• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

කිසිම මාධ්‍යයක නොගිය කොස්ගොඩ තාරක පාතාලයට ආ හැටි-ගහපු ගේම්-මරපු අය සහ අන්තිම පැය 24! EXCLUSIVE

May 19, 2021
in CID, Exclusive
Reading Time: 6 mins read
A A
කිසිම මාධ්‍යයක නොගිය කොස්ගොඩ තාරක පාතාලයට ආ හැටි-ගහපු ගේම්-මරපු අය සහ අන්තිම පැය 24! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

රටම හොල්ලාගෙන සිටි පාතාල අපරාධකරුවෙක් වූ මාකදුරේ මධුෂ්ගෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා සිටි තවත් එවැනිම පාතාල අපරාධකරුවෙක් වූ ධර්මකීර්ති තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක ද පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්විය. ඒ ඉකුත් 13 වෙනිදාය.

2019 වසරේ පෙබරවාරි 04 වෙනිදා ඩුබායි හී තරු පන්තියේ හෝටලයක මෙරටින් ගෙන්වා ගත් මිත්‍රයින් සමග සිය දියණියගේ උපන්දින සාදය සමරමින් සිටි මධුෂ් එරට පොලීසියට කොටුවීමෙවන් අනතුරුව රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට ගොස් ඔහුවද රැගෙන යළි දිවයිනට පැමිණෙන්නෙ ඉතා ජයග්‍රාහී අයුරිනි. ඔහු එතැන් පටන් වසර එකහමාරකට කිට්ටු කාලයක් මේ අපරාධකරුව රදවා සිටියේ රහස් පොලීසියේ හතරවැනි තට්ටුවේය. ආරක්ෂක ලේකම්වරයාගෙන් ඒ සදහා රදවා ගැනීමේ නියෝගයක්ද ලැබී තිබුණි. එම නියෝගය අවසන් වන්නට තිබුණේ දින කිහිපයකි. මධුෂ්ව එතරම් කාලයක් රහස් පොලීසියේ තබාගෙන සිටියත් ඔහුගෙන් සොයාගත් දෙයක් නැති තරම්ය. රහස් පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙක්ගේ සුරතලෙක් බවට පත්ව සිටි මධුෂ්ව කොළඹ අපරාධ පරීක්ෂණ බියුරෝව හෙවත් සී.සී.ඩී.යට භාරදෙන්නේ රදවා ගැනීමේ නියෝගය අවසන් වන්නට දින කිහිපයක් ඉතිරිව තිබියදීය. අපරාධ පරීක්ෂණ බියුරෝව මධුෂ්ව දෙමටගොඩ ඇති සිය බියුරෝවට රැගෙන ගොස් ප්‍රශ්න කළේය. වසර එකහාමරක් තිස්සේ තමන් යටතේ තබාගෙන සිටි මධුෂ්ගෙන් සොයා ගන්නට බැරුවුණු දේවල් ගොඩක් හෙළිකර ගත්තේය. මත්කුඩු තොගයක්ද ඒ අතර විය. දිනක් දෙකක් ගතවිය. තෙවැනි දින රාත්‍රිකාලයේ මධුෂ්ව මාළිගාවත්තට රැගෙන යන්නේ මත්කුඩු තොගයක් සොයා ගන්නට යැයි කියාය. එහිදී මධුෂ් වෙඩි කා මරුමුවට පත්වන්නේ නාදුනන වෙඩික්කරුවෙකුගෙනි. පොලීසිය බලා සිටියදී මධුෂ්ට වෙඩි තබා ඔහු පළා ගියේය.

කොස්ගොඩ තාරකගේ ඉරණමද විසදෙන්නේ මධුෂ්ගේ ඉරණම විසදුනු ආකාරයටම නොවූවත් සමාන කම් බොහෝය. තාරක වසරකට කිට්ටු කාලයක්ම රහස් පොලිසීයේ සිටියේය. රහස් පොලීසියේ නිලදාරීන් තාරකව රහස් පොලීසියට ගන්නේ බන්ධනාගාරයේ සිටියදීය. තාරක බන්ධනාගාරයේ සිටින්නේ රිමාණ්ඩ් සිරකරුවෙක් ලෙසිණි. ඒ මාතර නිලේකා ජුවලරි කොල්ලයට හසුවීමෙනි.

2017 වසරේදී නිලේකා ජුවලරි කොල්ලය සිදුකරන විට එය වල්කව්නට ඉදිරිපත් වූ’මාතර පොලීසියේ නිලධාරියෙක්ද තාරකගේ වෙඩි පහරින් මියගොස් තිබුණේය. මිය යන්නට පෙර තාරකට එම නිලධාරියා වෙඩි තබාද තිබුණි. තාරකගේ පාදයකට එම වෙඩිල්ල වැදුණේය. තුවාල සහිතව ගාල්ලට යන ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් වන්නේ බොරු නමකිනි. වෙඩි වැදීමක් නිසාම වෛද්‍යවරු ඔහු ගැන පොලීසියට කීවේය. ඒ අනුව වසර ගණනාවක් තිස්සේම පොලීසියට කට්ටි පනිමින් සිටි තාරක කොටුවිය. එදා සිට තාරක සිටියේ හිරගෙදරය. හිර ගෙදර සිට ඔහු මත්කුඩු ජාවාරම කරගෙන ගියේය. හමුදාවේ මිතුරන්ගෙන් විශාල වශයෙන් ආයුධ රැගෙන පාතාලය අතර බෙදා හැරීමක්ද කළේය. මේ දේවල් කරගෙන යන්නේ වැලිකඩ හිර ගෙදර සිටය. ජංගම දුරකතන භාවිතා කරන්නට ඔහුට හිර ගෙදර තහංචි නැත. බන්ධනාගාර නිලදාරීන් තාරකගේ රුපියල් ශතවලට සැලෙන්ඩර්ය.

තාරකට වැඩ වරදින්නේ වත්මන් රජය බලයට පත්වීමත් සමග දරුණු ගණයේ අපරාධකරුවන් වෙනුවෙන් වෙනසකට ලක්කල බූස්ස බන්ධනාගාරයට තාරකව රැගෙන යාමත් සමගිනි. තාරක පමණක් නොව, කංචිපානි ඉම්රාන්, පොඩි ලැසී වැනි දරුණු සංවිධානාත්මක අපරාධකරුවන් එහි සිරගත කළෝය. ජංගම දුරකතන මේ බන්ධනාගාරයට රැගෙන යාම අසීරුය. ඒ නිසාම සංවිධානාත්මක අපරාධකරුවන් වෙනත් සිරගෙවල්වල දැමූ සෙල්ලම් මෙහි දමන්ට ඉඩක් නොවීය. එබැවින් කොස්ගොඩ තාරක ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් උපවාසයක් ආරම්භකරන්නට ගත්තේ පහසුකම් ඉල්ලමිණි. ඒ ගැන සොයා බලන්නට ගිය බන්ධනාගාරයේ ලොක්කන්ට ඔවුන් තර්ජනය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නටද මරණිය තර්ජනයක්ද ගෙන දෙමිණි.
එම තර්ජනය ගැන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල්දෙණිය රහස් පොලීසියට පැමිණිල්ලක් කළේය. ඒ අනුව පොඩි ලැසී ඇතුළු කිහිප දෙනෙක්ම රහස් පොලිස් භාරයට විමර්ශන සදහා ගත්තේය. ඒ අධිකරණයෙන් ලබාගත් අවසරයන් මතය. කොස්ගොඩ තාරකවත් රහස් පොලිස් භාරයට එම විමර්ශන කටයුත්තට ගැනීමට අවශ්‍ය විය. නමුත් ඔහුව රහස් පොලිස් භාරයට ගන්නේ ගිනි අවි ඡාවාරමක් ගැන විමර්ශනයක් සදහාය. පිටිපන ව්‍යාපාරික ස්තානයකින් පොලිස් විහේෂ කාර්ය බලකාය විසින් සොයාගත් ගිනි අවි 10 හා තාරක අතර සම්බන්ධයක් හෙළිවිය. එම ගිනි අවි තාරකගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයෙක් දඹුල්ලේ සිට රැගෙන ආ බව කියන්නට විය. එම අවි ප්‍රවාහනය කිරීමට මාධ්‍යෙව්දියෙක්ද සැකපිට රහස් පොලීසිය අත්අඩංගුවට ගත්තේය. හමුදාවේ කිහිප දෙනෙක්ද ඇතුළුව 20 කට වැඩි පිරිසක් විටෙන් විට අත්අඩංගුවට ගත්තේය. ඒ අය තවමත් සිටින්නේ රහස් පොලිස් භාරයේය. ඒ අය විසින් විටෙන් විට හෙළිකරන තොරතු මත ගිනි අවි බොහොමයක්ම සොයා ගත්තේය. එසේ සොයාගත් අවි ගණන 44 ක් පමණ බව සදහන්ය. තාරකගෙන්ද ප්‍රශ්න කර අවි සොයා ගත්තා පමණක් නොව, මේ අවි ජාවාරමේ බොහෝ තොරතුරු හෙළිකරගත්තේය. ඒ තොරතුරුවලට අනුව ගිනි අවි තාරකගේ කල්ලියට ලැබෙන්නේ හමුදාවට සම්බන්ධ වූවන් කිහිප දෙනෙකුගෙනි. ඒ ගැන විමර්ශනයක් පැවැත්වෙන බැවින් වැඩි යමක් සටහන් කිරීම නුසුදුසුය. එය රාජ්‍ය ආරක්ෂාවටද බලපානු ඇත. රහස් පොලීසිය එම අවි ගැන බොහෝ තොරතුරු සොයාගෙන අවසන්ය.

වසරකට කිට්ටු කාලයත් රහස් පොලීසියේ සිටි තාරක ඉකුත් 12 වෙනිදා පෑලියගොඩ පිහිටා ඇති බස්නාහිර පළාත් අපරාධ විමර්ශන බියුරෝවට භාරදෙන්නේ ඒ අයට තාරකගේ අපරාධ ගැන ලැබී තිබුණේ යැයි කියන තොරතුරු විමර්ශනයකටය. පෑලියගොඩ නවලෝක ගොඩනැගිල්ලට රැගෙන ගිය තාරකගෙන් ඒ නිලධාරීන් ප්‍රශ්න කළේය. පොලීසිය කියන්නේ රහස් පොලීසියට නොකී දේවල් තාරක හෙළිකළ බවය. තාරකව කොස්ගොඩ පැත්තේ සුසාන භූමියකට රැගෙන ගියේ යැයි කියන්නේ ඒ අනුවය. එහි සොහොනක ආරක්ෂිතව සගවා තිබුණු ටී 56 අවි 04 ක්ම සොයා ගන්නේ මැගසින් හතරක් සහ පතොරම් විශාල ප්‍රමාණයක්ද සමගිනි. රහස් පොලීසියට මේ දේවල් වසරකට කිට්ටු කාලයක් තිස්සේ සොයා ගන්නට බැරිවුනාට පෑලියගොඩ අපරාධ බියුරෝව තාරකගෙන් ප්‍රශ්න කළ මුල් පැයේම සියල්ල හෙළිකර ගැනීම අගය කළ යුතුය.

කොස්ගොඩ සොහොන් භූමියෙන් ටී 56 අවි ගොඩ ගැනීමෙන් අනතුරුව පෑලියගොඩ අපරාධ බියුරෝවේ නිලධාරීන් තාරක සමග 13 වෙනිදා අලු‍යම මීරිගම පැත්තට යන්නේ සගවා ඇතැයි හෙළිකලායැයි කියන ස්නයිෆර් අවියක් සොයා ගන්නටය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන කියන්නේ ඒ ගමනේදී සිදුවූ’යම් සිදුවීමකින් තාරකට පොලිසියෙන් වෙඩි වැදී තුවාල ලබා මිය ගිය බවය. ඒත් එක්කම තාරකගේ ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත් විය. මාංජු දමා අපරාධ බියුරෝවේ රදවා සිටි තාරක ජීවතුන් අතර දකින්නට ලැබුණේ එම අවස්ථාවේදීය. එම ඡායාරූප එම බියුරෝවේ නිලධාරියෙකුගේ ජංගම දුරකතන කැමරා කාචයේ සටහන් වූවකි. විවිධ ඉරියව් වලින් ලබාගත් එම ඡායාරූප තාරකගේ මරණින් පසු මාධ්‍යයටද නිකුත් විය. ඒ තාරකගේ මරණයේ පුවත සමගිනි. ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනු ලැබුවේ තාරක වෙඩි වැදී මිය යාමේ සිදුවීමට අදාලව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය. වතුපිටිවල රෝහලේදී එම නිලදාරියාට ශෛල්‍ය කර්මයක්ද සිදුකර තිබුණි.
කොස්ගොඩ තාරක පෑලියගොඩ අපරාධ බියුරෝවට භාරදෙන විට ඒ ගැන වඩාත්ම කලබලයට පත්වන්නේ තාරකගේ මවයි. ඇය ඒ ගැන කියන්නට හැකි සෑම තැනකටම ලිඛිතව කීවේ තාරකගේ ජීවිතයට අනතුරක් සිදුවේ වැවි යැයි සැකකරමිණි. ඒ සැකය ඇයට ඇති වන්නට හේතු සාධක ඕනෑ තරම්ය. මාකදුරේ මධුෂ්ගේ මරණය එක් සාධකයක් පමණි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පාතාල අපරාධකරුවෙක් මුලින්ම පොලිසියෙන් වෙඩි කා මරුමුවට පත්වන්නේ 2020 ජුනි 07 වෙනිදාය. ඒ ගොනා කෝවිලේ රාජා නැමැති අපරාධකරුය. මිනුවන්ගොඩ පාළු පොල්වත්තක පිහිටි ගරා වැටුණු නිවසක සැගවී සිටියේ යැයි කියන එම අපරාධකරු වෙඩි කා මිය යන්නේ පෑලියගොඩ අපරාධ බියුරෝවේ නිලධාරීන් අතිනි.

එසේම අංගොඩ ලොක්කාගේ අපරාධ කල්ලියේ ප්‍රදානියෙක් බව කියැවෙන සොල්ටා නැමැත්තාත් 2020 අගෝස්තු 11 වෙනිදා ආයුධ පෙන්වන්නට ගොස් මුල්ලේරියාවේදී වෙඩි කා මිය යන්නේත් පෑලියගොඩ අපරාධ බියුරෝවේ නිලධාරීන්ගෙනි. එය එතැනින් හමාර වන්නේ නැත. අංගොඩ ලොක්කාගේ කල්ලියේ වෙඩික්කරුවෙක් බවට හදුනා ගත් හමුදාවෙන් පළාවිති සිටි සෙබලෙක් වන චමින්ද නැමැති අපරාධකරුද 2020 අගෝස්තු 22 වෙනිදා ගම්පහ කළුපාලම අසලදී වෙඩි වැදී මරුමුවට පත්වන්නේද පෑලියගොඩ අපරාධ බියුරෝවේ නිලදාරීන්ගෙන්ය. අනතුරුව පොලිස් වෙඩි පහරකට ලක්ව මරුමුවට පත්වන්නේ හංවැල්ලේ රජකල ඉන්ද්‍රා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාය. 2020 අගෝස්තු 28 වෙනිදා ආයුධ පෙන්වීමට ගොස් ඔහු වෙඩි කන්නේ නවගමුව පොලිස් නිලධාරීන්ගෙනි. ඒ අතර ගොනා කෝවිලේ රොහා නැමැති සංවිධානාත්මක අපරාධකරු බෝට්ටුවක නැගී මීගමුව වෙරළින් බෝට්ටුවක නැගී පළා යාමට සූදානම්ව සිටියදී වෙඩි කා මරුවැලද ගන්නේද පෑලියගොඩ අපරාධ බියුරෝවේ නිලදාරීන් සමග වෙඩි හුවමරුවකට ගොස්ය. අනතුරුව පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්වන්නේ ඌරු ජුවාය. අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් ඇප මත ඉකුත් 10 වෙනිදා නිදහස ලබන ඔහු 12 වෙනිදා රෑ වෙඩි කා මිය යන්නේ නවගමුව පොලීසියෙනි. තාරකගේ මරණය සටහන් වන්නේ අනතුරුවය.

ඒ අනුව මෙම කාලය තුළ පොලිස් වෙඩි පහරවල් වලින් සංවිධානාත්මක අපරාධකරුවන් 07 දෙනෙක් මරුමුවට පත්ව ඇත. ඒ අයගෙන් දෙදෙනෙක් මිය යන්නේ නවගමුව පොලීසියේ නිලධාරීන්ගේ වෙඩි උණ්ඩවලිනි. සෙසු පස් දෙනාම මිය යන්නේ පෑලියගොඩ අපරාධ බියුරෝවේ නිලදාරීන්ගේ වෙඩි පහරවල් වලිනි. ඒ අනුව පෑලියගොඩ අපරාධ බියුරෝව භාරයට සිය පුතාව ගන්නා විට කොස්ගොඩ තාරකගේ මව කලබලවීම සාධාරණය. ඇය සිය පුතුගේ ජීවිතය බේරා ගැනීමට කොතරම් උත්සහ ගත්තද ඔහුගේ අවසානය ලියැවෙන්නේ පොලිස් වෙඩිල්ලකිනි. ඒ ඔහු විසින් ඒ වන විටත් මරා දමා තිබුණු අහිංසක ජීවිත 07 කට සාධාරණයක් ලැබෙමිනි. ඒ සාධාරණය කොස්ගොඩ පැත්තේ ජනතාව සමරන්ගේ රතිඤ්ඤා දල්වා කිරිබත් උයාය. ඒ තරමට ඒ පැත්තේ ඇතැම් පිරිස් ජීවත්වූයේ තාරකගේ මැරකම් හමුවේ අසරණවය.

කොස්ගොඩ තාරකගේ මරණයේ පුවත සැලවීමත් සමග රහස් පොලිස් භාරයේ මේ වන විට රැදවුම් නියෝග මත සිටින කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී ඇතුළු අපරාධකරුවන් ගොන්නකටම මළ පහවන්නටද පටන් ගෙන ඇත්තේ මරණයේ බිය ඒ අයටද දැනෙන්නට ගත් නිසාය. ඒ භීතිය බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් රැසකටද දැන් දැනී හමාරය.

කව්ද මේ කොස්ගොඩ තාරක

කොස්ගොඩ නානාතොට පදිංචිකරුවෙක් වන ඔහු නමින් ධර්මකීර්ති තාරක පෙරේරාය. 1981 වසරේ උපන්නෙක් වන තාරකට සහෝදරියක් සහ සාහෝදරයෙක් සිටිති. පවුලේ වැඩිමලා වන්නේ ඔහුය. තාරක උසස් පෙළ දක්වා අධ්‍යාපනයක් ලැබූවෙකි. උසස් පෙළ අධ්‍යාපනය හදාරා ඇතැයි පැවසෙන්නේ ගණිත අංශයෙනි.

තාරකගේ පියා අත්ට්‍රැක්ටරයක් කුළියට පදවමින් අඹුදරුවන් රැක ගත් අහිංසක ගම්වැසියෙකි.තාරකගේ මව ගෘහණියකි. සැමියා අත්ට්‍රැක්ටරය පදවා උපයන සොච්චම් මුදල පවුලේ ආර්ථිකයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ බැවින් ගෘහණියකගේ භුමිකාවට අමතරව ඇය කුරුදු තැලීමටද ගියාය. සැමියාගේ අකල් වියෝවෙන් පසු මුළු පවුලේම බර ක්පැටවෙන්නේ ඇගේ කර මතටය. ඉගෙනුමට උපන් හපන්කම් දැක්වූ තාරක උසස් පෙළ විභාගයට මුහුණ නොදී කැලෑ පනින්නේද මේ වකවානුවේදීය. ගමේ කොල්ලන් සමග කල්ලි ගැසෙන තාරක ගංජා විකුණන්නට පවා පෙළඹුනේය. ගංජා ඡාවාරමෙන් අතමිට සරුවන විට ඔහුට චණ්ඩි ඌෂ්ණය ඇගට ගත්තේය.

2001 වසරේදී අම්බලන්ගොඩ රන්දොඹේ පැත්තේ සිදුවූ වෑන් රථයක් පැහැර ගැනීමකට තාරකගේ නමද ගෑවෙන්නේ ඒත් එක්කමය.තාරකගේ නමට පොලිස් පොත්වල ලියැවෙන පළමු අපරාධය වන්නේ එයයි. එම වෑන් රථ පැහැර ගැනීමට සැකපිට පොලීස් අත්අඩංගුවට පත්ව ඔහු බන්ධනාගාරගතවිය. ටික කලක් බන්ධනාගාරගතව සිට එළියට එන්නේ අපරාධ ලෝකයේ හතර කොන ගැන දැනුම් සම්භාරයක් සහිතවය. රට පුරාම අපරාධකරුවන් ඇසුරුකර සම්බන්ධකම් ගොඩ නගාගෙන සිටි තාරක ඒ පැමිණ ගංජා ඡාවාරම ජයටම කරගෙන යන්නට ගත්තේය.

ඒ වන විට කොස්ගොඩ පැත්තේ නම ගිය මැරකල්ලි නායකයා වූයේ කොස්ගොඩ සුජීය. තාරකගේ නැගිටීම කොස්ගොඩ සුජීට රිස්සුවේ නැත. ඒ නිසාම ඔහු තාරකට එරෙහිව අවි ඇමෝරුවේය. ඒ තමාගේ තැන ගන්නට තාරකද මාන බලන බව ඔහුට දැනෙන්නට ගත් නිසාය.

සුජී සහ තාරක අතර බල අරගලය උත්සන්න වන විට තාරක කොළඹට පැන්නේය. ඒ වන විට දකුණේ පාතාල හයිය කොස්ගොඩ සුජී වටා ගොඩ නැගී තිබුණු බැවින් ඔහු සමග ගැටී අකාලයේ මියැදෙන්නට තරම් සිතක් නොවූ බැවිනී.
අම්බලන්ගොඩ වතුගෙදර පැත්තේ පිහිටි රන්භාණ්ඩ උකස් ගන්නා ව්‍යාපාරයක නිරතව සිටි යුවලක් පදිංචි නිවසක් කොල්ලකෑමට ලක්වන්නේද ඔය අතර තුරදීය. ඒ එම නිවසේ කොටසක කාලයක් තිස්සේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් යුවලක් පදිංචිව සිටියේය. කොල්ලය සැළසුම් කරන්නේ ඒ අයයි. ඒ සදහා ඔවුන් යොදා ගන්නේද තාරකවය.හිර ගෙදරදී දැන හදුනාගත් කිහිප දෙනෙක් සමග එක්ව ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ එදා කොල්ලකෑවේය. වැඩි කල් යන්නට මත්තෙන් ඒ කොල්ලකෑ රන් භාණ්ඩ වලින් කොටසක් සහ ගිනි අවියක් සමග තාරකව කොටුවන්නේ කොට්ටාව පොලීසියටය.

එදා කොට්ටාව පොලීසියට කොටුවූ තාරකට වැලිකඩ බන්ධනාගාරයේ කල්දේරම් බතේ රස බලමින් කාලයක්ම සිටියේය.

එතැනින් ඔහු එළිය එන්නේ කොළඹ පාතාලයේ කෙරුමෝ කිහිප දෙනෙක් දැන හදුනාගෙනය. ඒ අතර අංගොඩ ලොක්කාද සිටියේය. අංගොඩ ලොක්කා හරහා ඔහු මධුෂ් සමග සම්බන්ධකම් ගොඩ නගා ගත්තේය. ඒ වන විට මධුෂ් සහ කොස්ගොඩ සුජී අතර දකුණේ පාතාල බලය වෙනුවෙන් පැවැතියේ සීතල යුද්ධයකි. මධුෂ්ට කිට්ටු වී ඒ යුද්ධයට පිදුරු දැමුවේ තාරකය.

2018 වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකින් කොට්ටාව රුක්මලේදී ඝාතනය වන නමගිය මංකොල්කරුවෙක් වූ හබරකඩ වසන්තවද තාරක දැන හදුනා ගන්නේද වැලිකඩ බන්ධනාගරයේදීය. රටපුරාම බැංකු කොල්ලකන්නට යන්නේ හබරකඩ වසන්ත සමග එක්වය. 2011 වසරේ ඔවුන්ගේ මුල්ම බැංකු කොල්ලය වන්නේ කොස්ගොඩ මහජන බැංකුවය. රුපියල් ලක්ෂ 23ක් එදා ඔවුන් කොල්ලකෑවෝය. එතැන් සිට රට පුරාම බැංකු , මූල්‍ය ආයතන සහ මුදල් හුවමාරු මධ්‍යස්ථාන ඔවුන් කොල්ලකන්නට ගත්තේය. මොරටුවේ පිහිටි එල්.බී. ෆිනෑස් ආයතනයකින් රුපියල් කෝටි එකහාමාරක රන් භාණ්ඩ කොල්ල කන්නේ 2005 වසරේදීය. 2017 වසරේදී මීරිගම කොමර්ෂල් බැංකුව කොල්ලකෑවෙත් තාරකය. ඒ වසරේදීම අලු‍ත්ගම මැණික් ව්‍යාපාරික ආයතනයක කෝටි ගණනක මැණික් කොල්කා පළාගියේත් ඔහුය. අත්තිඩිය කොමර්ෂල් බැංකුවේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඝාතනය කර ඔහු සතු ගිනි අවිය සමග බැංකුවේ මුදල් ද කොල්ලකෑවේ ඒ වකවානුවේදීමය. එම ඝාතනය කොස්ගොඩ තාරකගේ නම ඉදිරියේ ලියැවෙන පළමු ඝාතනයයි. එතැන් පසු ඔහු අතින් සිදුවූ’ඝාතන රැසක්ම සිදුවූයේ කොස්ගොඩ ආශිතවය. ඒ අතර දේශපාලන ඝාතනයක්ද විය.

මාතර නිලේකා ජුවලරි කොල්ලය ඔහුගේ අවසාන කොල්ලයයි. එදා ඒ කොල්ලය සිදු නොවන්නට තාරක අදටත් සිටින්නේ නිදැල්ලේය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

චීනෙන් එන්නත් ලක්ෂ 30ක්! තීන්දුව හෙට අනිද්දා ප්‍රකාශයට!! EXCLUSIVE

Next Post

ෆේල් වුණු රට සර් පාස් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.