අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මේ වන විට ක්‍රීඩාවෙන් සමුගෙනයි සිටින්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනය නියෝජනය කළ ඔහු ඒ සියලු කටයුතුවලින් ඈත්ව සිය පෞද්ගලික ව්‍යාපාරවල නිරතවෙමිනුයි මේ දිනවල සිටින්නේ. ඒ විදියට නිහඬව සිටින අතරතුර ඔහු සුවිශේෂ මාධ්‍ය සාකච්ඡාවකට පසුගිය සතියේ එකතු වුණා. ඒ, Newsfirst Sri Lanka යූටියුබ් නාලිකාවෙ 10 Questions වැඩසටහන සමග. එහිදී සනත් ජයසූරිය මෙතෙක් මාධ්‍යයට අනාවරණ නොකළ සුවිශේෂ කරුණු රැසක්ම හෙළිදරව් කිරීම විශේෂ සිදුවීමක් විදියට හඳුන්වන්න පුළුවන්. අපට හිටපු සුපිරිම තුන් ඉරියව් ක්‍රීඩකයා සමග මේ අපූරු සාකච්ඡාව මෙහෙයවූයේ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ. සනත්ගේ මේ වටිනා අදහස් ‘මව්රට’ පාඨක ඔබත් සමග බෙදාගන්නට අප අදහස් කළා.
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්, එක්දින ක්‍රීඩකයෙක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ නිසා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ක්‍රීඩාව ගැන, දේශපාලනය ගැන, රට ගැන. ඒ නිසයි අපි ඔබව සොයාගෙන ආවෙ. සනත්, අපට 96 ජයග්‍රහණය ආපහු ලංකාවට ගේන්න බැරි වෙයිද?
බැහැයි කියලා දෙයක් නෑනෙ. එදා හිටපු කණ්ඩායම වගේ කණ්ඩායමක් හොයාගන්නත් බැරි වෙයි. හැබැයි කාලයක් ක්‍රීඩා කළොත් බැරි වෙන්නෙ නෑ. අපි පහුගිය කාලෙ ක්‍රීඩා කරපු විලාසය සහ ඉන්න ක්‍රීඩකයො දිහා බැලුවම ඒ අයට බැරි වෙන එකක් නෑ.
ඔබ පහුගිය දවසක ක්‍රිකට්වලට සම්බන්ධ ට්විටර් පණිවුඩයක් නිකුත් කරලා තිබුණා. ටීම් එකේ ෆේල් වෙච්ච අය ආපහු කණ්ඩායම් රැස්වීමට ඇවිල්ලා නායකයාව අසීරුතාවට පත්කරනවා වගේ අදහසක්. මොකක්ද මේකෙ හැංගිච්ච කතාව?
ඒක හරි ලේසියි. මොකද පහුගිය කාලයක් අපි අවුරුදු ගානක් තිස්සේ අපිට බලාපොරොත්තු දීලා තිබිච්ච දේවල්, පොරොන්දු දීලා තිබිච්ච දේවල් අපි විශ්වාස කළා. ඒ විශ්වාස කරලා පාලකයො කියන දේවල් අපි අහගෙන හිටියනෙ. එතැනදී අපි හිතුවා කවදාවත් අපේ රට මේ දැන් තියෙන තැනට වැටෙන එකක් නෑ කියලා. ඉතින් අපි එහෙම හිතලා එක පාරටම අපි දැක්කා දැන් මාස පහකට විතර කලින් අපේ රට දුවන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා කියලා. ජනතාව පුළුවන් තරම් ඉවසුවා මේ අය ගැන විශ්වාසයක් තියාගෙන. ඉවසලා එක තැනකදී පැන්නනෙ. වතුර ගියානෙ නයට උඩින්ම. එතැනදී තමයි හැම කෙනෙක්ම කිව්වේ මේ අයට මේක කරන්න බෑ කියන එක. මුළු ලංකාවෙන්ම. පක්ෂයක් ඕනෙ වුණේ නෑනෙ ඒකට. හැමෝම කිව්වා ‘යන්න’ කියලා. ගිහිල්ලා මාසයක් දෙකක් ගියාට පස්සේ මේවා වෙනස් වෙලා වෙන අගමැතිවරු ආවා, අනෙක් අය ආවා. එක එක දේවල් වෙනස් වුණා. මම දැක්ක දෙයක් තමයි වෙනස් වෙලා ගියපු අය ආයෙත් සමහර වෙලාවට ඇවිත් වාඩිවුණොත් එහෙම මේ තැනක, මම හිතනවා ඒක ගැළපෙනවා අඩුයි කියලා. ඒ ගැළපෙන්නෙ නැති හින්දා තමයි මම ක්‍රිකට්වලට සම්බන්ධ කරලා කිව්වේ, ටීම් එක ෆේල්. ප්ලේයර්ස්ලත් ෆේල්. මේගොල්ලො දැන් ඩ්‍රොප් කරලා එළියට දාලා තියෙන්නේ. එළියට දාපු කට්ටිය අනෙක් කැප්ටන් එක්ක වාඩි වුණොත් ඒ ටීම් එකම කරන්න බෑනෙ. අපට දුකක් කනගාටුවක් තියෙනවා මේ රටට වෙලා තියෙන දේ ගැන. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට අයිතියක්, වගකීමක් තියෙනවා.
මේ අසමත් කණ්ඩායමත් එක්ක ජයසූරියත් ක්‍රීඩා කළානෙ?
මම හොඳටම ක්‍රීඩා කරන කාලෙකනෙ ඔය වැඩේට (දේශපාලනයට) ගියේ. මෝඩ තකතීරු වැඩක් තමයි මම කළේ. ඒක මට හරියන්නෙ නෑ. අදටත් මම ඒ ගැන කනගාටු වෙනවා. අපි වගේ අයට ඒක ගැළපෙන්නෙත් නෑ. අපි කරන විදියට කරන්නත් බෑ. දැන් ඉතින් ඒ ඔක්කොම අතහැරලා පක්ෂයක් පාටක් ඕනෙ නෑ. නිර්පාක්ෂිකව හිතලා මේක ගොඩ දාන්න පුළුවන් නම්, තමන්ගෙ දේ රටට කියන්න පුළුවන් නම් ඒක බය නැතුව කියනවා.
ආපහු කිසිම හේතුවක් මත දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ නැද්ද?
ඒ මෝඩ තකතීරු තීන්දු ගන්න නරකයි. හොඳට කල්පනා කරලා මෙහෙම ජීවත් වෙලා කියන්න පුළුවන් දේ කිව්වාම ඉවරයි. මම අදත් කියනවා හෙටත් කියනවා. දැනට රට යන විදිය දැක්කම මට නම් ඉවසන්න බැරි තැනක ඉන්නේ. ඒ කියන්නේ මෙහෙම යන්න බෑ. මේ මිනිස්සු විඳින දුක දැක්කම බලාගෙන ඉන්න බෑ. අපි දැකලා නෑ මේ වගේ දෙයක් ජීවිතේට. මේක අපි කරපු වරදක් නෙවෙයි. පෙට්‍රල් ඩීසල් ගන්න මේ තරම් වෙලාවක් පාරේ හිටගෙන ඉන්න අපි කරපු වරද මොකක්ද? මට දැනගන්න ඕනෙ ඒක. මේ රටේ මිලියන 22ක ජනතාව මොකක්ද කරපු වරද? එක්කො කට්ටියම එකතු වෙලා මේක ගොඩදාන්න ඕනෙ. පාර්ලිමේන්තුව වගකියන්න ඕනනෙ මේකට. මේ ඉන්න 225 වගකියන්න ඕනනෙ.
තරුණ තරුණියො ඇතුළු පිරිස් කතා කරනවා මේ 225ම එපා, අපි අලුත් ටීම් එකක් ගේමු. මේක අලුත් කණ්ඩායමකට භාරදෙන්න ඕනෙ කියලා. එහෙම අලුත් එකමුතුවක් හැදුණොත් වෘත්තීයවේදීන් ඇතුළු පිරිස එක්ක, ඔබ ඒකට සම්බන්ධ වෙන්න සූදානම් නැද්ද?
දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ නෑ. දැන් ඉන්න සංචාරක ඇමැතිතුමා කතා කරලා කියලා තියෙනවා සංචාරක ප්‍රවර්ධන කටයුතුවලදී උදව් කරන්න කියලා. අපේ රට අවට තියෙන රටවලට ගිහින් කතා කරලා, අපේ රටට එන්න කියලා, අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න යම් කිසි දෙයක් කරන්න. ඒක දේශපාලනයක් නෙවෙයි. මට ඒක කරන්න පුළුවන්. පඩියකට නෙවෙයි. ඒක ගෞරවනීය කටයුත්තක්. හැබැයි වැරැද්දක් දැක්කොත් මම ඒක කියනවා එතැනදී වුණත්.
අරගලයේ අයට වෙනසක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
ඇත්තටම වෙනසක් කරන්න පුළුවන් තැන තමයි අරගලය තිබුණේ. මමත් අරගලයට ගියා. ලංකාවෙ ගොඩක් අය අරගලයට සම්බන්ධ වුණා. ප්‍රචණ්ඩත්වයෙන් තිබුණු අරගලයකටනෙ මේ 09 වැනිදා වෙච්ච දෙයින් අසාරධාරණය වුණේ. ප්‍රචණ්ඩත්වයෙන් තොරවනෙ මේක යන්න ඕනෙ. මම අදත් හෙටත් කියන්නේ ගහමරාගෙන මේක විසඳන්න බෑ. අපි අරගල කරන්න ඕනෙ, අපි කියන්න ඕනෙ, අපි දැනුවත් කරන්න ඕනෙ, අපි බෝඩ් එකක් හරි උස්සගෙන ඉන්න ඕනෙ. හැබැයි තවත් කෙනෙක් එක්ක ගහගන්න තත්ත්වෙට යන්න නරකයි. ජනතාව ගොඩක් අමාරුවෙන්, වේදනාවෙන්, තරහෙන් මේ වෙලාවෙ ඉන්නෙ, මේක කොයි වෙලාවෙද පුපුරන්නෙ කියලා.
ජනතාව ගැන ඔබ සංවේදීද?
මම විතරක් නෙවෙයි මුළු ලංකාවම සංවේදියි, ජනතාව ඉන්න තැන දැක්කාම විඳින දුක දැක්කාම. වැටෙනකොට ඔක්කෝම වැටෙනවා. හැම ක්ෂේත්‍රයක්ම එකිනෙකට සම්බන්ධයි. මම දන්නෙ නෑ කොහොමද කරන්නද කියලා. ඊළඟ සුමානෙ අමාරුයි කියන එක නෙවෙයි වැඩේ. ඒක මිනිස්සු දන්නවා. ඉතින් හැමදාම අපට සුමාන දෙකක් ඉවසන්න, මාසයක් ඉවසන්න කිව්වට එහෙම ඉවසන්න බෑ. අපි දැක්කා පෝලිම්වල ඉන්න අය මැරෙනවා, අපි මේවා කවදාවත් දැකපු දේවල් නෙවෙයිනෙ. ඒවා බලාගෙන ඉන්න හරි අමාරුයි.
එහෙම තියාගෙන මැච් බලන්න ආවා කියන්නේ පුදුමක් නේද?
එක් තමයි මමත් කියන්නේ. පයින් හැතැක්ම ගණන් ආවා. කෑගැහුවා, රෑ මැච් එක ඉවර වෙලා ආයෙත් පයින්ම ගියා. යන්න බස් තිබුණේ නෑ. එන්න පෙට්‍රල් නෑ. පයින් ඇවිල්ලා පයින්ම ගියා. නුවරත් එහෙමයි, කොළඹත් එහෙමයි. ඉතින් හිතන්නකො මේ විදියෙ දෙයක් මම පළමු වතාවට දැක්කේ.
ඔබට ඕනෙම වෙලාවක මේ රටෙන් යන්න පුළුවන්. රට අතහැර යන්නෙ මොන වගේ තත්ත්වෙකට ආවමද?
රට අතහැරලා යන්න නම් මගේ කවදාවත් අදහසක් තිබුණෙ නෑ. මම ආසම රට මේක. ඒත් ඉතින් දැන් නම් ඇත්තටම දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. මගේ ලොකු දුව නම් දැන් ඔස්ටේ්‍රලියාවෙ ඉගෙන ගන්නවා. නිවාඩුවට එනවා යනවා. පුතත් යන්න ඕනෙ කියලා කියනවා ඉගෙන ගන්න. එක එක්කෙනා යනවා.
ජයසූරියත් යයිද?
ජයසූරිය හිතනවා මොකක්ද කරන්නේ කියලා. අපිට දාලා යන එක ලේසියි. ක්‍රිකට්වල වුණත් අපට අතහරින්න ලේසියි. හැබැයි ෆයිට් එකක් දෙන්න නේ ඕනෙ. මම ඒකයි කියන්නේ ෆයිට් කරන්න ඕනෙ. මේක වුණත් මම කියන්නේ මේ ඉන්න අය කොහොම හරි ෆයිට් කරලා ගොඩ එන්න බලන්න ඕනෙ. මට ඕනෙ වෙලාවක තීරණයක් අරගෙන කරන්න පුළුවන්. හැබැයි අපටත් වැඩිය පල්ලෙහායින් අය බලන්නේ යන්නමනෙ.
ඔබට මෙහෙ ජීවත් වෙන්න අවශ්‍ය වත්කම් තියෙනවා, ඔබට ආදායම් මාර්ග තියෙනවා. ඔබ ඇයි යන්න හදන්නේ?
මගේ දරුවනුත් යනකොට, රටේ තත්ත්වෙත් එක්ක බලද්දී එහෙම හිතෙනවා. හැබැයි මම ලේසියෙන් අතහරින්නෙ නෑ. එහෙම දාලා යන්න කැමැති කෙනෙක් නෙවෙයි. ෆයිට් එකක් දෙනවා.
ඔබේ පුතා එන්නෙ නැද්ද ක්‍රිකට්වලට?
සනත් ජයසූරියගෙ පුතා කියලා ක්‍රිකට් ගහන්න ඕනෙ නෑ. අනෙක් අයගෙත් පුතාලා ඉඳලා තියෙනවා. එයා හොඳට ක්‍රිකට් ගැහුවොත් එයාට ඒ අවස්ථාව තියෙනවා. එයා සෙල්ලම් කරනවා හොඳට. 15න් පහළ පළාත් තරගවලට ගිහින් ක්‍රීඩා කළා. බලමු ඉස්සරහට. හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් කෙනෙක්.
සනත් ජයසූරියට ජනාධිපතිවරයා හමු වුණොත් මොනවද කියන්නේ?
මට නම් කියන්න ලොකු දෙයක් නෑ. මේ ජනතාව විඳින දුක බලන්න, මේ දුකෙන් මිනිස්සුන්ව බේරගන්න කියන එක විතරයි කියන්න තියෙන්නේ. එයානෙ කැප්ටන්. අපි ගිය සතියෙ රටකට ගියා. ඒ ගිය ගමන්ම මගෙන් ඒ අය ඇහුවෙ කන්න තියෙනවද, අඩුපාඩුවක් නැද්ද කියලා. අපේ රටේ ප්‍රවෘත්ති ගිහින් තියෙන විදිය දැක්කම හරි භයානකයි. ඉස්සෙල්ලම ඒ අය අහන්නේ මේ රටට මොකද වුණේ කියලා තමයි. ඒ ගැන ලොකු දුකක් ඇතිවෙනවා එහෙම අහනකොට. අපි එකතු වෙලා ක්‍රිකට් ගොඩගන්නවා වගේ රටත් කොහොම හරි ගොඩ ගන්න ඕනෙ. ක්‍රිකට් ගහන්නත් රටක් තියෙන්න ඕනනෙ. ඔස්ටේ්‍රලියාව වගේ රටක් මේ වගේ වෙලාවට මෙහෙට ආපු එකත් ලොකු දෙයක්. ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ.
පාසල් ක්‍රිකට් ගැන සතුටුද?
පාසල් ක්‍රිකට් ගැන ඇත්තටම සතුටක් නෑ. පාසල් ක්‍රිකට් පාලනය වෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නෙවෙයි, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. අපේ රටේ තිබිච්ච පාසල් ක්‍රිකට් ගැන දැනගන්න වෙන රටවලිනුත් ආවා ඒ කාලෙ. ඒ තරම් හොඳයි. අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ, 19න් පහළ මේ සිස්ටම් එක කොහේවත් නෑ. මේ ස්කූල් සිස්ටම් එකක් පාකිස්තානෙවත්, ඉන්දියාවෙවත් කොහෙවත් නෑ. අපේ ටෙස්ට් ක්‍රිකට් එකයි ස්කූල් ක්‍රිකට් එකයි එක ලෙවල් එකට තිබුණේ. ඒකනෙ මේ අය ඇවිල්ලා කෙළින්ම ටෙස්ට් ක්‍රිකට් ගැහුවෙ. හොඳ තණතිල්ලක් හදාගන්න බැරි තරමට ආවා ඉස්කෝලවලට. 18න් පහළ, 19න් පහළ ටූනමන්ට් එකට තරග වැටෙන්න ගත්තම ඒක දියාරු වෙන්න පටන් ගත්තා. දැන් ඉතින් මේක බලන්න ඕනෙ කොහොමද උඩට ගේන්නේ කියන එක.
ජයසූරියගෙ අනාගතය කොහොමද ලියවෙන්නේ?
සභාපති වෙන්න ආසාවක් නෑ, පාර්ලිමේන්තුවට එන්න ආසාවක් නෑ. මේ විදියට ඉඳගෙන තමන්ගෙ තියෙන දේ කතා කළාම ඒක ඊට වැඩිය හොඳයි. තමන්ගෙ තියෙන දෙයක් බලාගෙන, තමන්ගෙ තියෙන ව්‍යාපාරයක් බලලා ජීවත් වෙන එක හොඳයි. තමන්ට කියලා මොකක් හරි දෙයක් හදාගෙන මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. ඒ වගේ දේවල් කරනවා. හැබැයි දේශපාලනයට එන්න නම් අදහසක් නෑ. ක්‍රීඩකයෙක් විදියට මනිස්සු මට ආදරය කළේ පක්ෂයකට නෙවෙයිනෙ. ඒ වැරැද්ද මම තේරුම් ගත්තා.
නිකමට වත් හිතෙන්නෙ නැද්ද මේ වෙලාවෙ පාර්ලිමේන්තුවෙ හිටියා නම් මේ ප්‍රශ්න ගැන දැනෙන්න කියන්න තිබුණා කියලා?
මම එහෙම නම් ඉක්මනටම අයින් වෙලා ගිහින්. මේ වගේ ප්‍රශ්න තියෙන වෙලාවක මම ඉන්නෙ නෑ. මගේ පෞද්ගලික තීරණය ඒක. වෙන කෙනෙක් ආවට මට කමක් නෑ. මිනිස්සු මෙච්චර කට්ට කනකොට ඉන්න බෑනෙ. මෙතැන මගේ ගේ ගාව ඉඳලා පාරෙ පෝලිම තියෙනවා මහරගම ෂෙඩ් එක ගාවට වෙනකන්. බොරලැස්ගමුවෙ වැව ළඟටම තියෙනවා. දවස් දෙකක් තිස්සේ මිනිස්සු ඉන්නෙ තෙල් ටිකක් ගහගන්න. මට ඉන්න පුළුවන්ද ඉතින්? බෑ. හිතට එකඟව ඉන්න බෑ. ඒ මම හිතන විදිය.
රටේ බොහෝ තරුණ තරුණියො ඉන්නේ කඩාවැටීමක, අවිනිශ්චිත තත්ත්වයක. ඔබ නම් කිව්වා අන්තිම මොහොත වෙනකන් අතහරින්නෙ නෑ කියලා. ඒ නිසා ඔබට පුළුවන් මේ වෙලාවෙ ඔවුන්ට යමක් කියන්න?
රස්සාවල් නෑ. මගේ ආයතනයේ වුණත් මේ මිල වැඩිවෙන විදියට මගේ සේවකයන්ට පෙට්‍රල් දෙන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. මම පඩි ගෙවන්න ඕනෙ, ඒ අය බලාගන්න ඕනෙ. ඒ අයගෙ අම්මලා තාත්තලා යැපෙනවා, බිරිය, ළමයි මේ හැමෝම යැපෙනවා. ඉතින් අපි කොහොම හරි දුවන්න ඕනෙ. ඒ වගේම බැංකුවලින් අපි ගත්තු ණය තියෙනවා. බැංකුවෙන් කතා කරලා අහනවා මේ ණය ගෙවන්නෙ නැද්ද කියලා. මම තරුණ තරුණියන්ට කියන්නේ ලේසියෙන්ම පුළුවන් අතහරින්න. හැබැයි ඒක අතහරින්න නරකයි. අපි දේශපාලන වෙනුවෙන් නෙවෙයි මේක කරන්නෙ. තමන්ගෙ දේ වෙනුවෙන් තමන් අතහරින්න එපා. දෙයක් ඉගෙන ගන්න, රැකියාවට ගියා නම් කොහොම හරි ඒක කරන්න. මොන තරම් අඩුපාඩු තිබුණත්. ඒ වුණත් රැකියාව අතහැරලා යන්න එපා, ඒකට හේතුව අද රැකියාවක් හොයාගන්න බෑ. රැකියාවක් දෙන්නෙ නෑ ආයතන. මම කියන්නේ මොන අමාරුකම් තිබුණත් කාගෙන හිටියොත් ඒ මැද්දෙන් හොඳ කාලයක් උදාවේවි.
සිස්ටම් එක වෙනස් කරන්න මේක හොඳ වෙලාවක් නේද?
අපි වෙනසක් ගැන කොච්චර කිව්වත් ඒක ඒ අයටම තේරිලා තියෙන්නෙ. මොකක්ද අපි මෙච්චර කල් කළේ, අපි හැමෝම අරයට මෙයාට කිය කියා පෝලිමේ ඉඳලා කතිරෙ ගහලා ආපු එකනේ කළේ. මම හිතනවා දැන් ඊට වැඩිය වෙනසක් වෙයි ඉස්සරහට. අපේ තරුණ තරුණියො ගොඩක් සමාජ මාධ්‍යවල ඉන්නවනෙ. ඒ අය මම හිතනවා මේ වෙනසේ ලොකු කැපීපෙනෙන ලක්ෂණයක් වෙයි කියලා.
225 ඇතුළේ ඉන්නවද වෙනසක් කරන්න පුළුවන් අය?
කීප දෙනෙක් ඉන්නවා. හොඳ දේවල් කතා කරනවා ඒ අය. මේ වෙච්ච දේ ගැන අඩු ගානෙ වචනයක් හරි කියන කට්ටිය ඉන්නවා. මට තියෙන දුක ඒක නෙවෙයි. කවුරු වුණත් මම අහන්නේ කොහොමද ඉන්නේ කියන එක. මේක බලාගෙන ඉන්නේ කොහොමද? හොඳ නරක නෙවෙයි, හොඳ අයත් ඉන්න පුළුවන්, ඉගෙනගත්ත අයත් ඉන්න පුළුවන්. හැබැයි තමන්ගෙ හෘද සාක්ෂියට අනුව මේ තත්ත්වෙදි කොහොමද ඉන්නේ?
ජයසූරිය තෙල් ගහන්නෙත් පෝලිමේ ඉඳලද?
මම නම් පෝලිමේ ඉඳලා ගහනවා. නැත්නම් රියැදුරු ගිහින් පෝලිමේ ඉඳලා කරගෙන එනවා. කරන්න දෙයක් නෑ. මම කිව්වෙ ඉතින් අපි හැමෝටම එකයි. ඉස්සරහට ටෝකන් එකක් දුන්නොත් ඒකත් අරගෙන යන්න වෙනවනෙ. මම නම් හිතන්නේ අපට උදව් කරන්න පුළුවන් රටක් ළඟට යන්න ඕනෙ. මම දන්නෙ නෑ කා ළඟටද යන්න ඕනෙ කියලා. ඒ රටවල් එක්ක කතා කරලා තෙල් තියෙන රටවලට. ලංකාවෙ ඉන්න ඒ මහකොමසාරිස්වරු හමුවෙලා කතා කරලා උදව් ගන්න ඕනෙ. ඔය ගැන මට වඩා අත්දැකීම් තියෙන අයනෙ ඒ තැන්වල ඉන්නේ. මොනවා හරි කරලා මේකට විසඳුමක් දෙන්න කියන එක තමයි ඉල්ලන්න ඕනෙ ඒ අයගෙන්. අපේ ඇතුළේ විසඳුමක් නෑනේ. මේ ප්‍රශ්නවලට අපේ රට ඇතුළෙන් විසඳුමක් දෙන්න පුළුවන්ද? අපේ ණයවර ලිපියක්වත් භාරගන්නෙ නැති ලෝකයක්නෙ තියෙන්නේ. ආපු නැවුත් හැරිලා යනවා. අපේ රට ඇතුළේ මේ තෙල්, ගෑස් ප්‍රශ්නවලට විසඳුම් නෑ කියලයි මම හිතන්නේ. අපි ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරනවා, පිටරටවල් එක්ක සාකච්ඡා කරනවා. ඒක හොඳයි. ජනතාව වැටිලා ඉන්න තත්ත්වෙන් බේරගන්න ඕනෙ. පැරැදිච්ච ටීම් එක ගොඩ ගන්න ඕනෙ මැච් එක දිනන්න නම්. දිනන කණ්ඩායමක් වෙන්න ඕනෙ. අපේ ක්‍රිකට්වලට පහුගිය කාලෙ අපි බැන්නනේ. මෙයාව මාරු කරන්න ඕනෙ, මුංගෙ විනය හරි නෑ කියලා. මේකෙත් ඒ වගේ තමයි…
සැකසුම – චානක ලියනගේ