵල ලැබෙන්නේ 08 වෙනිදාය. ඊට අනුව නිරෝගී බවක් පෙන්නුම් කළ ඒ දෙදෙනාම කොවිඞ් 19 වෛරසය අසාදනය වූවන්ය. පැල්මඩුල්ල සහ රත්නපුර පොලිස් බලප්‍රෙද්ශයන්ට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවෙන්නේ ඒත් එක්කමය. එය එතැනින් හමාර වන්නේ නැත. ස්වයං නිරෝධායනය වන අතරතුර ඔවුන් සම්බන්ධකම් පැවැත්වූ සහ මැණික් ව්‍යාපාරිකයා සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින් 72 දෙනෙක් බුද්ධි අංශ එදින රාත්‍රීයේම හඳුනා ගත්තේය. ඒ අයගෙන් නිවිතිගල පදිංචි එක් පවුලක් හැරුණු කොට සියලුදෙනා රත්නපුර සහ පැල්මඩුල්ලේය. රෑ එළිවෙන කොට ඔවුන් සියලු දෙනාම ආරක්ෂක අංශ රැගෙන යන්නේ දියතලාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයටය.
එදින රජය විසින් ප්‍රකාශයට පත්කළ ආකාරයට අනුව කොවිඞ් 19 වෛරසය ආසාදනය වූවන් ගණන සීමා වන්නේ තිදෙනකුටය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයාගේ පුතාත් නැන්දණියත් අයත් වන්නේ ඒ ගොන්නටය. තුන්වැන්නා මතුවන්නේ අක්කරෙයිපත්තුවෙනි. ඒ නැඟෙනහිර පළාතින් හමුවන පළමු කොවිඞ් 19 ආසාදිතයා බවට ඔහු පත්වෙමිනි. මේ පුද්ගලයා කටාර්හී පැවැති ආගමික දේවමෙහෙයකට සහභාගි වූවෙකි. එම දේව මෙහෙයට සහභාගි වූ ඔහු මෙරටට එන්නේ පසුගිය මාර්තු 16 වෙනිදාය. එදා ඔහුව ගුවන් තොටුපොළින් රැගෙන ඒමට පවුලේ සාමාජිකයින් කටුනායක යන්නේ වෑන් රථයක් කුලියට රැගෙනය. ඒ පැමිණි ඔහුට එදා කටුනායකට ගොස් ඔහුව රැගෙන පැමිණි සියලු දෙනා සමග ස්වයං නිරෝධායනයට ලක්වන්නට සිදුවන්නේ කොවිඞ් 19 වෛරසය ලංකාවද ආක්‍රමණය කරමින් තිබුණු බැවිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පිළිපදිමින් ඔහු ස්වයං නිරෝධායනය නිමකර ඉකුත් 30 වෙනිදා නිරෝධායන සහතිකයද ලබාගත්තේය. ඔහුට ඉහෙන් බහින රෝගයක් නොවීය. එහෙත් කොවිඞ් 19 අලුත් රෝග ලක්ෂණය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් සිය අධීක්ෂණයේ සිටින සෑම පුද්ගලයෙක්ම දැන් නිදහස් කරන්නේ කොවිඞ් 19 පරීක්ෂාවෙන් පසුවය. එදා කටාර් ගොස් පැමිණි මේ පුද්ගලයාව රැගෙන ඒමට ගිය වෑන් රථයේ රියැදුරා සිටියේ පොතුවිල්වලය. ගුවන් තොටුපොළට ගිය සෙසු පවුලේ සාමාජිකයන් රැඳී සිටියේ අක්කරෙයි පත්තුවේය. එම රියැදුරාගෙත් කටාර් ගිය පුද්ගලයා ඇතුළු පවුලේ සාමාජිකයන් හය දෙනෙකුගෙත් ජෛව සාම්පල් පරීක්ෂාවක් කරන්නේ ඉකුත් 07 වෙනිදාය. එහි වාර්තාව 08 වෙනිදා එළියට එන විට කටාර් ගිය පුද්ගලයාටද වෛරසය ආසාදනය වී ඇත්තේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අක්කරෙයිපත්තුව ගම්මානයම හුදෙකලා කරන්නේ ඒ වන විටත් නිරෝධායනය අවසන්ව ඔහු ගම්මානයේ නිවාස කිහිපයකට ඇඳිරි නීතිය අස්සේ රිංගා තිබීම නිසාය. මේ පුද්ගලයාගේ බෑනෑ එහි ඇති පල්ලියක සහයක පූජකවරයෙකි. ඇදිරි නීතිය අස්සේ ඔහු පල්ලියේ යාඥාද පවත්වා ඇති බව බුද්ධි අංශ විමර්ශනවලින් හෙළි විය. ඒ අනුව එම දේව මෙහෙයන්ට සහභාගි වූවන්ද බුද්ධි අංශ හදුනා ගත්තේය. දැන් ඒ සියලුදෙනාම නිරෝධායනයට යොමුකර ඇත්තේ අක්කරෙයිපත්තුව හුදෙකලා කරමින් දැඩි ආරක්ෂක පියවර ගනිමිනි.

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පදිංචිව සිටින පමුණුගම පැත්තේ පිහිටි නිවසකට ඇඳිරි නීතිය අස්සේ හොරකමකට රිංගීමට ගිය මත්කුඩු ලෝලියෙක් දැඩි පරීශ්‍රමයකින් පසු අල්ලා පොලීසියට භාරදෙන්නේද ඉකුත් සතියේදීය. මේ පුද්ගලයා ත්‍රි රෝද රථයක් ද පදවන අයෙකි. එසේම ඔහු පොල් කැඩීමට ගස් බඩ ගාන්නෙක්ද වෙයි. මේ පුද්ගලයාව ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාරදෙන විට ඔහු සිටින්නේ තුවාල ලබාය. ඒ ඔහුව අල්ලා ගන්නා විට ගම්වැසියන්ට අවම බලය යොදන්නට වූ බැවිනි. තුවාල ලබා සිටි ඔහුව පොලිස් ස්ථානයට රැගෙන විත් අවශ්‍ය සටහන් තබා රෝහල් ගතකරන්නට පියවර ගන්නේ තුවාල ලබා සිටි බැවින් ප්‍රතිකාර ගන්නටය. මුලින්ම ඔහුව රැගෙන යන්නේ පමණුගම රෝහලටය. එතැනින් ඔහුව මාරුකර යැවෙන්නේ රාගම රෝහලටය. මේ පුද්ගලයා ගැන යම් සැකයක් වෛද්‍යවරුන්ට ඇති වන්නේ ඔහු කොවිඞ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කළ බැවිනි. කොවිඞ් 19 පරීක්ෂාවට මේ පුද්ගලයාව ලක්කරන්නේ සැකහැර ගන්නටය. සැකය නිවැරදිය. බැලින්නම් ඔහු වෛරස ආසාදිතයෙකි.
බුද්ධි අංශ ඒත් එක්කම ක්‍රියාත්මක විය. සිය දහස් ගණනකට මේ පුද්ගලයා මුහුවී ඇතැයි එහිදී පෙනී ගියේය. ඒ අතර පමුණුගම පොලිස් ස්ථානයේම නිලධාරීහු සිටියහ. ස්ථානාධීපතිවරයාගේ සිට නිලධාරීන් 30 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමුකරමින් පොලිස් ස්ථානය තාවකාලිකව මහජනයාට වසා තැබීමටද පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවිය. දැන් පොලිස් ස්ථානය නැවතත් මහජනයාට විවෘත කර ඇත්තේ විෂබීජ හරණයකින් පසු වැඩ බැලීමට අලුත් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු නිලධාරීන් මණ්ඩලයක්ම පත්කරමිනි. ඊට අමතරව සොරකමේ ගිය මේ ආසාදිතයාව අල්ලා ගැනීමට සහය දැක්වූ ගම්වැසියන්ටද සිදුවන්නේ ස්වයං නිරෝධායනය වන්නටය.
බුද්ධි අංශවලට එල්ලවුණු ලොකුම අභියෝගය වූයේ මේ පුද්ගලයා සමාජයේ විවිධ සම්බන්ධකම් තිබුණු අයෙක් වූ බැවින් ඔහුගේ ඒ සම්බන්ධකම් පැහැදිලිවම හදුනා ගැනීමය. ත්‍රි රෝද රථ රියැදුරෙක් ලෙස ඔහුගේ රථයේ නැගී ගමන් කළ අය විශාලය. එසේම ඔහු පොල් කඩන්නෙක් ලෙස ගෙයින් ගෙට ද ගොස් තිබුණේය. එසේම ඔහු හොරකම් සදහා නිවාස කිහිපයකටම එබිකම්කර තිබුණේය. ඒ සියලුම පිරිස් ස්වයං නිරෝධායනයට කළ යුතු විය. ඊට අමතරව මේ පුද්ගලයා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෙක් වූ බැවින් මත්කුඩු ලෝලීන් රැසක් සමග ඔහුට සම්බන්ධකම් රාශියකි. එසේ ඔහුට සම්බන්කම් පැවැති බවට හඳුනාගත් මත්කුඩු ලෝලීන් ගණන 30 කි. හඳුනාගත් ඒ සියලුදෙනාම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගන්නා විට මත්කුඩු ලෝලීන් නිරෝධායනය නොවී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කොකා පෙන්නන්ට ගත්තේ කොවිඞ් 19 රෝග ව්‍යාප්තියකට අත වනමිනි. මෙහිදී ඒ උවදුර මැඩලීමට ඉදිරිපත් වන්නේ නාවික හමුදා බුද්ධි අංශයයි. කට්ටි පනිමින් සිටි මත්කුඩු ලෝලීන්ගෙන් 23 දෙනෙක්ම නාවික හමුදාව විසින් අල්ලාගත්තේය. ඒ අයව ඉකුත් 09 වෙනිදා ඔලුවිල් හි පිහිටි නාවික හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන්නේ කොවිඞ් 19 පරීක්ෂණයකටද ඔවුන්ව ලක්කිරීමකින් අනතුරුවය.
මේ ආකාරයට බුද්ධි අංශ විසින් පළමු රෝගියා හමුවීමේ සිට පසුගිය 09 වෙනිදා 190 වැනි රෝගියා හමුවන තුරුම දිවා රෑ නොබලමින් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටියේ රෝගය ව්‍යාප්ත වීමට ඉඩ නොදී රෝගීන් සමග සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයින් හඳුනා ගනිමිනි. මේ වන විට බුද්ධි අංශය විසින් රැස් කළ රෝගීන් සහ රෝගීන් සමග සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයින්ගේ ජාලයේ සිටින පුද්ගලයින් ගණන 50000 ඉක්මවා ගොසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ සෑම පුද්ගලයෙක්ම පරීක්ෂාවට ලක්කිරීම තුළින් කොවිඞ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.
එකවර එතරම් පිරිසක් පරීක්ෂා කිරීමට අපට ශක්තියක් තිබේදැයි ඇත්තේ ගැටලුවකි. එහෙත් එය අභියෝගයක් නොවන බව දැන් පැහැදිලිය. ඒ අපේ රටේ මේ වන විටත් කොවිඞ් 19 වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කට්ටල් 115 ක් පමණ රටපුරාම රජයේත් පුද්ගලික අංශයේත් රෝහල්වල සහ උසස් අධ්‍යාපන ආයතනවල වෛද්‍ය පීඨවල පවතින බැවිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට අනුව එම පරීක්ෂණ උපකරණවලින් මෙතෙක් භාවිතා කෙරන්නේ උපකරණ 07ක් පමණි. ඒ වෛද්‍ය පරියේෂණායතනයේ ඇති උපකරණය ප්‍රධාන කොටගත් රෝහල් කිහිපයක ඇති උපකරණ පමණි. දෛනිකව ඒ එක් උපකරණයකින් පරීක්ෂණ 750ක් පමණ කළ හැකි වුවත් මේ වන විට සිදුවන්නේ පරීක්ෂණ 250ක් පමණි. ඒද රජයේ වෛද්‍ය පරීක්ෂණායතනයේ පමණි. මෙවන් තත්ත්වයක් හමුවේ සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ ඒ සියලුම පරීක්ෂණ උපකරණ යොදා ගනිමින් නිරෝධායනයට ලක්වන සහ සැකකටයුතු හඳුනාගත් රෝගීන් සියලුදෙනාම පරීක්ෂා කරන්නටය. එය සාර්ථක වුවහොත් සතියක් ඇතුළත බුද්ධි අංශය විසින් රැස්කරගත් තොරතුරු ජාලයේ ඇති සියලුම දෙනා පරීක්ෂා කර අවසන් කිරීමට හැකිවනු ඇත.

ඒත් එක්කම රජය සහ සෞඛ්‍ය අංශ දිගින් දිගටම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කොවිඞ් 19 රෝග ලක්ෂණ තිබේ නම් සඟවා ගෙන නොසිට ඒ බව දැනුම් දී ප්‍රතිකාර ගන්නා ලෙසය. බුද්ධි අංශ සහ පොලීසිය මේ වන විට රජයටත් කොවිඞ් 19 කාර්ය සාධක බළකායටත් දැනුම් දී ඇත්තේ ජනතාව රෝගය ගැන දැනුම් නොදී සැඟව සිටීමට රූපවාහිනී මාධ්‍ය මේ වන විට දැඩි බලපෑමක් කරමින් සිටින බවය. ඒ සැකකටයුතු රෝගියෙක් හමුවූ විට ඒ රෝගියාගේ නිවෙස සහ පවුලේ උදවියගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරමින් එම රෝගියා අපරාධකරුවෙක් බවට පත්කරන බැවිනි. එසේම ස්වයං නිරෝධායනය වන නිවෙස්ද වීඩියෝගත කරමින් රූපවාහිනී මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනුයේ ජනතාව භීතියටත් සමාජයෙන් කොන්කරන පිරිසක් බවට හැඟවෙන ආකාරයට බවත් බුද්ධි අංශය සහ පොලීසිය පෙන්වා දී තිබේ. ඒ අනුව රෝගීන් හමුවීමේදී සහ ස්වයං නිරෝධායනය කරන නිවෙස් සහ ඒ ස්ථානවල ඡායාරූප වීඩියෝ වාර්තා පළකිරීමෙන් වැළකී සිටීමට ජනමාධ්‍යයෙන් ඉල්ලීමක් කිරීම යෝග්‍ය බවට වූ යෝජනාවක්ද බුද්ධි අංශ සහ පොලීසිය රජයට මේ වන විටත් ඉදිරිපත් කර තිබේ. එසේ නොවන තාක් කොවිඞ් 19 රෝගීන් සැඟව සිටීම පාලනය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බව බුද්ධි අංශවල සහ පොලිසියේ මතයයි.

රුවන් ‌වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ARMY-NAVY-AIR FORCE එක්ව ගහපු ‘OPERATION QUARANTINE’

Next Post

කොරෝනා දුකත් සැපක් කරගත් තායි රජා

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.