කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 4 දෙනෙක් ඊයේ (24) දින මියගොස් ඇති අතර විදේශිකයන් දෙදෙනකුද ඒ අතර සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 642කි.
එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විදේශික පිරිමි පුද්ගලයෙක්, රත්ගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 4 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විදේශික පිරිමි පුද්ගලයෙකි.