ලොව ප්‍රමුඛපෙළේ ආහාරපාන ඇණවුම් ජාලයක් වන Uber Eats ලංකාව තුළ සිය මෙහෙයුම් කාර්යයන් සිදුවන තෙවැනි නගරය ලෙස මීගමුව කේන්‍ද්‍ර කරගනිමින් සේවාවන් නොබෝ දිනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. වර්තමානය වන විට ලෝකයේ නගර 500කට අධික ප්‍රමාණයක සිය සේවාවන් දියත්කිරීමට සමත්ව ඇති Uber Eats ශ්‍රී ලාංකේය ආපනශාලා හවුල්කරුවන් සමඟ සහයෝගිත්වයෙන්, ආකර්ෂණීය අයකිරීම් යටතේ වේගවත්ව ආහාර සැපයීම් කාර්යයේ නිරතවෙමින්, දේශීය ආහාර ඇණවුම් සේවා වෙළෙඳපොළෙහි ප්‍රමුඛයකු බවට පත්ව ඇත.
මීගමුව ප්‍රදේශයේ පිහිටි උසස් තත්ත්වයේ සහ බොහෝ දෙනෙකු ප්‍රිය කරනා අවන්හල් සමඟ සහයෝගිත්වයෙන් Uber Eats විසින් දියත් කරනු ලබන මෙම ආහාර සැපයුම් ජාලය, එම ප්‍රදේශයේ පාරිභෝගිකයන් සඳහා සැණින් රසවත් ආහාරයක් ගෙන්වා ගැනීමේ හැකියාව ලබාදෙයි.











