ගම්පහ දිස්ත්‍රික් සණස සමිති සංගමය විසින් මහා මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව එහි බාහිර මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.
ගම්පහ දිස්ත්‍රික් සණස මුදල් තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා සඳහන් කරන්නේ එම වංචාව හේතුවෙන් එම බැංකුවේ තැන්පත්කරුවන් දහස් ගණනකට රුපියල් කෝටි 302ක් අහිමි වී ඇති බවය.
සභාපතිවරයා සහ ලේකම්වරයා චෝදනා කරන්නේ මෙම වංචාව සිදු කර ඇත්තේ අදාළ සංගමයේ නියාමනය බාරව ඇති බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස්වරුන්ගේ සහ ගම්පහ දිස්ත්‍රික් සහකාර සමූපකාර කොමසාරිස්වරුන්ගේද සහයෝගය සහිතව බවය.
එම මුදල් නැවත ලබා ගැනීම සඳහා වසර දෙකක කාලයක් උත්සාහ කළද එම ප්‍රයත්නය මේ දක්වා සාර්ථක වී නැත.