එතෙර සිට එවන මුදල් මහජන බැංකුව හරහා ප්‍රේෂණය කරන ඔබ වෙනුවෙන් දැන් ‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ තෑගි තරගයේ පළමු සති දෙකේ දිනපතා සහ සතිපතා ජයග්‍රාහකයන් තෝරාගැනීමේ දිනුම් ඇදීම පසුගියදා කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී සිදුකෙරිණි.
ඒ අනුව රු 10,000 බැගින් පිරිනැමීම සඳහා දිනපතා ජයග්‍රාහකයන් 14 දෙනකු සහ කැරට් විසිදෙකේ රන් පවුම් සතිපතා ජයග්‍රාහයින් දෙදෙනකු තෝරාගැනිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල්) කේ.බී. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන, ප්‍රධාන කළමනාකාරිනී (එතෙර ගනුදෙනු සේවා) රේණුකා අරුණාචලම්, ප්‍රධාන කළමනාකාර (විගණන) මොහොමඩ් රුවයිස් යන මහත්ම මහත්මීන්හු සහභාගි වූහ.











