• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

තැනින් තැන යළිත් මතුවන ක්ලේමෝ නාටකය

October 19, 2019
in CID, Exclusive
Reading Time: 3 mins read
A A
තැනින් තැන යළිත් මතුවන ක්ලේමෝ නාටකය
Share on WhatsAppShare on Facebook

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වන්නේ මෙවර මැතිවරණයට බව මේ වන විට මුළු රටම දන්නා කරුණකි. අලුත් කතාව වන්නේ ඒ අපේක්ෂකයන් 35 දෙනාගෙන් වැඩි දෙනෙක්ම තමන්ට තර්ජන ඇතැයි කියමින් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලා සිටීමය. ඒ අතර දකුණේ පාතාලයට සම්බන්ධ අපේක්ෂකයකු සිටින්නේ ඉහළින්මය. එම අපේක්ෂකයාට ජීවිත තර්ජනයක් එල්ලවී ඇත්නම් ඒ ඩුබායි රටේ රැඳී සිටින දකුණේ පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගෙනි. එම ලැයිස්තුවට ඔහු ඇතුළත් වන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් වීම නිසා නොව, ඊට බොහෝ කාලයකට පෙරය. ඊට හේතුව එම අපේක්ෂකයාගේ කල්ලිය අතින් කොස්ගොඩ සුජීගේ ගෝලබාලයන් කිහිප දෙනකුටම තර්ජන එල්ලවී තිබූ බැවිනි.

මේ අපේක්ෂකයන්ට ආරක්ෂාවක් අවශ්‍යමද?

දැන් ඔහු ජනපති අපේක්ෂක වරප්‍රසාදයට මුවාවී පොලීසියෙන් ආරක්ෂාවක් ඉල්ලා සිටින්නේ කොස්ගොඩ සුජීගේ තර්ජනයට ප්‍රතිචාරයක් වශයෙනි.
තර්ජනයට ලක්ව ඇතැයි පවසමින් ආරක්ෂාව ඉල්ලා සිටින ජනාධිපති අපේක්ෂකයන් අතර ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ද, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍රද සිටිති. 01%ක වත් ඡන්ද පදනමක් නැති මෙම අපේක්ෂකයන් මෙතෙක් කලක් සිටියේ නිදහසේය. ඒ අයට කිසිදු ජීවිත තර්ජනයක්ද නොවීය. ජනපති අපේක්ෂකයන් වූ පමණින් ඔහුන් ආරක්ෂාවක් ඉල්ලා සිටින්නේ සැබෑ ලෙසම ජීවිත තර්ජනයක් ඇති නිසාද නැති නම් වෙනත් අරමුණක් ඇතිවදැයි යන්න පිළිබඳ ඇත්තේ සැබෑවටම ගැටලුවකි. මේ නිසාම වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න තීරණය කර ඇත්තේ ආරක්ෂාව ඉල්ලා සිටින අපේක්ෂකයන් සම්බන්ධයෙන් ආරක්ෂක තක්සේරුවක් කරන්නටය.
ඒ අතර බුද්ධි අංශ රහස් වාර්තාවක් මගින් විශේෂයෙන් දැනුම්දී තිබුණේ ප්‍රධාන අපේක්ෂකයන් සිව් දෙනකුගේ ආරක්ෂාව ගැනය. ඒ සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, මහේෂ් සේනානායක යන අපේක්ෂකයන්ගේය. පොලීසිය මේ අපේක්ෂකයන් පෞද්ගලිකව මුණගැසෙමින් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම් ගැන යම් කතාබහක නිරතව සිට ඇති අතර අනුර කුමාර දිසානායක නම් පොලීසියට එහිදී දැනුම්දී ඇත්තේ තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට එතරම් ගැටලුවක් නැති බවත්, අවශ්‍යතාවක් ඇති වුවහොත් දැනුම් දීමට පියවර ගන්නා බවත්ය. හිටපු හමුදාපති මහේෂ් සේනානායක නම් පොලීසියෙන් ඉල්ලා ඇත්තේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් පමණි.
මෙහිදී ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් සහ ගෝඨාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය ගැටලුවකට මැදිවී ඇත. සැබෑ ලෙසම තර්ජනයක් ඇත්තේ ඔවුන් දෙදෙනාට බැවින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද පොලීසිය මේ වන විට ක්‍රියාත්මක කර හමාරය. ඒ අනුව එම අපේක්ෂකයන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීමට පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු පත්කිරීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න පියවර ගෙන හමාරය. ඒ එම අපේක්ෂකයන් දෙදෙනාගේ එකඟත්වය මතය. ඒ අනුව ගොඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව ගැන සොයාබැලීමටත් සම්බන්ධීකරණය කිරීමටත් පත්කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපති ආරක්ෂක බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී තිලකරත්නවය. සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීමේ කටයුත්ත පවරා ඇතිතේ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩිටය. පොලීසියේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් වන ඔහු ඉකුත් මහාමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයටද තරග කළේය. එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක ධුරයද දැරූ ඔහු මෙවර ජනාධිපතිවරණ උණුසුම අස්සේ පොලීසියට එන්නේ දේශපාලන පලිගැනීම් ලැයිස්තුවෙන් විශේෂ කැබිනට් අනුමැතියකිනි.
ප්‍රිශාන්ත පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සේවයේ නිරතව සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදීය. එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සේවයේද ඔහු අවස්ථා කිහිපයක්ම රැඳී සිටියේය. ඔහු එවක හිටපු පොලිස්පති ඉලංගකෝන්ගේද සමීපතමයෙකි. හිටිහැටියේම 2013 වසරේදී ඔහු පොලිස් සේවයෙන් අතුරුදන් වී යළි ඕස්ටේ්‍රලියාවෙන් මතුවිය. ඔහුගේ දරුවා අධ්‍යාපනය ලැබුවේ ඕස්ටේ්‍රලියාවේය. ඉලංගකෝන්ට කියා නිවාඩු අනුමත කරගෙන ඔහු ඕස්ටේ්‍රලියාවට යන්නේ දරුවා බලන්නට යැයි කියාය. ඒ ගිය ඔහු නැවත මෙරටට නොයා, තමන්ට ජීවිත තර්ජන ඇතැයි කියා එරට රැකවරණ ඉල්ලා සිටියේය. නමුත් ඔහු වසර දෙකකට කිට්ටු කාලයක්ම ඕස්ටේ්‍රලියාවේ රැඳී සිටියේය. ඒ කාලය තුළ පොලිස් සේවය අතහැර ගියේ යැයි කියා ඔහුට ලිපි පවා නිකුත් විය. ප්‍රිශාන්ත ජයකොඩි මතුවන්නේ ඉකුත් ජනාධිපතිවරණ සමයේදීය. එහිදී ඔහු ෆේස්බුක් සහ වීඩියෝ මගින් රාජපක්ෂලාට පහර ගැසුවේය.
ප්‍රිශාන්ත මෙරටට එන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ විටය. ඒ 2015 වසරේය. එසේ පැමිණි ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායකකම ගත්තේය. මහ මැතිවරණයට ගම්පහින් තරග කර පරාජය වූ තැන නැවතත් පොලිස් සේවයට එන්නට ඉල්ලීමක් කළේය. ඊට දැඩිව විරෝධය දක්වන්නේ පොලිස්පති ඉලංගකෝන්ය. අවසානයේදී පොලිස් කොමිසමද ඊට එරෙහිවි විය. අන්තිමට ඔහු පොලිස් සේවයට මෑතකදී එන්නේ කැබිනට් අනුමැතියකිනි. ඒ පැමිණි ඔහුට ළඟදීම නියෝජ්‍ය පොලිස්පති ධුරයද හිමිවනු ඇත. ඒ ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනාම පාහේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන බැවිනි.
දේශපාලන පක්ෂයක ආසන සංවිධායකවරයෙක් මේ ආකාරයට නැවතත් පොලිස් සේවයට පැමිණීම ගැන පොලීසිය තුළ ඇත්තේ දැඩි කතාබහකි. ජාතික පොලිස් කොමිසම නම් පවසන්නේ එම පත්වීම කැබිනට් අනුමැතියක් නිසා එය තමන්ට ලබාදීමට සිදුවූ බවයි.

අනතුරින් ‌බේරෙන්න ශ්‍රී රංගා ගහපු අමුතු ‌ගේම

2011 වසරේ මාර්තු 30 වැනිදා සෙට්ටුකුලම රෝහල ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියකු මියයෑමේ සිද්ධියක් මෙතෙක් කලක් පැවැතියේ යට ගැසුණු අපරාධයක් ලෙසිනි. එම අනතුරට වගකිවයුතු වූයේ එවකට නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි ශ්‍රී රංගාය. රංගා පදවාගෙන ගිය එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන රෝහල් තාප්පයේද ගැටී ගසක වැදී නතරවන්නේ ඒ වන විට මෝටර් රථයේ සිටි ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් අයෙක් මියයමිනි. මේ අනතුරින් රංගාව ගලවන්නේ අනතුරින් මියගිය සැරයන් පුෂ්පකුමාර අනතුර සිදුවන විට මෝටර් රථය පැදවූ බවට පොලිස් පොත්වල ව්‍යාජ සටහන් තබමිනි. ඒ සියල්ල පිටුපස සිටියේ එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරියයි. ඔහුට ඒ දේ කරන්නැයි කියන්නේ ඊට උඩින් සිටියෙකි.
මහින්ද බාලසූරිය ලස්සනට පොලීසිය මෙහෙයවා රංගාව බේරාගත්තේය. මියගිය පොලිස් සැරයන්වරයාගේ දරුවන්ගේ අධ්‍යාපනයට උදව් උපකාර කරන්නටත් රංගා පොරොන්දු විය. හිසට සෙවනක් නොමැතිව සිටි ඒ පවුලට නිවෙසක් පවා ඉදිකර දෙන්නට රංගා පොරොන්දු විය. ඒ, ඔහු හිරේ විලංගුවේ නොවැටෙන්නේ මියගිය සැරයන් පුෂ්පකුමාරට පින් සිදුවන්නට වූ බැවිනි.
මාසයක් දෙකක් ගියේය. රංගාට සියල්ල අමතක විය. ඒ ගැන මතක් කරන්නට ගිය සැරයන් පුෂ්පකුමාරගේ බිරිය සහ දරුවන්ව ඔහු පන්නා දමන්නේ නිහීන විදියටය. සිය සැමියාගේ මරණයට සාධාරණයක් ඉල්ලා ඇය පොලිස් මූලස්ථානයට යන්නේ ඒ අනුවය. ඒ වන විට පොලිස්පති පුටුවේ සිටින්නේ ඉලංගකෝන්ය. ඔහු ඒ ගැන විමර්ශනයක් පැවැත්වීමට ගොනු සකස් කළද 2015 වන තුරුම එම විමර්ශනය සීමා වූයේ ලිපිගොනුවකට පමණි. ඒ පැවැති ආණ්ඩුව යටතේ රංගාට අතවත් තබන්නට ඉඩක් නොවූ බැවිණි. 2016 වන විට ඒ ගොනුව විමර්ශනයට ලක්කර සෙට්ටිකුලම රිය අනතුරේ ඇත්ත නැත්ත හෙළිකර ගන්නා පොලිස් විශේෂ විමර්ශන ඒකකය ගොනුව යොමුකරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටය. වසර තුනක් තිස්සේම නීතිපති දෙපාර්තමේන්තුවේ තිබුණු එම ගොනුව විවෘත වෙමින් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන්නේ ඉකුත් සතියේය. ඒ, ශ්‍රී රංගාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ මාරක රිය අනතුරක් සිදුකිරීම, අනතුර වාර්තා නොකිරීම සහ අනතුරක් සැඟවීම යන වැරැදි ගොන්නකටම චෝදනා කරමිනි. ඒත් එක්කම ශ්‍රී රංගාව සඟවා එම අනතුර වෙනස්කරමින් කටයුතු කළ පොලිස් නිලධාරීන් හයදෙනකුට එරෙහිවද පියවර ගන්නැයි නීතිපති පොලීසියට දැනුම් දෙන්නේ, අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්ද දෙමිනි. ඒ අය අතර වව්නියාවේ එවකට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න, පොලිස් අධීකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාර, සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති රොහාන් සංජීවද සිටිති. එහෙත් මේ ඔක්කොමට වගකිව යුතු මහින්ද බාලසූරිය ගැන ගන්නා ක්‍රියාමාර්ගයක් එහි සඳහන්ව නැත.

ඇවන්ගාඩ් ‌සේනාධිපතිට වුණු ‌නොහිතපු ‌දේ

පාවෙන අවි ගබඩාවක් නීති විරෝධි ලෙස පවත්වාගෙන යෑමේ වරදට ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නේද ඉකුත් සතියේදීය. ඒ, ඔහු සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ශෛල්‍යකර්මයකට ලක්ව නැවත මෙරට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවට ගත් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් දීර්ඝ ලෙස ප්‍රශ්නකොට ඉකුත් 17 වැනිදා ඉදිරිපත් කරන්නේ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයටය. එහිදී ඔහුව බන්ධනාගාරගත කෙරෙන්නේ නොවැම්බර් 08 වැනිදා දක්වාය. ඒ ඔහුද බලාපොරොත්තු නොවූ ලෙසිනි.
නිශ්ශංක සේනාධිපතිට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ 2014 වසරේ අප්‍රේල් 07 වැනිදා සිට 2015 වසරේ ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා කාලසීමාව තුළ හික්කඩුව ආසන්න මුහුදේ එම්.වී. ඇවන්ගාඞ් නමැති නෞකාව තුළ නිසි බලපත්‍ර නොමැතිව ස්යංක්‍රීය අවි 816ක් සහ පතොරම් දෙලක්ෂ නවසිය තිස්පහක් තබාගැනීමය. සේනාධිපති ඇතුළු 13 දෙනෙක්ම චෝදනාවට ලක්වූවන් අතර සිටිති. හිටපු නාවික හමුදාපතිවරු කිහිප දෙනෙක්ද ඒ අතර සිටිති.
ඔවුන් ඇවන්ගාඞ් සමාගමේ සේවකයන්ය. මේ අයට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති චෝදනා ගණන 7,573කි. පසුගිය සැත්තැම්බර් 10 වැනිදා එම චෝදනා අධිකරණයේ ගොනුවන විට නිශ්ශංක යන්නේ සිංගප්පූරුව බලාය. බොහෝ අය සිතන්නේ ජනාධිපතිවරණය අවසන් වන තුරුම ඔහු මෙරටට නොඑයි කියාය. එහෙත් ඔහු ඉකුත් 16 වැනිදා මැදියම් රැයේ මෙරටට එන්නේ ඒ කවුරුත් පුදුමයට පත්කරමිනි. ඒ පැමිණි ඔහුට ඇප හිමිවෙතැයි අවසානයේදී කොයි කවුරුත් හිතුවත් සිදුවන්නේ ඔහු බන්ධනාගාරගතවීමය.
රටපුරා බෝම්බ බියක් පැතිරෙන්නේද මේ අතරතුරදීය. එය හුදෙක් කටකතාවක් පමණි. ඉකුත් 16 වැනිදා එම කටකතාව රටපුරා පතුරුවන්නේ සංවිධානාත්මකවය. ඒ, පාසල් දරුවන් ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවන්නට නියමිතව ඇතැයි කියමිනි. එම කටකතාව මවුපියන් ඇවිස්සීමට පතුරුවන ලද්දකි.
පාසල් ගේට්ටු ඉදිරිපිටට එදා මවුපියන් ඇඳිවතින්ම ආවේ ඒ නිසාය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ ආකාරයේ ව්‍යාජ කටකතා පැතිරවීම් 5,000කට වැඩි ප්‍රමාණයක් ගැන වාර්තා වී ඇති බවය. මෙවර මේ කටකතාව පිටුපස ඇත්තේ දේශපාලන ක්‍රියාවලියක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. ත්‍රස්ත බිය ජනතාවගේ හිත් තුළට යළි කාවද්දවා ජනාධිපතිවරණයේ වාසි ගැනීම ඒ පිටුපස තිබෙන්නට හැකි බැවින් කැෆේ සංවිධානය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමෙන් සහ පොලීසියෙනි.

සේරුනුවර ක්ලේමෝ නාටකය

සේරුනුවරින් යුදු හමුදාව අල්ලාගත්තේ යැයි කියන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුගේ තොරතුරු මත යාපනයෙන් කිලෝ 15 බැගින් බර ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගන්නේද මේ අතරතුරදීය. ඉකුත් සතියේ එම බෝම්බ සොයාගන්නා විට විපක්ෂයේ දේශපාලනඥයන් බිල්ලෙක් මවන්නේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ යැයි කියමිනි. සේරුනුවරින් අල්ලාගත් ත්‍රස්තවාදියා කරුණා අම්මාන් ඝාතනය කරන්නට සූදානමින් සිටියෙක් බවද කීවේය.
එහෙත් මේ ත්‍රස්තවාදියාව රඳවාගෙන විමර්ශන පවත්වන ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ මේ සියල්ල සැලසුමකට අනුව සිදුවී ඇති රංගනයක් බවය. කරුණා මරන්න සිටියේ යැයි කියා සේරුනුවරින් හමුදාව අල්ලා පොලීසියට භාරාදෙන ත්‍රස්තවාදීයා පවා හමුදාවේ දීර්ඝ කාලීන ඔත්තුකරුවෙකි.
කිලිනොච්චියේ ඔහුගේ නිවෙසින් සොයාගත් ආයුධ පවා ඔහුට ලබාදී ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් විසිනි. එයත් යම් සැලසුමකට අනුව සිදුවූවක්ය. යාපනයෙන් ගොඩගත් ක්ලේමෝ බෝම්බ දෙකද යුද්ධය පැවැති සමයේ වළදැමූ ඒවාය. එම බෝම්බ වළදමන්නේ අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියාය. ඔහුගේ නිවෙසේ තිබී හමුවන්නේද එසේ වළදමා තිබියදී ගොඩගත් ආයුධය. ඒවා ගොඩගෙන නිවෙසේ තබාගන්නේ ඔහුව මෙහෙයවන පුද්ගලයන්ගේ අවශ්‍යතාවටය. ඒ පුද්ගලයන් කවුරුන්දැයි කියා ත්‍රස්ත විමර්ශන කාර්යාංශය හෙළිකරගෙන ඒ ගැන අවශ්‍ය තැන්වලටද මේ වන විටත් දැනුම්දී හමාරය. හෙළිවී ඇති ආකාරයට මේ සියල්ලක්ම සිදුවන්නේ මැතිවරණය ඉලක්ක කරමිනි. ඉදිරියේදී තවත් මෙවැනි බොහෝ දේවල් සිදුවනු ඇතැයි බුද්ධි අංශ පවා සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

ජනපතිවරණය අස්සේ බැසිල් අගමැති ‌පත්කරන ‌මෙහෙයුමක

Next Post

නිල නිවෙසත් අරන්ම විශ්‍රාම යන සරල ජනපති (රාජ්‍ය රහස්)

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.