මහජන බැංකුවේ People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ අප්‍රේල් මස මිලියනපතිනිය වන ඒ. නාගලෙච්චමී මහත්මියට හිමි චෙක්පත කුවේට්හි ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහර් හා එහි තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩබ්ලිව්.ඒ.යූ. පෝෂිත පෙරේරා යන මහත්වරුන් අතින් ඇය වෙත පිරිනැමීම පසුගියදා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිදුකෙරිණි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ළබැඳියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැකී රක්ෂාවල නියැලෙන ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්, People’s Remittance වාසි කෝටියයි, දිනුම් ඇදීම මහජන බැංකුව විසින් පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන යටතේ වසර අවසානයේ තෝරාගන්නා සුපිරි ජයග්‍රාහකයාට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. එමෙන්ම රුපියල් මිලියනයේ මාසික ජයග්‍රාහකයින් සෑම මාසයකදීම තෝරාගන්නා අතර, තවත් සතිපතා වාසනාවන්ත ජයග්‍රාහකයින් 48 දෙනකුට කැරට් 22 රන් කාසිද, 2022 දෙසැම්බර් 31 දක්වා තෝරාගන්නා දිනපතා ජයග්‍රාහකයන් 334 දෙනකුට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාගද පිරිනැමේ.