’ZTE වෙළෙඳපොළට හඳුන්වා දුන් ස්මාර්ට් දුරකථන මාදිලි අතර සුවිශේෂී මාදිලියක් වන ZTE Blade V30 මිලදී ගැනීමේ අවස්ථාව දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද උදාවී තිබේ.
ZTE Blade V30 ස්මාර්ට් දුරකතන දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයින් වෙතින් මිලදීගත හැක.
4GB RAM සහ 128GB ROM සහිත ZTE Blade V30 මාදිලියේ වඩාත්ම කැපීපෙනෙන අංග දෙකක් වන්නේ, එහි සුවිශේෂ කැමරාව සහ දර්ශන තිරයයි. එහි යොදා ඇත්තේ 6.67” Full HD 20:9, 2400*100+ Punch Hole Display වර්ගයේ දර්ශන තිරයකි.
මෙය දුරකතනය භාවිත කරමින් වීඩියෝ දර්ශන නැරඹීම, සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම ආදිය සිදුකරන කොයිකාටත් පෙර නොවූවිරූ සුවිශේෂ අත්දැකීමක් ගෙනෙනු ඇත.
ජීවිතයේ සුවිශේෂ අවස්ථා කැමරාවට හසුකර ගැනීම අද දවසේ අප කාගේත් ජීවන රටාවන්හි අනිවාර්ය අංගයකි. ZTE Blade V30 මාදිලියෙහි පසුපස යොදා ඇති 64MP+8MP+5MP+2MP කැමරා පද්ධතිය, ඡායාරූප සහ වීඩියෝ දර්ශන නවතම මානයක් වෙත රැගෙන යයි.
මේ නිසා ZTE Blade V30 භාවිත කරන්නන්ට, තම ජීවිතවල සදානුස්මරනය මොහොතවල් සදාතනික කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. තවද සෙල්ෆි ඡායාරූප සඳහා මෙහි ඉදිරිපස 16MP AI Quad Front කැමරාවක් ද සහිතව ඔබ අතට පත් වේ.
මෙහි Full HD දර්ශන තිරය වර්තමාන සංකීර්ණ ඩිජිටල් ජීවන රටාවන්ට නව අරුතක් ලබාදීමට සමත් සුවිශේෂ දර්ශන තිරයක් ලෙස හැඳින්විය හැක.