තමන් සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා යළිත් වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා සමග පසුගිය දිනෙක පැවැති සාකච්ජාවකදී මොහොට්ටාල මහතා මේ බව දැනුම් දී තිබේ.
මොහොට්ටාල මහතා සිය සභාපති ධූරයෙන් ඉවත් වන බව ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී තිබූ අතර පසුව ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවැති හමුවේදී මොහොට්ටාල මහතා තමන් තනතුරෙන් ඉවත් වන බව යළි ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.










