ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයින් සඳහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 3වන අදියරේ සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත.
පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ ගෘහස්ත ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී ඇති බවත්, මේ හේතුවෙන් රටේ විරෝධතා ඇතිවී තිබෙන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
දිවයින පුරා දිනපතා සැලසුම් කළ විදුලිය ඇනහිටීම් මෙන්ම සැලසුම් නොකළ විදුලිය ඇනහිටීම් ද සිදුවන බවත් පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද අවදානයෙන් පසුවිය යුතු බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.