• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටැප්සිට Film Fair එකේ වැදුණු විසිල් පාර

April 20, 2021
in Heart
Reading Time: 1 min read
A A
ටැප්සිට Film Fair එකේ වැදුණු විසිල් පාර
Share on WhatsAppShare on Facebook

‘ටැප්සි පන්නු’ (Tapsy Pannu) 2021 ‘(Film Fair)’ සම්මාන වේදිකාව වර්ණවත් කරයි.., අප්‍රේල් මස එකොළොස් වැනිදාවේ ඉන්දියානු සිනමා පුවත්පත් සහ සඟරා පුරා සිරස්තලය වූයේ එම පුවතය. එම විශේෂය මොකක්ද..? ටැප්සි සම්මාන ගත්ත පළමු වතාව ඒක නෙවෙයිනේ. ඔව්… ටැප්සි පන්නු මීට පළමුවද ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයකටම උරුමකම් කී ප්‍රවීණ, අති දක්‍ෂ නිළියකි. තෙළිඟු සිනමාව පුරා ටැප්සි මැවූ රංගන පෞරුෂයන් සුළුකොට තකන්නට නොහැකිය. එහෙම නම් ඉහත කී පුවතෙහි හරය කුමක්ද? හරය කෙසේ වුවද ඒ පුවතෙහි අන්තර්ගතය කදිමය. සම්මානයකට බඳුන් වූ අති දක්‍ෂ, ජනප්‍රිය නිළි තාරකාවක් නොකළ හෝ නොකරතැයි සිතිය හැකි හරිම අපූරු ක්‍රියාවක් ටැප්සි සම්මානය දෝතින් ගත් පසුව වේදිකාව මත ඉටු කළාය. සම්මාන උළෙලට සහභාගීව සිටි ජනප්‍රිය තරු රැසකගේම සිත්ගත් ඒ අපූරු ක්‍රියාවට විසිල් පාර කිහිපයක් සමග කන් බිහිරි කරවන තරමේ අත්පොළොසන් නාදයක්ද හිමිවිය. මොනවද ටැප්සි කළේ… සම්මානය අතින් ගෙන සුදුවතින් සැරැසී ගත් ඈ… වේදිකාව තුළ අලංකාර රංගනයක් ඉදිරිපත් කළද? රංගනයකට වඩා ටැප්සි තුළ සොඳුරු කතාව අති ආකර්ෂණීය විය.

සාමාන්‍යයක් ලෙස ගත්කල… සම්මානයක් පිරිනැමුණු විට බොහෝ රංගවේදීන් ස්තුති කතාවක් දෙන්නේ.., අදාළ නිර්මාණය වෙනුවෙන් තමාව තෝරාගත් අධ්‍යක්‍ෂවරයාට හෝ තමා සමග රංගනයට එක්වූ සහාය නළුවාටය.

ටැප්සි කළ ස්තුති කතාවට සම්බන්ධව සිටියේ හොඳම නිළි සම්මානය වෙනුවෙන් තරගයට බැස සිටි අනෙකුත් නිළි තාරකාවනටය.

පළමුවෙන් ඇගේ ස්තුතියට බඳුන් වූයේ දීපිකා පදුකෝන්ය. ඒ චපාක් වෙනුවෙන්ය. දෙවනුව විiාට ශකුන්තලා වෙනුවෙන් වාගේම කන්ගනා රනවුට් වෙත පන්ගා වෙනුවෙන්ද ටැප්සි ගෞරවනීය ප්‍රතිචාරයක් දුන්නාය.

ඊයේ පෙරෙයිදාවක තරුවක් ලෙස පායා ආ ශ්‍රී දේවිගේ වැඩමහල් දියණිය වූ ජාන්වී කපූර් ද එම ප්‍රතිචාරය අතර සිටියේ ‘ගුන්ජන් සක්සේනා තුළිනි.

කිසිදුම නිළියක සම්මාන උළෙලකදී සම්මානයක් අතැතිව සිටියදී නොකරන මේ අපූර්වතම ක්‍රියාව ටැප්සි කළේ ඇයි… ‘තමා හරි හොඳ බව කියන්නට ලකුණක් දාගත්තද..?’
නැහැ… එයට හේතු වූයේ මෙවර ෆිල්ම් ෆෙයාර් උළෙලට තරග කළ ‘හොඳම නිළිය තේරීමේ චිත්‍රපට අතර ‘ස්ත්‍රී මූලික නිර්මාණ හතරක් පෙළගැසීමය. එම පෙළ ගැසීමෙහි රංගනය සඳහා එක්ව සිටි, ටැප්සි තරමටම විiා බාලන්, කන්ගනා රනාවුන්, දීපිකා පදුකෝන් සහ ජාන්වී කපූර් ද අති දක්‍ෂව සිය කර්තව්‍ය ඉටුකර තිබිණ.

සම්මානය කාට පිරිනමන්නේද? යන තිගැස්ම තුළ ජූරියේ කවුරුත් වාගේ දීපිකා, විiා, කන්ගනා සහ ටැප්සි අතර අතරමංව සිටියහ. ටැප්සිට ලකුණු වැඩිවුණු හේතුව,

සැබැවින්ම ‘තප්පඩ්’ හී අම්රිතාගේ චරිතය ටැප්සි රඟදැක්වූ ආකාරය නිතැතින්ම අති ප්‍රශස්තව තිබිණ. එහි ඉතා සියුම්ව ඈ විදහා පෑ අවස්ථා ඉහත සඳහන් කළ සෑම නිළියකගේම රංගනයට වඩා කාගෙත් සිතට කාවැදී තිබිණ.

මෙම සංසිද්ධියෙහි තවත් එක් විශේෂයක් වන්නේ, කංගනා… ඒ මොහොතේම ටැප්සි පන්නුට සුබපැතුම් සමග සිය කෘතගුණ දැක්වීමය.

බාල්දි කොක්කයැයි කවුරුත් හැඳින්වූවාට කංගනා එක අතකට හොඳයි නේද..?
ඔව්… කන්ගනා ටැප්සිට හැරෙන තැපෑලෙන් සුබපැතීම හොඳ ගුණයක්.
හැබැයි ඉතින්..,

ඕනෑවට වඩා උඩ පනින්න හැදුවට ටැප්සි පන්නු කියන්නේ ‘බී ග්‍රේඩ්’ නිළියක් යැයි කියා ටැප්සිට සියුම් අතුල් පහරක් පසුගිය දවසක එල්ල කොට තිබුණේද කංගනාමය.
කොහොමත් ටැප්සි පන්නු අපූරු කෙල්ලක්.., එහෙම නේද?

ඔව්… බොහෝ විට එය නිවැරැදිය. කල්ලි වාදයෙන් අනූන කලා ලෝකයට ටැප්සි පන්නු දුන් ආදර්ශය ඉතා සොඳුරුය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘The Grand’ Ward Place දීප්තිමත් මොසැයික් වර්ණ රටා සමග කොළඹ 7 අහස අලෝකමත් කරයි

Next Post

හිතන්නවත් බැරි විදිහට මා වෙනස් කළා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.