නවීන තාක්ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi පසුගියදා අප රට තුළ ඔවුන්ගේ බජට් ෆෝන් පෙළ අතරට තවත් නවතම Smartphones 2ක් හඳුන්වාදෙන ලදී. ඒවා නම් Redmi 9A සහ Redmi 9C. මෙම Smartphones 2ක හඳුන්වාදීමත් සමඟ Xiaomi තවදුරටත් බලාපොරොත්තු වන්නේ බජට් ෆෝන් වෙළෙඳපොළටත් ලබාදෙන තාක්ෂණය උසස්ම ආකාරයෙන් ලබාදීමටයි. විද්‍යා සාගර්, සාමාන්‍යාධිකාරී Xiaomi ශ්‍රී ලංකා පවසා සිටියේ Xiaomiහි නිෂ්පාදනය කරන සෑම දුරකතනයකින්ම අපි බලාපොරොත්තු වන්නේ හැමෝටම උසස්ම තාක්ෂණික අත්දැකීමක් ලබාදීමයි. දැන් බොහෝදුරට එය වෙමින් පවතී. Redmi දුරකතන පෙළ ශීඝ්‍රයෙන් ප්‍රචලිතවීම පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයට හොඳම සාක්ෂියයි. මෙම Smartphones 2කටම පොදු 5000mAh ප්‍රබල බැටරිය, 6.53” දැවැන්ත තිරය සහ සහනදායී මිල නිසා පළමු Smartphones එක මිලදී ගන්නා කෙනකුට බෙහෙවින්ම සුදුසු තේරීමක් වනු ඇති. අපි මෙලෙසින් තවත් Smartphones 2ක් ශ්‍රී ලංකාවේ Mi ලෝලීන්ට හඳුන්වාදෙන්නේ ඉතාමත් සතුටකිනි. ඉදිරියටත් හොඳම නිෂ්පාදන හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.