ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ විශාල ප්රමාණයක තොරතුරු අනාවරණය විය.
ADVERTISEMENT
ඉකුත් වතාවක අප රක්ෂණ සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් වූ රහසිගතභාවය පිළිබදව මතුවූ ගැටලුව අනාවරණය කළෙමු.
මෙවර අප අනාවරණය කරන්නේ කෝප් කමිටුවේදී විදෙස්ගත ශ්රමිකයන් රක්ෂණය කිරීමේදී රක්ෂණ සංස්ථාව සිදුකර ඇතැයි කියන මහා වංචාවක තොරතුරුය.