ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Internet Protocol Television සේවාව වන PEOTV සහ එහි දේශීය රූපවාහිනී නාලිකාවක් වන Charana TV කැටුව, කාගිල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන කාගිල්ස් පදනම සමඟ විශේෂ සහයෝගීතාවකට පසුගියදා අත්සන් තැබීය. මෙම සහයෝගීතාව යටතේ, දෙවැනි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා දරු දැරියන් වෙනුවෙන් “BADANAMU” අධ්‍යාපනික වැඩසටහන Charana TV ඔස්සේ විකාශය කෙරේ.
මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, කාගිල්ස් (සිලෝන්) පීඑල්සීහි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ්, SLT VisionCom ප්‍රධාන විධායක නිලධාරී රුචිර වීරකෝන්, කාගිල්ස් විධායක අධ්‍යක්ෂ ඩිලන්ත ජයවර්ධන සහ කාගිල්ස් පදනමේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.
දරුවන්ට සතුට හා විනෝදය ලැබෙන පරිදි ඉංග්‍රීසි භාෂාව උගන්වන අතරම ඔවුන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත විෂයන් සම්බන්ධයෙන් උනන්දුකරවීම BADANAMU අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ඉලක්කයයි. මෙය කාගිල්ස් පදනම දැනටමත් රට පුරා පෙරපාසල්වල ක්‍රියාත්මක කරමින් සිටින, පන්ති කාමර පදනම් කරගත් මුල් ළමා විය අධ්‍යාපන වැඩසටහන් මාලාව මගින් ඉටුකරන මෙහෙවර තවදුරටත් පුළුල් කරනු ඇත. මීට අමතරව දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Cargills ESL Home Learning විසඳුම මේ වනවිට තෝරාගත් කාගිල්ස් ෆුඩ් සිටි අලෙවිසැල් වෙතින් මිලදීගත හැකි වේ.