කටහඬින් ලබාදෙන විධාන (voice commands) හරහා ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරය භාවිතා කිරීමට පහසුකම් සලසමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගන්වන ලද TeDi Alexa ක්‍රමවේදය හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය කටයුතු කරන ලදී. එසේම ඩයලොග් වෙතින් අධෝරක්ත කිරණ (IR) රිමෝට් භාවිත වන උපාංග කටහඬින් පාලනය කළ හැකි, කෘත්‍රිම බුද්ධියෙන් බලගන්වන ලද TeDi Alexa ස්මාර්ට් ස්පීකර් පහසුමකද මේ සමඟම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා ගෙන එන මෙම ස්මාර්ට් හෝම් විසඳුම් හරහා පාරිභෝගික ජනතාවගේ නිවාස නවීන තාක්ෂණයෙන් බලගන්වමින් රූපවාහිනියේ ශබ්දය අඩු-වැඩි කිරීම පවා කටහඬින් කළ හැකි තරම් පහසු අත්දැකීමක් ලබාදෙයි. ඊට අමතරව, Alexa මඟින් සැපයෙන සේවාවන් සුපුරුදු පරිදි භාවිත කළ හැකි අතර, ස්මාර්ට් ස්පීකරය මගින් IR තාක්ෂණය සහිත වායුසමීකරණ යන්ත්‍ර, හෝම් තියටර් සිස්ටම්, CCTV පද්ධති ඇතුළු ඕනෑම උපාංගයක් කටහඬ හරහා පාලනය කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් වශයෙන් සඳහන් කළ හැක.
මෙරට පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු එකක් වනු ඇති බවට ඩයලොග් ටීවී ආයතනයේ විශ්වාසයයි.











