මෙරට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් ප්‍රමුඛයකු වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී මූල්‍ය සමාගම අඛණ්ඩ 3 වැනි වරටත් වෙළෙඳ සේවා සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සවිබලගැන්වීම සඳහා කටයුතු යොදා ඇත.
වසර 30කට අධික අභිමානවත් ඉතිහාසයකින් හෙබි වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම තරගාවලිය මෙරට ජනප්‍රියතම ක්‍රීඩා සැණකෙළියක් ලෙස සැලකේ. ඒ සඳහා A සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 50කට වැඩි සංඛ්‍යාවක් තරගවැදීමට නියමිතය. A කාණ්ඩයේ තරඟ MCA සහ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණවල පවත්වන අතර එක් ක්‍රීඩාංගණයක කණ්ඩායම් 9ක් තරගවදිනු ඇත. B කාණ්ඩයේ තරග MCA , ඩී.එස්. සේනානායක, වෙස්ලි සහ මත්තේගොඩ ක්‍රීඩාංගණවල පැවැත්වුණු අතර කණ්ඩායම් 12ක් එහිදී තරගවැදිණි. අගෝස්තු මස 30 වැනිදා මෙම තරගාවලිය ආරම්භ විය.