ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL නැවතත් සිය ආයතනික සමාජ වගකීම් හා තිරසාරත්ව ක්‍රමවේදයන් වෙනුවෙන් ඇගයීමට ලක්වෙමින්, 2021 වසරේ විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට එක්වීමට සමත් විය.
පසුගිය පසුගියදා පැවති, 18 වැනි විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී SLT-MOBITEL වෙත සම්මාන තුනක් හිමි වූ අතර, රටේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලය ලෙස සැලකෙන ලංකා වාණිජ මණ්ඩලය මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.
මෙහිදී SLT-MOBITEL, තමාට අදාළ අනෙකුත් කාණ්ඩයේ ‘තිරසාරත්ව ශූරයා’ ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම 2020 වසරේදී COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් මතුවූ අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග වෙනුවෙන්, එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමටද සමාගමට හැකියාව ලැබිණි.
COVID-19 හේතුවෙන් වසර පුරාම අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවුවද, තම ව්‍යාපාර කටයුතු තුළදී තිරසාරත්වයට මුල්තැන දෙමින්, ආර්ථිකය, ආයතනික පාලනය, පරිසය සහ සමාජය යන අංශවලට අදාළව ආයතනික සමාජ වගකීම් නොපිරිහෙළා ඉටුකිරීමට SLT-MOBITEL කටයුතු කළේය.