බරපතළ මූල්‍ය අර්බූදයක සිරව සිටියදීත් නයිජීරියානු රාජ්‍ය ඉකුත් සෙනසුරාදා දිනයේදී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් සමහර නිරීක්ෂකයින් බලාපොරොත්තු වන්නේ වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් මෙවර ජනාධිපතිවරණයේදී ලැබෙනු ඇති බවකි.
උතුරේ ඉස්ලාමීය සටන්කාමීන්ගේ සිට දකුණේ බෙදුම්වාදීන් දක්වා ප්රචණ්ඩත්වයේ භීතිය මධ්‍යයේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ.
සමහර ප්‍රාන්තවල ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාද වී සෙනසුරාදා ආරම්භ වූ අතර එහිදී ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමට මැතිවරණ නිලධාරීන් නියමිත වේලාවට නොපැමිණ තිබිණ.
33%ක විරැකියා අනුපාතයක් සමඟ පොරබදමින් සිටින තරුණ ඡන්දදායකයින්ගෙන් දැඩි සහයෝගයක් ලබා ගත් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා, ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා සහ තෙවන පාර්ශවීය අභියෝගකරුවෙකු සමග ජනාධිපති අපේක්ෂකයින් 18 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇත.