• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙළ යක්ෂයනි, වරෙව් ඇවිදින්න රාවණා පුරේ… විදුනි බස්නායක උතුරේ රාවණා පියසටහන් ඔස්සේ ගමන් කරයි…

February 27, 2023
in Exclusive, Mahawanshaya
Reading Time: 5 mins read
A A
හෙළ යක්ෂයනි, වරෙව් ඇවිදින්න රාවණා පුරේ… විදුනි බස්නායක උතුරේ රාවණා පියසටහන් ඔස්සේ ගමන් කරයි…
Share on WhatsAppShare on Facebook

හෙළ යක්ඛ පරපුරේ රාවණ මහරජ අදටත් කොත්මලේ, කූරගල, අනුරාධපුර, පොළොන්නරුව ආදී ප්‍රදේශයන්හි පුරාවිද්‍යාවට හසු නොවූ හෝ නොකියවා අත්හරින ලද දහසකට අධික සෙල්ලිපි තුළ සැඟවී ගිය අපූරු කතා ශීර්ෂයකි. එමෙන්ම මහාවංශයට වඩා පැරණි ලියවිල්ලක් වන ‘වර්ගපූර්ණිකාව’ නම් යක්ඛ ජනතාවට අයත් පුස්කොළ පොතේ ‘ශ්‍රී රාවණ’ අධිරාජයාගේ නාමය සඳහන් වන්නේ ‘කෞරාන මන්ඨක’ ලෙසයි. එනම් ‘සියල්ල සම්පූර්ණ කළ යකා’ ලෙසයි.

රාවණ යනු මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක්, අතිදක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙන් හඳුනාගත හැකිය. දසිස් රාවණ (හිස් දහයක් ඇති) ලෙස ඇතැම් තැනක සඳහන් වන රාවණ මනා සේ ශිල්ප ප්‍රගුණ කළ, යුද පිටියේදී අමරණීයත්වයට වරම් ලැබීම සඳහා හෙළයේ උඩරට ප්‍රදේශයේ භාවනානුයෝගීව මනස දියුණු කරගත් අධිරාජ්‍යයකු වන අතර හෙළ රාජධානියෙන් එපිට රටවල් පවා පාලනය කළ බව සඳහන්ය. මෙය තහවුරු කරමින් අදටත් බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වන අතර ලේඛනගත ඉපැරණිම ශිෂ්ටාචාරයක් ලෙස සැලකෙන බැබිලෝනියානු ශිෂ්ටාචාරය පවා ගුවන්යානාවලින් පැමිණි සිංහ මිනිසුන්ගේ උපදෙස් (රාවණගේ කොඩියේ සංකේතය සිංහයාය) මත ගොඩනගන ලද බව 1998 වසරේ සොයාගත් මැටි පුවරුවකින් කියැවී තිබේ. බැබිලෝනියානු එල්ලෙන උයන හෙළයේ සිහගිරිය (සීගිරිය) ඉදිකළ තාක්ෂනය හා උපදෙස් අනුව ඉදිකළ බවත් එහි සඳහන් වී ඇත. ඉන්දියාවේද අදටත් ‘දීපවාලි’ නමින් රාවණ සමග පැවැති යුද්ධයේ රාමගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි.

හෙළය (ලංකාව) තුළ රාවණගේ තොරතුරු හොරොව්පොතාන වලස් කෙවුණුවැව සෙල්ලිපිය, යාල වනයේ බමරගස්තලාව සෙල්ලිපිය, කෑගල්ල අළුලෙන සෙල්ලිපිය, රාස්සකන්ද, අරනායක හා කිතුල්වැව සෙල්ලිපි, අම්පාර රජගල හා රාස්සගල සෙල්ලිපි, තොප්පිගල හා දඹාන අතර වල්මන්ඩිය ලිපිය ආදී විශාල සෙල්ලිපි ප්‍රමාණයක් පුරාවිද්‍යාව මගින් කියවා ප්‍රසිද්ධ කර නැති අතර ඒවායේ සඳහන් රාවණ හා ඔහුගේ පරපුර පිළිබඳ තොරතුරු මෙතෙක් සැඟව පවතී. ලංකාවේ රාවණ රජු සම්බන්ධ ස්ථාන, නාම, ගුහා සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක වශයෙන් ගවේෂණය කළහැකි ස්ථාන බොහෝය.

රාමායනය කියවා ඇති සහ රාමායන සිදුවීම් සැබැවින්ම සිදුවූ ස්ථාන නැරඹීමට ඉලක්කයක් ඇති අයට, ශ්‍රී ලංකාව ඔබට මඟහැරිය නොහැකි ගමනාන්තයකි. මන්ද රාමායනයේ සිදුවීම් බොහොමයක් සිදුවූ ස්ථාන ගණනාවක්ම ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති අතර විශ්වාස කළ හැකි අබිරහස්, ඔප්පු කළ සාක්ෂි සහ ඉන්ද්‍රජාලික ආශ්චර්යයන් අද දක්වාම සිදුවෙමින් පවතී. ප්‍රබල ජනප්‍රවාද සහිත ශ්‍රී ලංකාවේ රාමායනය හා සම්බන්ධ ස්ථාන දහයකට අධික ප්‍රමාණයක් සහ රාමායනයට සහ එහි ප්‍රධාන චරිතවලට ඍජුව සම්බන්ධ වන සාධක පහත දැක්වේ.

රාවණ රජු සීතා සිරකරගෙන සිටි තැන සීතාඑළියයි. නුවරඑළියේ සිට කි.මී. 05ක් ඈතින් පිහිටි සීතාඑළියේ කුඩා සුන්දර ගම්මානයක පිහිටා ඇති සීතා අම්මන් නම් වූ මෙම විහාරස්ථානය, හින්දු ගෘහනිර්මාණ ශිල්පීය විස්තර සහ රාම, සීතා දේවි, ලක්ෂ්මනා සහ හනුමාන් යන අයගේ සිතුවම් සහ ප්‍රතිමාවලින් පොහොසත්ය. ඒවා කුඩා නමුත් අලංකාර වේ. ජනප්‍රවාදයට අනුව සීතා ස්නානය කළ ස්ථානය මේ කෝවිලට යාබද වූ නිසොල්මනේ ගලාබසින ගඟයි. තවද ගඟට යාබද ගල්තලාවේ ඇති පා සටහන් හනුමාන්ගේ යැයි විශ්වාස කෙරේ.

සීතා දේවිය හිරකරපු තැන සීතාකොටුවයි. ජනප්‍රවාදයට අනුව සීතා දේවිය සිරකරගෙන සිටි ස්ථානය මෙයයි. එම ස්ථානය රාවණ රජුගේ බිසව වූ මන්දෝතාරිගේ මාලිගය වූ අතර එය දියඇලි සහ සුන්දර දියපහරවලින් වටවී තිබුණු බව වංශකතාවේ සඳහන් වේ. පසුව සීතා දේවිය මෙහි නැවතී සිටි නිසා එම මාලිගය ‘සීතා කොටුව’ හෙවත් ‘සීත කොටුව’ ලෙසින් හැඳින්විණි.

කොත්මලේ නම් රාවණ රජු සීතා දේවිය සිය රථයේ නග්ගවා සීතාඑළියට රැගෙන යද්දී සීතා දේවිය රාම දෙවියන්ට ඇයව රැගෙන ගිය ස්ථානය සොයාගත හැකි වන අන්දමින් තම බත් පිණ්ඩය විසිරුවා දැමූ ස්ථානයයි. අද ප්‍රදේශවාසීන් උදරාබාධවලට සහ හිසේ කැක්කුමට බෙහෙතක් ලෙසත් සෞභාග්‍යය ගෙනදෙන චමත්කාරයක් ලෙසත් භාවිත කරන මේ බත් පිඟාන (සීත ගෝලි) අදටත් ඔබට දැකගත හැකි ස්ථානය නම් කොත්මලේයි.

රාම දෙවියන් ශිව දෙවියන්ට යාඥා කළ තැන මුන්නේශ්වරම් කෝවිලයි. හලාවත ප්‍රදේශයේ පිහිටා ඇති මෙම හින්දු කෝවිල රාමායනයට සමීප සම්බන්ධකම් ඇති ශ්‍රී ලංකාවේ පැරණිතම හින්දු කෝවිල්වලින් එකකි. හින්දු ධර්මයට අනුව විශාලතම අපරාධය වන ‘බ්‍රහ්මහස්ති’ කිරීමෙන් පසු සමාව අයැද රාම රජු ශිව දෙවියන්ට යාඥා කළ ස්ථානය යැයි විශ්වාස කෙරේ. බ්‍රාහ්මණ කුලයේ පූජකයකු වූ රාවණ රජු මරාදැමීමෙන් ඔහු කළ ‘බ්‍රහ්මහස්ති’ නමින් ප්‍රසිද්ධ පූජකයකු ඝාතනය කිරීමට සමාව අයැදීමට මෙම ස්ථානය යොදාගෙන ඇත.

මානවරි පන්සල රාම දෙවියන් ලිංගයක් පිහිටවූ තැනයි. හලාවත සිට කිලෝමීටර් 06ක් උතුරින් පිහිටා ඇති මානවරි යනු ශිව දෙවියන්ගේ උපදෙස් පරිදි රාම දෙවියන් තම පළමු ලිංගය ස්ථාපනය කළ විහාරස්ථානයකි. මෙය රාවණා රජු මරා බ්‍රාහ්මණ ඝාතනයට පිළියමක් වශයෙනි. ශිව දෙවියන් විසින් ශ්‍රී ලංකාවේ ලිංගම් 05ක් තැනීමට රාම දෙවියන්ට උපදෙස් දෙන ලද බව විශ්වාස කරන්නේය.

හනුමාන් දෙවියන් අහම්බෙන් හිමාලයේ කැබැල්ලක් බිම දැමූ තැනක් නම් දොළුකන්ද කඳුවැටියයි. හිරිපිටියට නුදුරින් පිහිටි සුන්දර පිටිසර ගම්මානය, හිමාලය අධිපති හනුමාන් ගෙනා කෑල්ලෙහි කොටස් වැටුණු ස්ථාන පහෙන් එක් ස්ථානයක් ලෙස සැලකේ. වරක් රාවණා රජු සමග ඇති වූ යුද්ධයේදී බරපතළ තුවාල ලැබූ රාම සහ ලක්ෂ්මන සුවකිරීම සඳහා හනුමාන් දෙවියන්ට ඖෂධ පැළෑටි රැගෙන එන ලෙස ඉල්ලා සිටි විට, ඔහු විසින්ම එම ඖෂධය හඳුනා ගැනීමට නොහැකි වූ නිසා ඔහු මුළු ප්‍රදේශයම රැගෙන ගොස් ඇත. ගාල්ලේ රූමස්සල, හබරණ අනුරාධපුර පාරේ රිටිගල, මන්නාරමේ තල්ලඩි සහ උතුරේ කච්චතිව් යන කොටස් කඩාවැටී ඇතැයි සැලකෙන අනෙකුත් ස්ථාන හතර වේ.

රාම දෙවියන් කිසිදා නොසිඳෙන දිය උල්පතක් නිර්මාණය කළ තැන යාපනේ නිලාවරෙයි ළිඳය. මෙය යාපනයේ ප්‍රසිද්ධ ගම්මානයක් වන අතර, සෑම වසරකම දහස් ගණනක් දේශීය හා සංචාරකයන් ආකර්ෂණය කරන වන්දනා ස්ථානයක් එහි ඇත. ජනප්‍රවාදයට අනුව, රාවණ රජුට එරෙහි යුද්ධයේදී තම හමුදාව ජල අර්බුදයකට මුහුණ දුන් විට රාම දෙවියන් විසින් නිර්මාණය කරන ලද ළිඳකි. පෙරදී මෙය පතුලක් නොමැති බව සැලකූ ගැඹුරකින් යුත් ළිඳකි. රාම දෙවියන් විසින් මැජික් ඊතලයක් බිමට එල්ල කළ අතර අද දක්වාම සිඳී නොයන සේ ජලය මතුවන බව විශ්වාස කළද දැන් එය පතුලක් සහිත ළිඳක් බව හෙළිවී හමාරය.

දුනුවිල නම් රාම දෙවියන් රාවණා රජු මරාදැමූ තැනයි. ලග්ගල පිහිටි දුනුවිල වැව රාම දෙවියන් විසින් රාවණ රජු ඝාතනය කළ ස්ථානය ලෙස සැලකේ. ජනප්‍රවාදයට අනුව රාම දෙවිඳුන් රාවණ රජුට බ්‍රහ්මස්‌ථාරය පත්තු කළේ දුනුවිල වැවේ සිටයි.

යහන්ගල නම් රාවණ රජුගේ මරණයෙන් පසු ඔහුගේ දේහය තබා තිබූ තැනයි. Bedrock ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇති යහන්ගල ප්‍රදේශවාසීන් රාවණ රජුට අවසන් වරට ගෞරව දැක්වූ සහ දේහය තබා ඇති ස්ථානය ලෙස විශ්වාස කෙරේ. මහියංගනය – වස්ගමුව මාර්ගයේ පිහිටා ඇති මෙම ස්ථානය කඳු නැගීම සඳහා වඩාත් සුදුසු වන අතර අවට පරිසරයේ විස්මයජනක දසුන් ඔබට ලබාදෙයි. සැතපුම් ගණනක් ඈතින් යහන්ගල පර්වතය දැකිය හැකිය.

දිවුරුම්පොල යන ‘අග්නි පරීක්ෂණය’ මගින් සීතා දේවිය තම නිර්මල බව ඔප්පු කළ තැනයි. මෙය රාමායනයේ වැදගත් සිදුවීමක් සිදුවූ තවත් ස්ථානයකි. දිවුරුම්පොල යනු සීතා දේවිය තම නිර්දෝෂීභාවය සහ පාරිශුද්ධභාවය ඔප්පු කිරීමට ‘අග්නි පරීක්ෂණයෙන්’ දිවුරුම් දුන් ස්ථානයයි. සීතා දේවිය යාග ගින්නට ඇදවැටෙන විට, ගින්නට අධිපති අග්නි, සීතා දේවිය නැඟිටෙව්වේ, ඇයගේ නිර්දෝෂී බව ඔප්පු කරමින්, කිසිදු හානියක් වළක්වමිනි. මාතලේ ප්‍රදේශයේ වූ සුන්දර වටපිටාවකින් යුතු ලග්ගල රාවණ භාවනානුයෝගීව වැඩසිටි ස්ථානය බව සලකයි.

රාවණ දිය ඇල්ල රාවණ රජු විසූ ස්ථානයකි. ඇල්ල – වැල්ලවාය මාර්ගයේ පාර අයිනේ පිහිටි දර්ශනීය දියඇල්ල අඩි 1,080ක් උසකින් යුක්තය. ජනප්‍රවාදයේ එන පරිදි රාවණ රජු ජීවත් වී ඇත්තේ දියඇල්ල අසල ඇති බොහෝ ස්වභාවික ලෙන් එකකය. කැලණිය බෞද්ධ විහාරය රාවණ රජුගේ අභාවයෙන් පසු, රාම – රාවණා අතර යුද්ධයේදී රාම දෙවියන්ගේ පැත්ත ගත් ඔහුගේ සොහොයුරු විභීෂණ ශ්‍රී ලංකාවේ මීළඟ රජු ලෙස කිරුළු පැලඳි ස්ථානයයි. මේ විහාරස්ථානයේ, ඔබට විභීෂණ රාජාභිෂේකයේ පැරණි බිතුසිතුවම් දැකිය හැකිය.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

කව්රු හරි කියනවා නම් ඡන්දෙ තියන්න සල්ලි නෑ කියලා ඒක බොරුවක්! මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට! එක පුද්ගලයකුට නෙමෙයි! ඡන්දෙ තියන්න පාර්ලිමේන්තුවට පුලුවන්! VIDEO

Next Post

සල්ලි ඇත්තෙම නෑ! මිනිස්සුන්ට රස්සා නෑ! ඒත් නයිජීරියාව වෙලාවට ජනාධිපතිවරණය තිබ්බා!

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.