කොළඹ 7 අහසේ අභිමානවත්ව නැගී සිටින ‘The Grand’අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය පසුගියදා නෙක රටාවන්ගෙන් සමන්විත විදුලි අලෝක ධාරාවන්ගෙන් වර්ණවත් කරනු ලැබීය. මොසැයික් සිතුවම් සහිත අලෝක රටාවන්ගෙන් ගොඩනැගිල්ලම ඒකාලෝක කළ අතර මෙම වර්ණවත් රාත්‍රිය නැරඹීම සඳහා විශාල පිරිසක් එක් වූහ. ප්‍රයිම් සමූහයේ විශාලතම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන ‘The Grand’ මෙරට ඉහළම වෙළෙඳ වටිනාකමක් සහිත වෝර්ඩ් පෙදෙසෙහි පිහිටි මීටර් 160ක උසකින් හෙබි උසින් වැඩිම නිවාස ව්‍යාපෘතිය ලෙස හැඳින්විය හැක.
අති සුඛෝපභෝගී ‘The Grand Ward Place’ නිවාස සංකීර්ණය ආසියාවේ ඉහළම පිළිගැනීමක් සහිත PropertyGuru Asia Property Awards උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) ව්‍යාපෘතිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ‘The Grand Ward Place’ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය මෙරට නිවාස ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන බැවින් එහි අනර්ඝත්වය සුපිරි නිවාස සංකීර්ණයෙහි සෑම බිම් අඟලකින්ම මූර්තිමත් කෙරේ. සැලසුම, ලොව සුපිරිතම ගෘහනිර්මාණ විශිෂ්ටත්වය, උසස්ම තත්ත්වයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය සහ නිවාස අලංකරණ උපාංගයන්ගෙන් මෙම සුපිරි නිවාස සංකීර්ණය සමන්විත වනු ඇත. මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙහි තවත් එක් සුවිශේෂත්වයක් වන්නේ මීටර් 125ක් ඉහළින් එනම් මෙහි 32වන මහලෙහි ඉදිවන මීටර් 71ක දිගින් යුතු ඉන්ෆිනිටි (Infinity) පිහිනුම් තටාකයයි. වැඩ නිම කිරීමෙන් අනතුරුව කොළඹ නගරයෙහි පිහිටි ඉහළම උසකින් පිහිටි දිගින් වැඩිම පිහිනුම් තටාකය බවට මෙය පත් වන අතර පසෙකින් ඉදිවන Sky Bar සහ අවහන් හලේ සිට කොළඹ අහසේ චමත්කාරය විඳ ගැනීමට The Grand Ward Place නිවාස හිමියන්ට හැකි වනු ඇත.











