• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන්දෙ දිනන්න සමහරු පාස්කු ප්‍රහාරයේ තොරතුරු හැංගුවා! එහෙම කළේ ජන්දෙදි ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න! අපි ජාත්‍යන්තරයට ආවේ යුක්තිය ඉටු නොවුණු නිසයි! (VIDEO)

May 2, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කාදිනල් හිමි සහ බිෂොප්වරු 8 දෙනා පාප් වහන්සේ එක්ක පැය 2ක අතිවිශේෂ සාකච්ජාවක්! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

මැතිවරණය ජයග්‍රහණය කිරීමේ චේතනාවෙන් ඇතැමුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැඟවූ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් ද තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මැතිවරණය වෙනුවෙන් ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න ඕනකම තිබූ නිසා ඔවුන් ඒ දේ කළ බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

එවැනි චේතනාවක් නොතිබුණේ නම් මෙවැන්නක් වීමට යන බව හා ඉන් ආරක්ෂා වන ලෙස දැනුම්දීමට තිබූ බව කී කොළඹ අගරදගුරුතුමෝ දේශපාලනඥයන් හා නිලධාරීන් පමණක් තමන් අතර ලියුමක් හුවමාරු කරගෙන ආරක්ෂා වී අහිංසක මිනිසුන්ව බිලි දුන් බව ද කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ ඉතාලියේ පාදුවා නුවර පිහිටි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (1) පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර තුනක් යුක්තිය ඉල්ලූ නමුත් ශ්‍රී ලංකා පාලකයන්ගෙන් කිසිම සාධාරණයක් ඉටුනොවූ නිසා ජාත්‍යන්තරයට ඒමට සිදුවූ බව කී කොළඹ අගරදගුරුතුමෝ අපිට රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා උදව් ඉල්ලීමත් මෙහි අරමුණක් බව කීහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැන සිට ඇති නමුත් ඡන්දය දිනාගැනීමේ අවශ්‍යතාවය නිසා එය සිදුවීමට ඉඩ හැර ඇතැයි ද කාදිනල්තුමෝ කීහ.

දේශපාලනඥයන් සමාජය පිරිහීමට හැර දූෂණය රජ කරවීම මෙන්ම නීතිය වල් වදින්න සැලැස්වූ බව කී කොළඹ අගරදගුරුතුමෝ නීතියේ ඉහළම නිලධාරියා ජනාධිපතිධූරයෙන් පත්කරන අයෙක් නිසා ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ලැබී ඇතැයි ද පැවසූහ.

වර්තමානයේදී ජනතාවගේ ඡන්දයෙන් බලයට එන පාලකයෝ පොහොසත් වී පිටරටවල මුදල් එකතු කිරීම හා ව්‍යාපාර ආරම්භ කිරීම සිදුකරන බවත්, මෙම දූෂිත ක්‍රමයේ වරද පෙනෙන්නට ගත්තේ පාස්කු ප්‍රහාරය යට ගැසීමට දැරූ උත්සාහය තුලින් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

එහිදී දෙදෙනකුට විරුද්ධව නඩු දමා නඩුව දියාරු කර ඔවුන් නිදහස් කරන්නට ඉඩ සැලසූ බවත්, ශ්‍රී ලංකාව නව ගමනක් වෙත යොමු කරන්නට අවශ්‍ය ශක්තිය රටේ මිනිස්සුන්ට දෙන්නැයි යාඥා කරන බවත් කාදිනල්තුමෝ පැවසූහ.

SendShareShare
Previous Post

සුබ වැඩිකර අසුබ අඩුකර ඔබේ වේලාව බලවත් කරගන්න…

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් සඳහා රක්ෂණ පහසුකම් සලසයි…

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper