• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝදිලා-ගෝඨලා එළියට ඇදගෙන ෆර්ඩිනැන්ඩෝ පත්තු කරපු අදානිලාගේ විදුලි බෝම්බය…

June 19, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
මෝදිලා-ගෝඨලා එළියට ඇදගෙන ෆර්ඩිනැන්ඩෝ පත්තු කරපු අදානිලාගේ විදුලි බෝම්බය…
Share on WhatsAppShare on Facebook

මෝල්ගහ පත්තු වෙන්නේ නරකම වෙලාවට යැයි ගැමි වහරේ කියමනක් ඇත. මේ දිනවල ලංකාවේ සිදුවන්නේම මෝල්ගහ පත්තුවෙන ආකාරයේ සිදුවීම්ය. දෙසතියකට පෙර අනුන්ගේ කෝන්තරයකට කර ගසන්නට ඒරෝෆ්ලොට් ගුවන් යානයක් රඳවාගෙන රුසියානු හොඳ හිත බිඳගත් අප මෑත භාගයේ ලංකාවට බොහෝ සේ උදව් උපකාර කළ ඉන්දියාව සමගද දැන් ආරවුලක් හදාගනිමින් සිටිමු. ඊට ආසන්නම හේතුව කෝප් කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී. ෆර්ඩිනැන්ඩු කළ ප්‍රකාශයයි.

මන්නාරමේ සුළං බල විදුලි බලාගාරය කෝප් කමිටුවේ විමර්ශනයට පසුගිය 10 වැනිදා ලක්වන්නේය. එහිදී විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී. ෆර්ඩිනැන්ඩු පවසනුයේ එකී ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට පවරන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමාට බලපෑම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට පැවසූ බවයි. ඔහු එසේ පවසනුයේ ටෙන්ඩර් කැඳවීමෙන් තොරව මන්නාරම සුළං බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට ගත් තීරණය පිළිබඳ කෝප් කමිටුවේදී කළ ප්‍රශ්න කිරීම් හමුවේය. සැබැවින්ම මේ ප්‍රකාශය බරපතළය. කොතෙක් බරපතළද යත් එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් ප්‍රබල එකකි.

කෝප් (COPE) හෙවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (The Committee on Public Enterprises) යනු පූර්ණ බලැති පර්ලිමේන්තු කමිටුවකි. එය ඉදිරියේ පවසන දේ ඉතා වගකීමෙන් පැවසීය යුතුය. 1979 වර්ෂයේ ජූනි 21 වැනි දින ස්ථාපනය කරන ලද කෝප් කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම්ද ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාද පරික්ෂා කිරීමය. එසේ කිරීමේ අරමුණ වන්නේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කිරීමය.

රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් ව්‍යාපාර ආයතනවල පරික්ෂාවට ලක්කරන ලද ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වය හා කළමනාකාරීත්වය පරික්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම කෝප් කමිටුවේ වගකීමය. ඊට අමතරව රජය සමග ගනුදෙනු කරන පෞද්ගලික ආයතනද කැඳවීමේ බලය කෝප් කමිටුව සතුය. යම් කෙනෙක් ඊට කැඳවූ පසු එය ප්‍රතික්ෂේප කළ නොහැක. විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී. ෆර්ඩිනැන්ඩු රටේ විධායක ජනාධිපතිවරයා සම්බන්ධව පසුගියදා එතරම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලද්දේ එතරම් බලතල සහිත කොමිසමක් හමුවේය.

අදානි බලාගාරය පිළිබඳ ගැටලුව කෝප් කමිටුවේ අවධානයට යොමුවන්නේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා සුළං බල සංගමය සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරියට යවන ලිපියක් සමගිනි. මහා පරිමාණයේ බලාගාර ඉදිකිරීමේදී රාජ්‍යයන් දෙකක් අතර ඍජු ගිවිසුමක් (G to G) නොවන සෑම අවස්ථාවකම සම්මත ප්‍රසම්පාදන ක්‍රමවෙදයට අනුව මිල ගණන් කැඳවීම අනිවාර්ය බව සුළං බල සංගමය පවසයි. එසේ නොකිරීම ශ්‍රී ලංකා විදුලි පනත උල්ලංඝනය කිරීමක් බවද ඔවුහු පවසති. එහෙත් මන්නාරම සහ පුනරීන්හි මෙගවොට් 500ක සුළං සහ සූර්ය බලාගාර දෙකක් ඉදිකර ඉන් ජනනය වන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලට ගැනීම සඳහා අදානි සමග ශ්‍රී ලංකාව ගිවිසුම්ගත වනුයේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රමවේදයකට ඉඩ නොතබමිනි.

ඒ පිළිබඳ කරන ප්‍රශ්න කිරීමේදී ලංවිම සභාපතිවරයා ජනාධිපතිගේ ඉල්ලීමට එම ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරූ බව එක එල්ලේ පවසයි. ට්වීටර් පණිවුඩයක් මගින් ජනාධිපතිවරයා ලංවිම සභාපතිගේ චෝදනව ප්‍රතික්ෂේප කරයි. එහෙත් පසු දින සභාපතිවරයා සිය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී. ඉන්ද නොනැවතී ඔහු සිය තනතුරින්ද ඉල්ලා අස්වෙයි. එහෙත් ප්‍රශ්නය ඉන් නිම නොවේ. ඊට හේතුව කෝප් කමිටුව යනු එසේ මෙසේ තැනක් නොවීමය. එහිදී පවසන දෑ හොඳින් සිතා බලා පැවසිය යුතුය. එහිදී කරන ප්‍රකාශ අමතක වීම්, වැරදීම් හෝ මානසික පීඩනය නිසා කළ ඒවා යැයි කියමින් ඉල්ලා අස්කර ගැනීමට හෝ සංශෝධනය කිරීමට නොහැක. දැන් ලංවිම සභාපතිවරයා හිරවී ඉන්නේ හරිම උගුලකය. ඔහුට කී දෙය නොකී බව ඔප්පු කරගත යුතුව ඇතත් එය කරගැනීමට කිසිම විදියක් නැත. දැන් ඔහු සම්බන්ධව ගන්නා ඉදිරි පියවර තීරණය කිරීමේ වගකීමද පැවරී ඇත්තේ කෝප් කමිටුවටය. ඒ අනුව ඇතැම් විට ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනීසිටීමට පවා සිදුවිය හැක. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එසේ කළ යුතු බව දැනටමත් ප්‍රකශ කර ඇත.

ඉදිරි කටයුතු සම්බන්ධව කෝප් කමිටුව විසින් එම්.සී.සී. ෆර්ඩිනැන්ඩූ නැවත කැඳවනු ඇත. ඒ අවස්ථාවේ ඊට ඉදිරිපත් නොවී සිටීමටද හැකියාවක් ඔහුට නැත. හිටපු කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසනුයේ යම් පුද්ගලයෙක් කෝප් කමිටුව හමුවට කැඳවූ පසු ඊට අනිවාර්යයෙන් ඉදිරිපත් විය යුතු බවයි. කෝප් කමිටුවට යම් පුද්ගලයකුට දඬුවම් කිරීමට අධිකරණ බලයක් නැතත් දඬුවම් කරන්නැයි එම පුද්ගලයාගේ ප්‍රධානියාට නියෝග කිරීමේ හැකියාව ඇත. ඉන් ඉදිරියට රටේ පවතින නීතියට අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට අදාළ ආයතන ප්‍රධනීන් හෝ වෙනත් සමාන්තර බලතල සහිත නිලධාරීන්ට සිදුවනු ඇත. ඒ අනුව ලංවිම හිටපු සභාපතිට කෝප් කමිටුවට ඉදිරිපත්වීමෙන් මිස එය මඟහැරීමෙන් ප්‍රශ්නය විසඳා ගත නොහැක.

මෙහිදී විසඳාගත යුතු වැදගත්ම කාරණය ලංවිම සභාපතිට අදානි සමාගට මන්නාරම පුනරීන් බලාගාර ඉදිකිරීම සඳහා අවසර ලබාදෙන මෙන් ජනාධිපතිවරයා පැවසූවේද යන්නය. ලංවිම සභාපති කියනා ආකාරයට ජනධිපතිවරයා එසේ පවසා ඇත්තේ රැස්වීමකින් අනතුරුව සභාපතිවරයා පුද්ගලිකව කැඳවාය. එම අවස්ථාවේ වෙනත් අයෙක් එහි සිටි බව ඔහු නොකියයි. සාක්ෂි කරුවෙක් නැති නිසා අපට සිදුවන්නේ මීට අදාළ ලේඛන ආශ්‍රයෙන් යම් නිගමනයකට පැමිණීමටය.

අදානි බලාගාරය සඳහා ලංකාවේ ආණ්ඩුව බලය ලබාදෙන්නේ විශේෂ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගිනි. අංක PS/MC/CITF/8/2022 දරන එකී අමාත්‍ය මණ්ඩල සංදේශයට 2022 මාර්තු 07 දින අස්සන් තබා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. එය ඉදිරිපත් කරනුයේ ජනාධිපතිගේ ලිපි ශීර්ෂයකය. එහෙයින් එහි ඇතුළත් කරුණු ඔහු නොදැන සිටියේ යැයි අපට විශ්වාස කළ නොහැක. එකී අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසනුයේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුණර්ජනනීය ක්‍රමයට නිපදවා ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේදී නැංගුරම් ආයෝජකයෙක් ලෙස අදානි සමගම ඉන්දීය රජය ලංකාවට හඳුන්වා දුන් බවයි. එබැවින් අදානි ගනුදෙනුව රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුමක් (G to G) ලෙස සැලකීම සුදුසු බව එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් වෙයි. එමතුදු නොව අවබෝධතා ගිවිසුම පිළිබඳ ඉදිරි කටයුතු කරගෙන යෑමටද ඉන් නිර්දේශ කරයි. එම අමාත්‍ය මණ්ඩල සංදේශය කියවන ඕනෑම කෙනකුට අදානි සමාගමට සුළං සහ තාප බලාගාර ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව වටහාගත හැකිය. එමෙන්ම එහි තරගකාරී මිල ගණන් කැඳවීම් සහ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් පිළිබඳ වචනයකින් හෝ සටහනක් නැත.

අදානි සමාගම මෙරට සුළං බලාගාරයක් ඉදිකිරීමට ආයෝජන මණ්ඩලය හරහා ගෙන එන යෝජනාව රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස සැලකීමට යෝජනා කරනු ලබන්නේ එකී අමාත්‍ය මණ්ඩල සංශෝධනය ගෙන එන ජනධිපතිවරයාමය. අදානි යනු ඉන්දියාවේ ආණ්ඩුව නොවේ. එය එරට ක්‍රියාත්මක එක් සමාගමක් පමණි. එවන් සමාගමක් ගෙන එන යෝජනාව රාජ්‍යයන් දෙකක් අතර යෝජනාවක් ලෙස කරළියට ගෙන ඒමට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ 2022/මාර්තු/07 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය යොදාගනී. රාජ්‍යයන් දෙකක් අතර ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් ලංකා විදුලි පනතට අනුව මතුවෙන්නේ නැත. ඒ අනුව අදානි ගිවිසුමට රාජ්‍යතාන්ත්‍රිකභාවයක් ආරෝපණය කර එය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් මුදාගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හිතාමතා කටයුතු කර ඇති බව ඕනෑම කෙනකුට පැහැදිලි වෙයි. එම ක්‍රියාවට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ජනාධිපතිවරයා මන්නාරම සහ පුනරීන් බලාගාරයන් ඉදිකිරීම අදානි සමාගමට පවරා දෙන්නට යැයි ලංවිම සභාපතිවරයාට අමුතුවෙන් නොකීවාට ඔහු ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් කියැවෙන්නේ එයමය. එහෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංවිම සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ පමණින් අප ඔහු දංගෙඩියට යැවීමට ඉක්මන් විය යුතු නොවේ.

අනෙක් වැදගත් කරුණ මන්නාරම පුනරීන් බලාගාර ඉදිකිරීම ඉන්දියාවේ අදානි සමාගමට පවරා දෙන්නැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ලංවිම සභාපතිවරයා මුලින්ම පවසනුයේ පසුගිය 10 වැනිදා කෝප් කමිටුව හමුවේ නොව ගෙවුණු වසරේ නොවැම්බර් 25 වැනිදාය. ඒ, එවක මහා භාණ්ඩාගාරයේ ලේකම්ව සිටි එස්.ආර්. ආටිගල වෙත යැවූ ලිපියක් මගිනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ 16/11/2021 දින පැවැති විශේෂ රැස්වීමකින් පසු බලාගාරයේ ඉදිකිරීම් අදානි සමාගමට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බව ලංවිම සභාපතිවරයා එම ලිපියෙන් කියා සිටී. දැන් ප්‍රශ්නය වන්නේ මේ ගැටලුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මදිහත්වූ ආකාරයය. කිසිදු තැනක ඔහුගේ නම කියැවී නැත. අනෙක් අතට එසේ කියැවෙන්නට විදියක්ද නැත. ජනාධිපතිගේ කැබිනට් සංදේශයට මෙන්ම ලංවිම සභාපතිගේ ලිපියටද එය ඇතුළත් වන්නට විදියක් නැත. කෙසේ වෙතත් එවැනි බලපෑමක් අග්‍රාමාත්‍ය මෝදි ලංකාවට නොකළ බවද පිළිගන්නට අප ඉක්මන් වියයුතු නොවේ. වාර්තා වන ආකාරයට ලංවිම සභාපති සිය ප්‍රකාශයෙන් ඉල්ලා අස්කරගෙන ඇත්තේ ඉන්දීය නායකයාගේ නම සඳහන් කොටස පමණි. ඉදිරි කරුණු කොහොම සිදුවූවත් මේ වන විට ඉන්දීය අගමැති සහ ලංකාවෙ ජනාධිපති එකම මල්ලක් පොළොවේ ගසන්නට ලංවිම සභාපතිවරයා කටයුතු කර හමාරය.

කෙසේ වෙතත් ලංකාවේ ආයතන ප්‍රධානියෙක් කළ ප්‍රකාශයක් නිසා හොඳටම අමාරුවේ වැටී සිටින්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය. ඔහු පෝක් සමුද්‍ර සන්ධිය පැන ලංකවේ කරයුතුවලට අත පොවන බව ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි දැනටමත් පවසා ඇත. එමෙන්ම ‘ද හින්දු’ ඇතුළු වෙබ් අඩවි සහ පුවත්පත් ගණනාවක් ඔහු හෙළාදකිමින් ලිපි පළකරමින් සිටී. ඉන්දියාවේ පක්ෂ දේශපාලන බලවේගවලට මෙම සිදුවීම රස මසවුලක්ව ඇත්තේය. මෙම තත්ත්වය නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින ඉන්දියාව සිය ණය ආධාර ජෝජනා ක්‍රමයේ ඩොලර් මිලියන 500ක් සඳහා වන ණය පහසුකම ගැන සාකච්ඡාව දින නියමයක් නැතිව කල් දමා ඇත.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ණයවර ලිපි විවෘත කළා! ඩීසල් එන්නෙ 23! පෙට්‍රල් එන්නෙ 24!

Next Post

ZTE Blade V30 දැවැන්ත තිරයක් සහ සුපිරි කැමරා පද්ධතියක් සමග දැන් වෙළඳපොළේ…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.