අඟහරු ග්‍රහයා මතට පළමු හෙලිකොප්ටර් ඩ්‍රෝන යානය ගොඩබැස්සවීමට අමෙරිකාවේ නාසා ආයතනය සමත්ව ඇත.
මෙය වෙනත් ග්‍රහයකු මත සිට තවත් ග්‍රහලොවක යානාවක් හැසිරවූ පළමු අවස්ථාව ලෙස සැලකේ.
ඉකුත් අප්‍රේල් 11 වැනි දින මෙම ගොඩබැස්වීම සිදුකිරීමට සැලසුම් කර තිබුණද යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එය 16 වැනිදින දක්වා කල් දැමීමට නාසා විද්‍යාඥයන්ට සිදුව තිබිණ.
මේ සම්බන්ධ ජායාරූප මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.