ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් මුදලින් ජනතාවට කජු පුහුලමක්වත් ලබා දිය නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මැතිවරණ නොපවත්වමින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ගඩාෆිලා ගිය ආකාරයටම පාලකයන්ට යන්නට සිදුවනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කිරිබත්ගොඩ නගරයේදී පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී ඒ මහතා මේ බව කීය.