• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා දුකත් සැපක් කරගත් තායි රජා

April 14, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොරෝනා දුකත් සැපක් කරගත් තායි රජා

Maha Vajiralongkorn, crown prince of Thailand, attends the Royal Ploughing ceremony at Sanam Luang park in Bangkok, Thailand, on Monday, May 9, 2016. This year may be a better one for Thai rice production. At least, that's what two sacred oxen and a ceremonial lord forecast at an annual ploughing ceremony. Photographer: Dario Pignatelli/Bloomberg via Getty Images

Share on WhatsAppShare on Facebook

“සොම්සාවලී, යුවධිදා, ශ්‍රීරස්මි, සුතිදා, නිරාමනී Soamsawali, Yuvadhida, Srirasmi, Suthida, Niramoni මේ තමයි මගේ සුන්දර ප්‍රියම්බිකාවන් පෙරහර. මගේ නම තමයි මහා වීරලෝන්කෝන් Maha Vajiralongkorn. මම තමයි තායිලන්තයේ මහ රජතුමා. මේ ටිකේ මට ලොකු ඇබැද්දියක් වෙලා තියෙන්නේ. මගේ රට තායිලන්තයත් කොරෝනා මාරයාගෙන් ගිලගෙන. ඒත් මම මගේ අන්තඃපුරයේ සුරූපිකාවන් එක්ක ජර්මනියේ නිවාඩුවක් ගත කරන්න ගියා. ඒත් දැන් මේ රටේත් කොරෝනාව පැතිරිලා. මට දැන් අපේ රටට යන්නත් බැහැ. ඉතින් මම වහාම තීරණය කළා මේ සුන්දර ඇල්ප්ස් කඳුවැටියේ හුදකලාව තිබෙන සුපිරි හෝටලයක් වෙන් කරවාගෙන මගේ සුරූපිකාවන් සමඟ නිරෝධායනය වෙන්න. මට දැන් බයක් නැහැ, පාළුවකුත් නැහැ.” වසර දහස් ගණනකට පෙර ලොව පැවැති රජ කාලයකදීවත් අසන්නට නොලැබුණු අපූරු රජ කතාවක් පසුගියදා අසන්නට වූයේ 21 වැනි සියවසේදීය. එනම් මෙය ඩිජිටල් යුගයේ රජ කතාවකි. අප කවුරුත් හොඳින් හඳුනන බෞද්ධ දේශයක් වූ තායිලන්තයටද සාම්ප්‍රදායික රජ පරම්පරාවක් සිටිති. එනම් එය පැවැත එන්නේ 16 වැනි සියවසේ සිටය. මෙම පරම්පරාවේ වත්මන් තායිලන්ත රජතුමා වන්නේ ඉහත පැවැසූ මහා වජිරලෝන්කෝන් නමැති රජතුමායි. දේශපාලනික වශයෙන් තායිලන්තයට අගමැතිවරයකු සිටියද එම රටෙහි අතිශය බලගතු පාර්ශ්වය වන්නේ මෙම රජ පරම්පරාවයි. එරට ජනතාව පවා රජ පරම්පරාවට දැඩි ගෞරවයක් දක්වන අතර, ඔවුනට එරෙහිව ජනතාව හඬ නොනඟති. තත්ත්වය එසේ වුවද අද එම ගෞරවය කණපිට හැරෙන තත්ත්වයට පත්ව තිබේ. එනම් තායිලන්තයේ වත්මන් රජතුමා තම රට කොරෝනාවෙන් වෙළාගෙන සිටිද්දී ඔහුගේ අන්තඃපුරයත් සමඟ ජර්මනියේ නිවාඩුවක් ගත කරන්න යෑමේ පලහිලව්ව නිසා අද තායිලන්තයේ ජනතාව මහත් කලකිරීමකට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඔහු මෙලෙස තම බිරියන් සහ තවත් සුරූපී තරුණ යුවතියන් 20ක්ද පිරිවරාගෙන මෙම යුරෝපීය සංචාරයට ගොස් ඇත්තේ තායිලන්තය පුරා කොරෝනා පැතිරෙද්දීය. සුන්දර සීතල කඳුකරයකදී ගත සිත උණුසුම් කරවන කම්සැප ලබා ගන්නට ගිය ඔහුට සිදුවී ඇත්තේ ‘කොරේ පිටට මරේ’ කතාවකි. එනම් ඔහු තම අන්තඃපුරය සමඟ ජර්මනියට යන විට කොරෝනා යක්ෂයා එහිද දත් විලිස්සාගෙන සිටින්නට වූයේය. වත්මන් තායිලන්ත මහා වජිරලොන්කෝන් රජතුමා කම්සැපට ප්‍රිය කරන පුද්ගලයකු බැව් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය ඔහු හඳුන්වාදී ඇත්තේ ‘ප්ලේ බෝයි’ නොහොත් ‘සෙල්ලක්කාර කොලුවා’ වශයෙනි. එහෙත් ඔහු කොලුවකු නොව වයස අවුරුදු 67ක්වූ වැඩිමහලු මිනිසෙකි. එහෙත් රජකමේ බලයෙන් ඔහු කම්සැප විඳින්නේ ඉතාමත් තරුණ වයසේ යුවතියන් සමඟය. ඔහුට නීතිමය වශයෙන් සිටින බිරියන් ප්‍රමාණයද 05කි. නමුත් ඔහුගේ අන්තඃපුරයට තවත් විවිධ රූමතියන් විශාල පිරිසක්ද අයත් වෙති. තායිලන්තයට බොහෝ ඉපැරැණි රජ ඉතිහාසයක් තිබුණද වත්මන් මහා වජීරලොන්කොන් රජතුමා අයත් වන්නේ 1782 ඇරැඹි ‘චක්රි’ රජ පරම්පරාවටය. එනම් පසුගිය වසර 238ක කාලයට මෙම පරම්පරාවේ රජවරුන් කිහිප දෙනකුම රට පානය කළේය. වත්මන් මහා වජීරලොන්ග්කෝන් රජතුමාගේ පියා වන්නේ බූමිබෝල් අඩ්‍රල්යාදෙජ් රජතුමාය. ඔහු 1927 සිට 2016 තෙක් රජකම කර මරණයට පත්වූයේය. මොහු තායිලන්තයේ ඉතාමත් බලසම්පන්න රජෙකු වූ අතර, පොදු ජනතාව අතරෙහිද ඔහු ඉතා ජනප්‍රියත්වයට සහ ගෞරව ආදරයට පත්ව සිටි පුද්ගලයෙකි. ‘මහා බූමිබෝල් රජ’ වශයෙන්ද ඔහු ප්‍රකටව සිටයේය.

මොහු ‘චක්රි’ රජ පරම්පරාවේ 09 වැනි රජතුමාය. බූමිබෝල් රජු ලෝකයේ මෙතෙක් දීර්ඝ කාලයක් එක දිගට රජකම් කළ රජු වශයෙන් ලෝක වාර්තාවක්ද තබා ඇති අතර, ඔහු රජකම් කළ කාලය වසර 07කි. ඔහු යටතේ තායිලන්තයේ අගමැතිවරුන් 30 දෙනකු සේවය කර ඇත. 2016 වසරේදී බූමිබෝල් රජු අවුරුදු 88ක් වයස්ගතව සිටියදී මියගියේය. මොහු කෙතරම් ජනප්‍රියත්වයට පත්ව සිටියේද යත්, ඔහුගේ දේහය වසරක් පුරා තැන්පත් කර තබාගෙන මහජන ගෞරවයට තබා තිබුණේය. මුළු තායිලන්ත වැසියන්ම ඔහුට ගෞරව දක්වන්ට පැමිණි අතර, වසරකට පසුව ආදාහන උත්සවය පවත්වන ලදී.
මෙම බූමිබෝල් පිය රජතුමාගේ වගතුග ඔබට ටිකක් පවසා සිටියේ එක්තරා අතිශය වැදගත් කාරණයක් ප්‍රකාශ කරන්නටය. ‘චක්රි’ තායි රජ පරම්පරාවේ විවිධ රජවරුන් රැසක් රජකම් කළද, ඔවුන් බොහෝ දෙනකුට රාජමානවිකාවන් බොහෝදෙනකු හෝ අන්තඃපුර බොහෝ තිබී ඇත. මෙම විෂයේදී අති සුවිශේෂ පුද්ගලයා වන්නේද බූමිබෝල් රජුය. එනම් ඔහු එක විවාහයක් පමණක් සිදුකරගත්, අන්තඃපුර කිසිවක් පවත්වා නොගෙන ගිය යහපත් රජවරයෙකි. ඔහුගේ එකම බිරිය 1950 දී විවාහ කරගත් සිරිකිත් කිතියාකාරා රැජින වන අතර, ඇය වත්මන් වජිරලොන්කෝන් රජුගේ මව්තුමිය වෙයි. මේ ආකාරයට බූමිබෝල් රජු පිරිසිදු බුදු දහම අදහමින් මරණය තෙක්ම යහපත් ජීවිතයක් ගත කළ බවට වාර්තා වෙයි.
ඔබට මා කියන්නට යන්නේ කුමක්දැයි දැන් පැහැදිලි වනු ඇතිය. අද ඉන්නේ ඒ යහපත් තාත්තාගේ රාගික පුතාය. අද ඔහු මුහුණදී සිටින වගතුග මාධ්‍යයෙන් කතා කළද මේ අපූරු ඉතිහාසය බොහෝ දෙනකු නොදනියි. කෙසේ හෝ නැවැතත් තායිලන්ත රජුට දැන් යුරෝපයේදී සිදුවී ඇති මහා ඇබැද්දිය දෙස හැරී බලමු. තායිලන්තයේ කොරෝනා වසංගත උවදුර පැතිරෙන විටදී ඔහු තමන්ගේ ජනතාව ගැන කිසිදු තත්ත්වයක් මායිම් නොකර 2020 පෙබරවාරි මාසය අගදී තම බිරියන්, සුරූපිනියන්, ආවතේවකරුවන් සහ ආරක්ෂක භටයන්ද පිරිවරාගෙන විශේෂ ගුවන් යානයකින් ජර්මනියට පැමිණ ඇත්තේ සියලු ප්‍රශ්නවලින් මිදී විවේක සුවයෙන් ගත කිරීමටය.
තායි රජුගේ මෙම කණ්ඩායමට පුද්ගලයන් 119ක් අයත්ව ඇත. කෙසේ හෝ මොවුන් ජර්මනියට පැමිණෙන විට එරට තුළද කොරෝනා වසංගතය පැතිරෙමින් තිබිණි. නිවාඩුවේ දින කිහිපයක් විනෝදයෙන් ගෙවී ගියේය. හදිසියේම ආරංචි වන්නට වූයේ බැරෑරුම් පුවතකි. එනම් රජතුමාගේ තායි පිරිවරේ කිහිප දෙනකුටම කොරෝනා රෝගය වැලඳී ඇති බැව්ය. මෙම තත්ත්වය දැනගත් වහාම තායි රජුට දෙලොව රත්විය. ඔහු වහා කළේ එසේ රෝගී වූ කිහිප දෙනකු ජර්මානු රජයේ ආධාර උපකාර මත එහිදීම රෝහල්ගත කළ අතර, එයට පෙර ඔහුගේ කණ්ඩායමේ තවත් පිරිසක් තායිලන්තයටද පිටත්ව ගොස් තිබිණි. ඉන් පසුව බියට පත් රජතුමා වහාම තීරණය කළේ තමන්ගේ බිරින්දෑවරුන් සහ අනෙකුත් සුරූපිනියන් සමඟ ජර්මනියේ සිටම නිරෝධායනයකට පත්වීමටය. ඔහු වහා මේ බැව් ජර්මානු රජයට පැවැසූ විට ජර්මන් බලධාරීන්ටද ‘තමන්ගේ හොද්ද බොර වන’ හෙයින් රජතුමාට රිසි දෙයක් සිදුකිරීමට සියලු අවසර ලබා දුන්නේය. අනෙකුත් සියලු පහසුකම්ද ලබා දුන්නේය.

මේ අනුව කාර්යබහුල නාගරික පරිසරයෙන් ඉතා දුර බැහැරක පිහිටි සුපිරි හෝටලයක් තෝරා ගත්තේය. එනම් ‘ඇල්පියන්’ නොහොත් ඉතාමත් සුන්දර ‘ඇල්ප්ස්’ කඳුවැටියේ පිහිටා ඇති ‘සොනෙන්බිකල් ග්‍රෑන්ඞ් හොටෙල්’ නමැති තරු හතරේ සුපිරි හෝටලය මුළුමනින්ම ඔවුන් සඳහා වෙන්කර ගත්තේය. එහිදී වෙනත් කිසිදු පාර්ශ්වයකට මෙම හෝටලයට ඇතුළු වීම තහනම්ය. ගාර්මිෂ් නමැති ජර්මානු ප්‍රාන්ත නගරයක මෙම හෝටලය පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ අනෙකුත් සියලු හෝටල් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට නීති ප්‍රකාරව වසා දමා ඇතත්, ජර්මානු රජය මෙම හෝටලය විවෘතව තැබීමට ඉඩදී ඇත්තේ තායි රජුට සහයෝගයක් දැක්වීමක් වශයෙනි. මේ අනුව රජතුමාගේ මෙම පිරිවර සති 02 – 03 අතර කාලයක් මෙම හෝටලයේ නවාතැන් ගනු ලබන අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමද ජර්මන් රාජ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙනු ඇත.
මහා වජිරලොන්කෝන් රජ තවත් නාමයකින් හඳුන්වන්නේ දසවැනි රාම රජු ලෙසය. තම පියා මෙන් යහපත් ජීවිතයක් ගත නොකරන ඔහු දැඩි ස්ත්‍රී ලෝලියෙකි. දැනට ඔහු විවාහගත් බිරින්දෑවරුන් 05 දෙනාම ඉතාමත්ම සුරූපී, සිත් වසඟ කරවන දේහ විලාසයකින් හෙබි කාන්තාවන්ය. ඔහුගේ හතර වැනි බිරිඳ වන සුතිදා යනු ඉතාමත් සුරූපී රූප රැජිනක් සහ ගුවන් සේවිකාවකි. එසේම අවසානයට විවාහ ගිවිසගත් සුරූපිනිය වන නිරාමනී තායි රාජකීය හමුදාවේ තරුණ නිලධාරිනියක් වෙයි. පසුගිය දිනක මෙම තරුණ රැජින මින් පෙර මුලින්ම සිටි රැජිනකට බැණවැදීම හේතුවෙන් රජතුමා ඇයගේ හමුදා පට්ටම් සියල්ල ගලවා දැමූ අතර, ඇයට රජුගේ දෙපතුල අසල බිම දිගාවෙමින් වැඳ වැටෙමින් සමාවද අයදින්නට විය. පසුගිය 2019 වසරේදී වූ මෙම සිදුවීමේ සේයාරූ මාධ්‍යයෙහි පවා පළවිය. මේ ආකාරයට මෙම රැජිනියන් මෙම රජුට ඇත්තේ දැඩි ගෞරවයක් මෙන්ම දැඩි බියකි.
67 වැනි වියැති මෙම සෙල්ලක්කාර රජතුමාගේ වත්මන් ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට තායිලන්තය තුළ දැඩි මහජන උද්ඝෝෂණයක්ද ඇතිවී තිබෙයි. තම රට කොරෝනා වෛරසයෙන් වෙළීගෙන යද්දී මෙම රජු සුරූපිනියන් ඇතුළත් අන්තඃපුරයක් රැගෙන යුරෝපයේ විනෝද නිවාඩුවක් ගත කරන්නට යෑම ගැන මෙම බලවත් මහජන උද්ඝෝෂණය උද්ගත විණි. මේ වන විට තායි ජනතාව දස දහස් ගණනින් මෙම ක්‍රියාපටිපාටියට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අන්තර්ජාලය හරහා විවිධ චෝදනා නඟමින් සිටිති. ‘අපට රජ කෙනකු අවශ්‍යදැයි’ ඔවුන් නඟන ප්‍රධාන ප්‍රශ්නය වෙයි. සාමාන්‍යයෙන් තායිලන්තයේ රජ පවුල විවේචනය කිරීම අතිශය බලවත් වරදක් වන අතර, එය වසර 15ක් දක්වා සිර දඬුවම් විඳිය හැකි වරදකි. එහෙත් මේ කිසිදු තත්ත්වයකට බිය නොවෙමින් දැන් පොදු තායි ජනයා මෙම රජතුමා විවේචනය කිරීමේ නිරතව සිටිති.
කෙසේ හෝ තායි රජතුමා සුරූපිනියන් සමඟ කම්සැප ලබන නිරෝධායනයකට ලක්ව ඇති හෙයින් මේ වන විට ඔහුට ජනතා විරෝධයද ඇසෙන්නේ නැත. මෙවන් ‘නිරෝධායන වාසනාවක්’ ලොව කිසිවකුටවත් ලැබී නොමැත. අහෝ වාසනාව.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

බුද්ධි අංශ 50,000ක් වටකරගෙන.. -‌සතියේ CID වාර්තාව ‌මෙන්න

Next Post

ස්පාඤ්ඤ උණෙන්-‌ලෝක යුද්ධයෙන්-‌කොරෝනාවෙන් තුන් පාරක් මැරිලා ඉපදුණු අවුරුදු 101ක ඉතාලි සීයා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.