• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆේල් වුණු රට සර් පාස් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

May 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
ෆේල් වුණු රට සර් පාස් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ රාජකාරි කළ කිසිදු අගමැතිවරයකුට හෝ ජනාධිපතිවරයකුට ‌ගෝඨාභයට මෙන් රට ආණ්ඩු කරන්න සිදු වූයේ නැත. මොකද ගෝඨාට රට බාරගන්න සිදුවූයේම තුන්බියක් මැදය.

ගෝඨා රට බාර ගත්තේ අලුත් මුස්ලිම් අන්තවාදී සහ ත්‍රස්තවාදී සංවිධායක් බිහිවී කෙටි කලක් ඇතුළත රටේ සියලු මර්මස්ථාන ඉලක්ක කොට බෝම්බ පුපුරුවා රට මහා විනාශයකට ගොස් සිටි අවස්ථාවකදීය. ඒ වනවිට තිබ්බේ රට පුරාම සති ගණන් ඇදිරි නීතිය පනවාය. සංචාරක ව්‍යාපාරය නන්නත්තාර වී තිබිණ. ලංකාව දිහා බලාගෙන සුද්දන් බත් කෑවේවත් නැත. ලංකාවට එනවා තියා ලංකාවේ හිටපු සුද්දන් ටිකත් හිටියේ ප්‍රහාරයෙන් සිය පවුලේ ඥාතීන් පවා අහිමිකරගෙගනය. ජනතාව හිටියේ ඊළග මොහොතේ කොයි තැනක බෝම්බයක් පිපිරේවිදැයි මර බියෙන්ය.

ගෝඨා රට බාර ගන්න විට තිබ්බ ඊළග අභියෝගය වූයේ ආර්ථිකයය. ඒ වෙද්දි තිබ්බේ ලංකාව මුලු ‌ලෝකෙටම ණය වුණු ආර්ථිකයකි. මහබැංකුව මහදවාලේ මංකොල්ල කා රටේ මූල්‍ය විශ්වාසය බිංදුවටම වට්ටවා තිබිණ. මහභාණ්ඩාගාරය තිබ්බේ හිස්වය.

මේ ආර්ථික අර්බූදයට අමතරව ඒ වනවිට පැවැති යහපාලන ආණ්ඩුව රට ජාත්‍යන්තර අර්බූදයකටද රට හිර කර තිබිණ. ඒ, ජිනීවා මානව හිමිකම් කොමිස‌ම තුළ අමෙරිකාව සමග එක්ව සම අනුග්‍රාහකත්වයෙන් යුතුව සම්මත කරගත් යෝජනාව හරහාය. ඒ හරහා රණවිරුවන් යුද අපරාධ සිදුකළ බව අනියමින් පිළිගෙන තිබුණු අතර එම අපරාධ විමර්ශනය කිරීම සදහා හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවීමටද එකගතාව පළ කොට තිබිණ.

ගෝඨාට රට ආණ්ඩු කරන්න සිදුවුණේ මෙම් තුන්බිය ඔළුව උඩ තියාගෙනය.

හැබැයි ගෝඨා අඩිය පස්සට තිබ්බේ නැත. පළමු අදියරේදීම රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කර සියලුම අන්තවාදයන්ට තිත තැබීමට ගෝඨා පියවර ගත්තේය. ‌ලෝකය මත යැපෙන ආර්ථික ක්‍රමයක් වෙනුවට අනවශ්‍ය ආනයන සීමා කොට රටේ නිෂ්පාදන ඉහළ නැංවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය. පළමු අදියරේදීම ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ රට හිර කර තිබූ සමඅනුග්‍රාහක යෝජනාවෙන් ඉවත් වීමට ගෝඨා පියවර ගත්තේය.

මේ ආකාරයට රට තුන්බියෙන් මුදාගෙන හරි ට්‍රැක් එකට දාගෙන එනවිටම ලෝකය වසාගත් කොරෝනා වසංගතයට මුහුණ දීමට ගෝඨා‌‌ට සිදුවිය. මෙවැනි ලෝක වසංගතයකට මීට පෙර ලංකාවේ සිටි කිසිදු ජනාධිපතිවරයකු මුහුණ දී සිටියේ නැත. සුද්දගේ කාලයේ හිටපු පාලකයන් මෙවැනි වසංගතවලට මුහුණ දී තිබුණද මේ තරම් ඒවා භයංකර නොවීය. ‌

ලෝකයේ ප්‍රබල රටවල නායකයන් පවා මේ වසංගතයෙන් සිටියේ කරවටක් එරිලාය. අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, රුසියාවේ වත්මන් ජනාධිපති පුටින්ට, ආසියාවේ ශක්තිමත්ම නායකයා වූ මෝඩිට, යුරෝපයේ බලවත්ම රාජ්‍යය වූ ජර්මනි‌ය භාරව සිටි ඇන්ජලා මර්කල්ට, ආසියාවේ නැගී එන බලවතා වූ චීනයේ ෂී ජින්ග් පින්ග්ට පවා ඊට මුහුණ දීමට සිදුවිය.

හැබැයි මේ කිසිම ලෝක බලවතකුට ඊට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ නැත. ට්‍රම්ප්ට කොරෝනාව පළමු ධූර කාලයෙන්ම ගෙදර යන තැනට පාර කපා දුන්නේය. පුටින්ට කොරෝනාව දැඩි බලපෑම් එල්ල කළේය. මෝඩිට කොරෝනාව අමතක නොවන දේශපාලන පාඩමක් ඉගැන්නුවේය. පසුගියදා පැවැති ඉන්දීය ප්‍රාන්ත මැතිවරණවලදී මේඩි හතරගාතේ දා බිම ඇද වැටුණේ කොරෝනා අර්බූදය නිසාය.

මේ ආකාරයට ලොව ප්‍රබල නායකයන් කොරෝනා සුනාමියට හසුව ගසාගෙන යද්දී ගෝඨාට රට ඉදිරියට ගෙන යාමට සිදුව ඇත්තේ ඒ සුනාමියට අමතරව මුලින් කී තුන් බියටත් මුහුණ දෙමින්ය.

‘මේ ආණ්ඩුව ‌හරි වෙලාවට එන්නත් ටික සල්ලි දීලා ගන්න වැඩ කළේ නෑ. ‌ඒකෙන් තමයි මේ විදිහට කොරෝනාව රට පුරා පැතිරුණේ. මුලින්ම එන්නත් ටික ගෙනාවානම් මේ ප්‍රශ්න නෑ…’

අද විපක්ෂය ආණ්ඩුවට එල්ල කරන්නේ එහෙම චෝදනාවකි.

ගෝඨා ආණ්ඩුව ගන්න විට භාණ්ඩාගාරය පිරිලා තිබුණා නම් විපක්ෂය එල්ල කරන මේ චෝදනාව සියයක්ම සත්‍ය වීමට ඉඩ තිබිණ. හැබැයි එන්නතක් ගන්නවත් පහුගිය ආණ්ඩුව භාණ්ඩාගාරයේ තඹ සතයක්වත් ඉතිරි කර තිබුණේ නැත. තිබ්බ සල්ලිවලින් ඩොලර් මිලියන ගණනක් වූ ණය වාරිකවත් ගෙවාගන්න බැරිව රටේ සංචිතවලින් පවා මුදල් ඇදීමට ආණ්ඩුවට සිදුවිය.

එහෙමයි කියා එන්නත් ගන්න වැඩේ ගෝඨා පස්සට දැම්මේ නැත. ලෝක බැංකුව සමග, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග, ජාත්‍යන්තරය සමග සාකච්ජා කොට ගෝඨා එන්නත් රටට ගෙන ඒමට කටයුතු කළේය.

‘අපි එන්නත ගේන්න පෞද්ගලික අංශයට ඉඩ දෙනවා. ජනතාවට පුලුවන් සල්ලි දීලා පෞද්ගලික රෝහල්වලින් ඔ්න එන්නතක් විදගන්න….’

ගෝඨාට එහෙම කියන්න පුළුවන්කම තිබිණ. හැබැයි ගෝඨා එහෙම කීවේ නැත. මුලු රටම එන්නත් කිරීම ආණ්ඩුවේ වගකීමක් ලෙස ගෝඨා කල්පනා කළේය. ඉන්දියාව සමග එක්ව රටම එන්නත් කිරීමට ගිවිසුම්ගත වුණේය. හැබැයි ප්‍රශ්නය ඇතිවුණේ ඉන්දියාව එන්නත් ලබා දීමට බැරි බව කීම නිසාය.

මීට අමතරව ආර්ථික අර්බූදය පාලනය කරගෙන ‌රුපියල ශක්තිමත්ව තබා ගැනීම සදහා අනවශ්‍ය ආනයන විශාල වශයෙන් සීමා කර රට ඇතුළේ සල්ලි උපද්දවන ක්‍රමයක් ගෝඨා නිර්මාණය කළේය.

මේ සියල්ල අස්සේ ජිනීවා මානව හිමිකම් කොමිසමද මේ වනවිට ආණ්ඩවට එරෙහිව සටනක් ආරම්භ කොට තිබේ. ඒ මුලින් සම්මත කොට තිබූ සම අනුග්‍රාහකත්ව යෝජනාවෙන් ඉවත් වීමට ආණ්ඩුව පියවර ගැනීම නිසාය. මේ නිසා දැන් ජිනීවා කොමිසම ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සදහා වෙනම කාර්යාලයක් පවා විවෘත කර අවසානය. ඊට විශාල වැටුප් ගෙවා විශේෂඥයන් පිරිසක් පත් කොට අවසානය. ගෝඨාට දැන් එම සටනටත් මුහුණ දීමට සිදුව ඇත.

ඊට අමතරව පසුගිය සතියේ කැනඩාව ලංකාවට එරෙහිව තවත් අංචියක් ඇද්දේය. ඒ, ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ ගැන අධ්‍යයන සතියක් ප්‍රකාශයට පත්කරමින්ය. යහපාලන කාලයේදී මෙවැන්නක් සිදුවූයේ නම් කට්ටියම නිහඩව සිටියත් විදේශ අමාත්‍ය දිනේෂ් වහාම ඊට ප්‍රතිචාර දක්වමින් සිය විරෝධය පළ කිරීමට පියවර ගත්තේය. දැන් ගෝඨාට ඒ ප්‍රශ්නයටත් මුහුණ දීමට සිදුව තිබේ.

ඒ සියල්ල අතරවාරයේ ගෝඨාට ජීවන වියදම පාලනය කිරීමේ අර්බූදයටද මුහුණ දීමට සිදුව ඇත.

විපක්ෂයේ ගොඩක් අය සිතුවේ රටට මුහුණ දීමට සිදුව ඇති ණය බර හේතුවෙන්ම රටේ ජනතාවට කන්න නැතිව පාරේ මැරී වැටෙනු ඇතැයි කියාය. නමුත් එහෙම වුණේ නැත. ගෝඨා මොන අමාරුකම් මැද්දේ වුවද රට බංකොලොත් වීමට ඉඩ නොදී නියමිත වෙලාවට ණයවාරික ගෙවා දමා ජනතාවට කන්න බොන්න ටික ලබා දුන්නේය. බඩු මිල යම් තරමකින් ඉහළ ගියත් ජනතාව කන්න බැරි තත්ත්වයක් රටේ නිර්මාණය වී නැත.

ඒ නිසා ගෝඨා මේ යන්නේ අතුරේ යනවා වගේ ගමනකය. අඩිය තියන්නේ දැඩි සීරුමාරුවකින් යුක්තවය. ඉතින් මේ අර්බූද මැද්දේ ජනතාව ගෝඨාට ඇගිල්ල දික් කරන්නට ප්‍රථම ‌අඩුම තරමින් ‌කොරෝනා මර්දනය කරන තෙක්වත් අවස්ථාව ලබා දිය යුතුය. ඉන් අනතුරුව ගෝඨාගේ වැඩ ගැන විනිශ්චය කිරීමට ජනතාවට හැකි වනු ඇත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

කිසිම මාධ්‍යයක නොගිය කොස්ගොඩ තාරක පාතාලයට ආ හැටි-ගහපු ගේම්-මරපු අය සහ අන්තිම පැය 24! EXCLUSIVE

Next Post

වැල්ලම්පිටියේ පාරට ගෙනත් දැමූ වයසක අම්මටයි තාත්තටයි කොරෝනා!

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.