පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අදාළව විවිධ කමිටු පත් කරමින් ප්රජාතන්ත්රීය මහජන නියෝජිත ආයතන, විධායකයේ ග්‍රහණයට ගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානි නීතිඥ ඩි.එම් දිසානායක මහතා සඳහන් කළේ, ඉන් මහජන නියෝජිත ආයතනවල පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල වන බවයි.
මෙම අවස්ථාවේ සිදුකළ යුත්තේ කමිටු පත් කිරීම නොවන බවත්, මැතිවරණ නිසි පරිදි පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම බවත් , ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ, මංජුල ගජනායක මහතා පවසයි.
මේ අතර දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ (25) පියවර ගත්තේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත් කෙරුණේ, ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත් සභාවල කටයුතු සොයා බැලීම සඳහායි.