කොකා කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම සහ Eco Spindles Pvt. Ltd අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ පුරෝගාමී වෙමින් නව Eko Plasco අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ පෙර සැකසුම් මධ්‍යස්ථානය (Material Recovery Facility) 2022 ලෝක පරිසර දිනයට සමගාමීව වාද්දුවේ දී දියත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරිණි. අපද්‍රව්‍ය කළමනාකරණයට සහය දැක්වීම සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයෙන් අපද්‍රව්‍ය වෙත අර්ථවත් නැවත භාවිතයක් ලබාදීම සඳහා වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට මෙම MRF මධ්‍යස්ථානය හඳුන්වා දෙන ලදී.
PET ප්ලාස්ටික් වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය සැකසීම සහ නව නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදකයන්ට අමුද්‍රව්‍ය ලෙස විකිණිය හැකි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකමක් ලෙස MRF මධ්‍යස්ථාන දැක්විය හැකිය. පුළුල් බඳුන් සහ බෑග් එකතු කිරීමේ ජාලයක් හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැස් කර පසුව ඒවා MRF මධ්‍යස්ථානය වෙත යවා තෙරපුම් යන්ත්‍ර (බේලර්ස්) සහ කැපුම් යන්ත්‍ර (ක්‍රෂර්ස්) වැනි යන්ත්‍ර මගින් වෙන්කර සකස් කරනු ලැබේ. බේලර් යන්ත්‍රය මගින් අපද්‍රව්‍ය සංයුක්ත මිටි බවට සම්පීඩනය කරන අතර, එය ගබඩා කිරීම සහ ප්‍රවාහනය පහසු කරවයි. කැපුම් යන්ත්‍රය මගින් ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ට ලබාදීමට පෙර ප්ලාස්ටික්, කුඩා කැබලිවලට කපා දමමින් අපද්‍රව්‍යවලට තව තවත් අගය එක් කරයි.