ශ්‍රී ලංකාවේ දේපොළ වෙළෙඳාමේ පුරෝගාමියා වූ ප්‍රයිම් සමූහය, සිය අද්විතීය සලකුණු සනිටුහන් කරන ‘Prime Grand – Ward Place’ අති සුඛෝපභෝගී Condominium ව්‍යාපෘතියේ මීටර් 160ක (අඩි 524) උසින් පිහිටි 37 වැනි මහල පසුගිය 21වැනිදා සුවිශේෂී සන්ධ්‍යාවක් වෙනුවෙන් විවර කළා.
කොළඹ නරයට බටහිරින් ඉන්දීය සයුර හා අහස එක්වන ක්‍ෂිතිජයෙන් සැඳෑ හිරු බැස යන අපූර්වත්වය සජීවීව රිසිසේ අත්විඳින්නට ප්‍රයිම් සමූහය විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට ‘Prime Grand – Ward Place’ නිම් නොවන සුඛෝපභෝගීත්වයට හිමිකම් කියන්නට බලාපොරොත්තුවෙන් සිටින සම්භාවනීය පිරිසක් එක්ව සිටි අතරම, ක්‍ෂේත්‍රයේ අත්දැකීම්වලින් පිරිපුන් ප්‍රයිම් සමූහයේ ඉන්ජිනේරු, මූල්‍ය හා නීතිමය නිර්දේශයන් හා සහාය ලබාගත හැකි විශේෂඥ දැනුම සහිත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වීම තවත් විශේෂ කරුණක්.
ශ්‍රී ලංකාවේ ගෞරවනීයම ලිපිනය හිමි කොළඹ 7හි ඉදිවන උසම ගොඩනැඟිල්ල වන Prime Grand මේ වන විටත් සම්මානයට පවා පාත්‍ර වී ඇති අතර, කොළඹ නගරයේ හුරුපුරුදු අහස තේජාන්විත මෙන්ම සුඛෝපභෝගී දැවැන්ත ඉදිකිරීමක් සමඟ නව්‍යකරණය වන්නේ ඉතා අනර්ඝ තත්ත්වයේ Condominium ව්‍යාපෘතියක කාමර 2, 3 සහ කාමර 4ක් සහිත අති සුඛෝපභෝගී නිවාස ගණනාවක් වෙළෙඳපොළට හඳුන්වා දෙමින්, මෙම ව්‍යාපෘතිය 2022 වසරේ මැදභාගය වන විට ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නියමිතයි.