• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහක’ ලෙසින් ඩයලොග් ආසිආටා ක්‍රිකට් බලගන්වයි!

January 7, 2024
in Business, News
Reading Time: 2 mins read
A A
‘ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහක’ ලෙසින් ඩයලොග් ආසිආටා ක්‍රිකට් බලගන්වයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබඳතා සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා බවට පත්වෙමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන අවියෝජනීය කැපවීම යළිත් වරක් තහවුරු කරයි. දේශීය මෙන්ම, ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කුසලතා පෝෂණය කරමින් ක්‍රීඩා ක්ෂේත්‍රය නගා සිටුවීමට මෙලෙසින් සිය නොසැලෙන කැපවීම විදහා දක්වන ඩයලොග්, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සමග හවුල්කාරිත්වය දීර්ඝ කරමින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් නැවතත් සතුටින් එක්ව සිටියි. (Sri Lanka Latest News)

ජාතියේ ක්‍රීඩාශීලීත්වය බලගැන්වීමේ කටයුත්තේ දශකයට අධික ඉතිහාසයක් සහිත ඩයලොග් ආසිආටා පී.එල්.සී, මෙරට ක්‍රීඩාවේ අංක එකේ ප්‍රවර්ධකයා ලෙසින්, ජාතික ක්‍රිකට් කණ්ඩායම බලගැන්වීමේ කටයුත්ත වෙනුවෙන් යළිත් වරක් ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එළඹි මෙම සබඳතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ” ශ්‍රී ලාංකේය ජාතියේ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඩයලොග් ආසිආටා විසින් ලබාදෙන නොමඳ දායකත්වය පිළිබඳව මගේ හෘදයාංගම ස්තුතිය පුදකිරීමට කැමතියි. සිය නොපසුබට උත්සහයෙන්, වසර ගණනාවක් පුරා මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පෝෂණය කිරීමට ඩයලොග් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළා. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වය සමගින්, ඉදිරි වසරවලදී, ශ්‍රී ලංකාවේ දක්ෂතාපූර්ණ තරුණ තරුණියන් බලගන්වමින් ඔවුන්ට ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා අවකාශයන්හි දක්ෂතා දැක්වීමට මාහැඟි අවස්ථාවන් රැසක්  උදාවනු ඇති බවට අපගේ විශ්වාසයයි.”  යනුවෙන් පැවසීය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ”  ‘ජාතික කණ්ඩායමේ නිල අනුග්‍රාහක’ ලෙසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ඇති දශකයකට අධික සබඳතාව තවදුරටත් පෙරට රැගෙන යෑමට හැකිවීම අපට ඉමහත් ආඩම්බරයක්. ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සන්නාමය බවට ඩයලොග් ඔසවා තැබූ, මිලියන 17කට අධික ගෘහස්ථ හා වහාපාරික  ප්‍රජාවකගේ විශ්වාසනීය ඩිජිටල් සහකරු ලෙසින් අපගේ පාරිභෝගික සහ සෙසු ශ්‍රී ලාංකිකයන් සමග එක්වෙමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමේ විශිෂ්ඨත්වයක් වෙත රැගෙන යෑම වෙනුවෙන් දායකවීමට  ලැබීම සුවිශේෂී වරප්‍රසාදයක්” යැයි පවසන ලදි.
 
”ජාතික කණ්ඩායාමේ අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටාහී කාර්යභාරය පොදුවේ ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමයට සාධනීය පෙරනිමිත්තක්. ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සහජීවනය සපිරි මෙම හවුල්කාරීත්වය, අපගේ ප්‍රෙක්ෂකයන්ට අගනා අත්දැකීම් හා වටිනාකම් දායක කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා වන ඒකාබද්ධ කැපවීම සඳහා ශක්තිමත් සුසංයෝගයක් ද වෙනවා.” යනුවෙන් මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පවසා සිටි‍යි.

ශ්‍රී ලංකාව 1996 එක්දින ලෝක කුසලාන සහ 2014 අයි.සී.සී පන්දුවාර 20 ලෝක කුසලාන සමගින් දෙවරක් ලෝක ශූරයන් බවට පත්ව සිටින අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති 2022 කුසලාන සමග 1986 සිට මේ දක්වා හයවරක් ආසියානු ශූරයන් වීමට සමත්ව සිටියි.  එසේම 2002 අයි.සී.සී ශූරයන්ගේ කුසලනයේ සම ශූරතාවද දිනාගත් ලංකාව දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගාවලියකදී ඔවුන්ව පරාජයකිරීමට සමත් වූ මෙතෙක් එකම ආසියානු රට ද වේ. ජගත් ක්‍රිකට් වංශකථාවේ සුවිශේෂී චරිත බිහිකිරීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර ටෙස්ට් කඩුලු 800ක් දවාගත් මුත්තයියා මුරලිදරන්, ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රහාරාත්මකම පිතිකරුවකු වන සනත් ජයසූරිය, ප්‍රේක්ෂකයන් පිනවූ පිතිකරු අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග සහ මහේල ජයවර්ධන වැනි නායකත්වයේ අගතැන්පත් ක්‍රීඩකයන්, වර්ෂ 2012 මෙන්ම 2015 දී ‘වසරේ විස්ඩන් ක්‍රීඩකයා’ ලෙසින් සම්මානයට පාත්‍ර වූ මෙන්ම මාලිබෝන් ක්‍රිකට් සමාජයේ පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා බවට පත්වීමට වරම් ලැබූ කුමාර් සංගක්කාරද ඒ අතර වෙති.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු මෙන්ම ඊ- ස්පොර්ට්ස් ජාතික කණ්ඩායම් හී සාඩම්බර අනුග්‍රාහකයා වේ. එසේම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාව සහ ජාතික පැරා ක්‍රීඩා උළෙල බලගන්වමින් පැරාලිම්පික් ක්‍රීඩාවේද ප්‍රමුඛ අනුග්‍රාහකයකු වේ. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව සමගද සමීපව කටයුතු කරයි.

SendShareShare
Previous Post

2023 ඩොලර් මිලියන 326ක එළවලු පලතුරු රටින් ගෙන්වලා! 2022ට වඩා ඩොලර් මිලියන 297ක වැඩිවීමක්! I Sri Lanka Latest News

Next Post

මිනිස්සු හොම්බෙන් යවන්න ගහපු වැට් එකට සජිත් අලුත් නමක් ‌තියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.