ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් අගමැතිවරයා පත්කරගැනීමේ මෙහෙයුමක මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතා නිරත වෙමින් සිටින බව දැනගන්නට ඇත.
19 වන සංශෝධනයට අනුව වසර හකරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි නිසා ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් පත්කිරීමට නම් පවතින පාර්ලිමේන්තුවේ බහුතරය සොයා ගැනීමට පොහොට්ටුවට සිදුවනු ඇත.
මේ තත්ත්වය මත බැසිල් රාජපක්ෂ මහතා දැනටමත් ආණ්ඩුවේ ඇතැම් සුලු පක්ෂ සමග මේ පිළිබදව සාකච්ජා කර ඇති බවත්, ඇතැමුන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් දැනගන්නට ඇත.