ශ්‍රී ලංකවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ නව්‍යකරණ නියමුවා වන ඇසෝසියේටඞ් මෝටර්වේස් (පෞද්ගලික) සමාගම තම නවතම සුපරි යතුරුපැදිය වන යමහා MT-15 හඳුන්වාදීම පසුගියදා වෝටර්ස් එජ්හිදී සිදුකළේය.
ජපන් සටන්කාමීන්ගේ වීරත්වය (The dark side of Japan) විදහා දක්වන සමුරයිවරුන්ගේ පුනරාගමනය ලෙස අර්ථ ගැන්වූ මෙම MT 15 යතුරුපැදිය නොසන්සුන් තාරුණ්‍යයේ වේගවත් සහ ජවසම්පන්න බවට සරිලනම යතුරුපැදිය වන අතර සුපිරි විශේෂාංගවලින් සහ සුපිරි වේගයකින් සමන්විත මෙම නවතම යතුරුපැදිය සියැසින්ම දැක බලාගැනීමටත් එය ධාවනය කර එහි අත්දැකීම විඳගැනීමටත් දියත් කිරීමේ උළෙලට පැමිණි සිටි යතුරුපැදි ළෝලීන්ට, අලෙවි නියෝජිතයන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද එහිදී අවස්ථාව හිමි විය.
“අද ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින යතුරුපැදි සංස්කෘතියට අනුකූලව නිමවා ඇති MT -15 යතරුපැදිළෝලී සැවොම සතු විය යුතු යතුරුපැදියක්. එය වේගවත් සහ මනා පෞරුෂයක් ලබාදෙන රේසිං බයික් එකක් හා සමාන යතුරුපැදියක්” යතුරුපැදිය දියත් කිරීමේ උළෙලට එක්වෙමින් ෆුෂිමි මහතා පැවසීය. ජපානයේ අභිමානවත් අතීතය සහ සමුරායිවරුන්ගේ පාලනය සිහිගන්වන MT -15 බලාපොරොත්තු වනවාට වඩා වැඩි ප්‍රතිලාභ ඔබට ලබා දෙනවා. එය වඩාත් නව්‍යකරණය වූ යතුරුපැදියක් වන අතර ධාවනය කරන්නාට පහසු ත්‍ෂ යාන්ත්‍රණය එය සතුයි. යමහා සන්නාමය සංකේතවත් කරන උසස් තත්ත්වය, නව්‍ය නිෂ්පාදන සේවා සහ ආයතනික ක්‍රියාකාරකම් ලොව පුරා සිටින සිය ගනුදෙනුකරුවන් කෙරෙහි යමහා දක්වන කැපවීම පිළිබිඹු කරනු ලබනවා. යමහා සන්නාමයේ මෙහෙවර වන්නේ පාරිභෝගිකයන් සමග Kando නිර්මාණය කිරීම යන්නයි. ජපන් වචනයක් වන මෙහි සරල අර්ථය වන්නේ හදවතින්ම සුපිරි දේ යන්නයි.
එය ලොව වටා සිටින ජනතාවගේ සංස්කෘතික බැඳීම් හා එක්ව ඔවුන්ගේ ජීවන රටාවන් උසස් මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනු ලබනවා. ෆුෂිමි ෂෝ මහතා පවසයි. “යමහා මෝටර් කෝපරේෂන් ‘Agile hyper naked˜” සංකල්පය සමග ඵඔ මාදිලි (MT World) දියුණු කර ඇති අතර එය යතුරුපැදිවලට නව හැඩයක් ගෙන දීමට සමත්වී තිබෙනවා. MT -09 මාදිලියෙන් ඇරඹු, ධාවකයාට පහසුවෙන් ධාවනය කළ හැකි මෙම මෙම යතුරුපැදි කාණ්ඩය මේ වන විට MT-09 TRACER” MT-07″ MT-03, සහ MT -25 යන මාදිලි රැසක් හඳුන්වාදී ඇති අතර ඒ සියල්ල ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගෙන තියෙනවා” යැයි ෆුෂිමි මහතා වැඩි දුරටත් පැවැසීය.