සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සදහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම හෙට (10) දින පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සම්මත වනු ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට මද්දුමබණ්ඩාර මහතාගේ නමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ බහුතරයක්ද එකගතාව පළ කොට ඇති බව වාර්තා වේ.
නව සන්ධානයේ මහලේකම් තනතුර සදහා රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම පසුගිය සතියේ පැවැති එජාප හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී යෝජනා කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගත් අතර අවසන් වරට පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම නම සම්මත කරගැනීමට ඒ මහතා පියවර ගෙන තිබිණ.










